27 හැවිරිදි ෂේන් ටමුරා ඔහුගේ මේ අසනීපයට වෛද්‍ය උපකාර සොයමින් සිටි බව හෙළිවී තිබෙනවා. හිස පිටුපසට එන්නත් විදගැනීම ද මීට ඇතුළත්.
පසුගිය සතියේ මෑන්හැටන් ගොඩනැගිල්ලේ සිදුකළ ප්‍රහාරයෙන් ටමුරා පුද්ගලයන් සිව දෙනෙක් මරුමුවට පත්කර NFL සේවකයෙකුට බරපතල තුවාල සිදු කළා.
සිද්ධියෙන් මිය ගිය එක් පුද්ගලයෙකු වූයේ රාජකාරි වේලාව නිමකර සිටි පොලිස් නිලධාරියෙක්. ටමුරා ඉන්පසුව ඔහු ට ම වෙඩි තබාගෙන මිය ගියා.
මීට පෙර සියදිවි නසාගත් සමහර අමෙරිකානු පාපන්දු ක්‍රීඩකයන් තුළ තිබී සොයා ගත්, පුද්ගලයෙකුගේ මරණයෙන් පසුව පමණක් නිශ්චය කළ හැකි CTE නමැති මොළයේ ආබාධය ටමුරාටත් තිබුනා දැයි තවමත් පැහැදිලි නැහැ.
ඔහු හිසරදයෙන් පීඩා විඳින්නට පටන් ගත්තේ උසස් පාසලේ අමෙරිකානු පාපන්දු ක්‍රීඩා කරද්දී බව පැවසෙනවා. ඉන්පසු ඒ හිසේ වේදනාවන් ඔහු වැඩිවියට පත්වන විටත් දිගටම තිබී ඇති අතර මේ අපහසුතාවෙන් සහනයක් ලබා ගැනීම පිණිස ඔහු වේදනා නාශක පෙති පාවිච්චි කර තිබෙනවා.

ටමුරා ට මීට පෙර ශරීරයේ අප්‍රාණික ගතිය සඳහා ප්‍රතිකාර ලබා දී ඇති බව දැන් හෙළි වී තිබෙනවා. ඔහු 2022 වසර සහ නැවත 2024 යන අවස්ථා දෙකකදීම මානසික සෞඛ්‍යයේ දුෂ්කර තත්ත්වයකට පත්වූ විට පොලිසිය විසින් ඔහුව අල්ලාගෙන සිටි බව ප්‍රකාශ වනවා.
සාමාන්‍යයෙන් මේ අල්ලාගෙන සිටීමෙන් සිදුවන්නේ මානසික සෞඛ්‍ය පහසුකම් ආයතනයකට හෝ රෝහලකට ගෙන එන පුද්ගලයෙකුට, ඔහු තවදුරටත් අනුන්ට අනතුරක් නොවන බවට සහතික වනතුරු වෛද්‍ය විශාරදයන් විසින් ප්‍රතිකාර කිරීමයි.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
සබැඳි පුවත් :
නිව්යෝක් වෙඩි තබන්නා චෝදනා කළ CTE නමැති මොළයේ රෝගය
අමෙරිකානු පාපන්දු ලීගයෙන් පළිගන්න ගොස් සිවු දෙනෙකු මරා දැමූ තුවක්කුකරුට පාර වැරදිලා




