The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
ක්‍රීඩා

පාපන්දු රස්තියාදුකාරයන්ට වැඩ වරදී

T

The Leader Desk

August 7, 2025 • 10:46 AM

  පාපන්දු රස්තියාදුකාරයන්ට වැඩ වරදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාපන්දු තරග නැරඹීමට පැමිණ කලකෝලාහල ඇති කරන රස්තියාදුකාරයන් හඳුනා ගැනීම සඳහා ඩී.එන්.ඒ. (DNA) ස්ප්‍රේ භාවිතා කිරීමට එංගලන්ත පොලිසිය තීරණය කර තිබෙනවා.
  • ‌‌මේ උසස් තාක්ෂණයේ SelectaDNA වාෂ්ප පටලය පුද්ගලයෙකුගේ සම හා ඇඳුම්වල නොපෙනෙන දියරයක් සලකුණු කරන බැවින් වැරදි ලෙස හැසිරුණු පුද්ගලයන් පසුකලෙක වුව ද හඹා යාමට පොලිසියට පහසු වනවා.
  • පාපන්දු තරගවල වර්ධනය වෙමින් තිබෙන පාදඩකම නතර කිරීමේ ප්‍රයත්නයක් ලෙස එංගලන්තයේ සියලුම දෙවැනි කොටසේ ලීග් තරගවල මේ ස්ප්‍රේ පාවිච්චි කිරීමට තීරණය කර තිබෙනවා.
  •   පොලිසිය මේ ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ එංගලන්තය හා වේල්සය හරහා වාර්තා වූ කලබල හටගත් තරග සංඛ්‍යාවේ සියයට 18ක බිය උපදවන වැඩිවීමක් පෙන්නුම් කර මාසයකටත් අඩු කාලයකට පසුව.
අකුරු ප්‍රමාණය (Font Size):


නොහික්මුණු ආකාරයෙන් හැසිරෙන අවිනීත පුද්ගලයන් වෙත ඉසින මේ ස්ප්‍රේ දියරය මාස ගණනාවක් යනතුරු ඔවුන්ගේ ශරීරයේ සහ ඇඳුම්වල ඇලවී තිබෙන අතර එය පාපන්දු තරගවල සිදුවන සමාජ විරෝධී හැසිරීම්වලට එරෙහිව සටන් කරන පොලිස් භටයන්ට උපකාරයක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

‌‌මේ උසස් තාක්ෂණයේ SelectaDNA වාෂ්ප පටලය පුද්ගලයෙකුගේ සම හා ඇඳුම්වල නොපෙනෙන දියරයක් සලකුණු කරන බැවින් වැරදි ලෙස හැසිරුණු පුද්ගලයන් පසුකලෙක වුව ද හඹා යාමට පොලිසියට පහසු වනවා.

මේ ස්ප්‍රේ දියරය මාස ගණනක් වුව ද ක්‍රියාත්මකව පවතින අතර එහි ගමන් මඟ සලකුණු කෙරෙන්නේ එහි තිබෙන දීප්තිමත් UV එළියෙන්.

selectadna tagging spray dna tagging 1014793911
එංගලන්තයේ අනෙකුත් පොලිස් හමුදාවන් මෙන්ම චෙෂ පොලිස් බලකාය ද, වැඩිවෙමින් තිබෙන පාපන්දු ක්‍රීඩා ලෝලීන්ගේ කලබල මැඩපැවැත්වීමේ උත්සාහයක් වශයෙන් මේ නව තාක්ෂණය භාවිතා කිරීමට කටයුතු යොදමින් සිටිනවා.

පාපන්දු තරගවල වර්ධනය වෙමින් තිබෙන පාදඩකම නතර කිරීමේ ප්‍රයත්නයක් ලෙස එංගලන්තයේ සියලුම දෙවැනි කොටසේ ලීග් තරගවල මේ ස්ප්‍රේ පාවිච්චි කිරීමට තීරණය කර තිබෙනවා.

‌මේ වැඩපිළිවෙල දියත් කිරීම සිදුවන්නේ Crewe Alexandra සහ Port Vale කණ්ඩායම් අතර මාර්තු මාසයේ පැවති තරගයේ සිදුකළ සාර්ථක පෙරහුරුවකින් පසුව.

Accrington Stanley පිලට එරෙහිව එළඹෙන සෙනසුරාදා පැවැත්වෙන Crewe කණ්ඩායම මෙවර තරග වාරයේ සත්කාරකත්වය දක්වන ආරම්භක තරගය මේ අලුත් ස්ප්‍රේ වර්ගය භාවිතයට යොදා ගැනෙන පළමු තරගය වනවා.

 

oIoOCs7tCyPL3YvV1akBa9QO5QIzLLrnkkWUwecn
පොලිසිය මේ ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ එංගලන්තය හා වේල්සය හරහා වාර්තා වූ කලබල හටගත් තරග සංඛ්‍යාවේ සියයට 18ක බිය උපදවන වැඩිවීමක් පෙන්නුම් කර මාසයකටත් අඩු කාලයකට පසුව.

පාපන්දු තරගවල සමාජ විරෝධී හැසිරීම වැළැක්වීම සඳහා මේ ස්ප්‍රේ ආයුධය සමත් වනු ඇතැයි පොලිසිය අපේක්ෂා කරනවා.

අතිශයින් සියුම් වාෂ්ප පටලයේ අද්විතීය ලෙස කේතගත කර ඇති DNA අඩංගුව තිබෙන අතර එයින් සමට, ඇඳුමට හෝ යන්ත්‍ර සූත්‍රවලට හානියක් සිදුවන්නේ නැහැ.

නමුත් ඉතා වැදගත් කාරණය වන්නේ, මේ ද්‍රාවණය සෝදා හැරීමට ඉතාමත් අපහසු වීමයි. මෙය වැරදිකරුවන් හසුකර ගැනීමට උපකාරී වන සුවිශේෂ ලක්ෂණයක්.

images 2025 08 07T144515.874
පාපන්දු තරගවල කලබල ඇති කිරීමට සැලසුම් කරන රස්තියාදුකාර පුද්ගලයන් අල්ලා ගන්නා බවට පැහැදිලිව කරන අනතුරු ඇඟවීමකි මේ නව තාක්ෂණය.

රට පුරා ආයතනවලට හඳුන්වා දීමට යන මේ ස්ප්‍රේ කට්ටල සොරුන් විසින් කරනු ලබන අපරාධ වැළැක්වීම සඳහා ද යොදා ගැනීමට පොලිසිය කටයුතු කරගෙන යනවා.

මේ ස්ප්‍රේ දියරය ගොවිපල, වාහන හා කේබල් වැනි දේවල් සොරුන්ගෙන් ආරක්ෂා කිරීම පිණිස යොදා ගැනීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.



(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...