The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
ක්‍රීඩා

අමෙරිකානු බාස්කට්බෝල් ආරක්ෂක නිලධාරියෙක් ඩොලර් මිලියන ගණනක ක්‍රීඩා සිහිවටන සොරකම් කරලා

T

The Leader Desk

August 9, 2025 • 2:38 PM

අමෙරිකානු බාස්කට්බෝල් ආරක්ෂක නිලධාරියෙක් ඩොලර් මිලියන ගණනක ක්‍රීඩා සිහිවටන සොරකම් කරලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඩොලර් මිලියන ගණනක් වටිනා ක්‍රීඩා සිහිවටන සොරකම් කර විකිණීම සම්බන්ධයෙන් අමෙරිකාවේ ප්‍රධානතම වෘත්තීය බාස්කට්බෝල්
  • මාකොස් තොමාස් පෙරෙස් (Marcos Thomas Perez) නමැති මේ ආරක්ෂක නිලධාරියා 2016 සිට 2021 දක්වා වසර පහක කාලයක් මයාමි හීට් කණ්ඩායම සමග කටයුතු කිරීමෙන් පසුව වසර 2022 සිට 2025 දක්වා NBA ලීගයේ රැකියාව කර තිබෙනවා.
  • මයාමි හීට් සමග ගතකළ කාලය අතරතුර පෙරෙස්, තරග පැවැත්වෙන දිනවලදී එම කණ්ඩායමේ නිවහන වන දැන් Kaseya Center ලෙස නම් කර තිබෙන මධ්‍යස්ථානයේ ආරක්ෂක නිලධාරී කණ්ඩායමේ කෙනෙකුව සිටි බව පැවසෙනවා.
  • මේ 62 හැවිරිදි පුද්ගලයා ඩොලර් මිලියන දෙකකට ආසන්න වටිනාකමක් ඇති සොරාගත් අයිතම 100කට වැඩි ප්‍රමාණයක් සාධාරණ වෙළඳපොලේ වටිනාකමට වඩා අඩුවෙන් අලෙවි කර ඒවා අමෙරිකානු ප්‍රාන්ත හරහා නැව් මගින් යවා ඇතැයි පැමිණිල්ල කියා සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ලීගය වන ජාතික බාස්කට්බෝල් සංගමයේ (NBA) මයාමි හීට් (Miami Heat) කණ්ඩායමේ හිටපු ආරක්ෂක නිලධාරියෙකු චෝදනා ලැබ සිටිනවා.

මාකොස් තොමාස් පෙරෙස් (Marcos Thomas Perez) නමැති මේ ආරක්ෂක නිලධාරියා 2016 සිට 2021 දක්වා වසර පහක කාලයක් මයාමි හීට් කණ්ඩායම සමග කටයුතු කිරීමෙන් පසුව වසර 2022 සිට 2025 දක්වා NBA ලීගයේ රැකියාව කර තිබෙනවා.

මයාමි හීට් සමග ගතකළ කාලය අතරතුර පෙරෙස්, තරග පැවැත්වෙන දිනවලදී එම කණ්ඩායමේ නිවහන වන දැන් Kaseya Center ලෙස නම් කර තිබෙන මධ්‍යස්ථානයේ ආරක්ෂක නිලධාරී කණ්ඩායමේ කෙනෙකුව සිටි බව පැවසෙනවා.

පෙරෙස් කිහිප වතාවක්ම වටිනා සිහිවටන තබා තිබෙන ආරක්ෂිත උපකරණ සහිත කාමරයකට පිවිස අනාගත මයාමි හීට් කෞතුකාගාරයක් සඳහා වෙන්කර තිබූ, තරගවලට අඳින ලද කමිස 400කට වැඩි ප්‍රමාණයක් හා වෙනත් අයිතම සොරකම් කර පසුව ඒවා මාර්ගගත (ඔන්ලයින්) තැරැව්කරුවන්ට අලෙවි කර ඇති බවට හෙළිවී තිබෙනවා.

මේ 62 හැවිරිදි පුද්ගලයා ඩොලර් මිලියන දෙකකට ආසන්න වටිනාකමක් ඇති සොරාගත් අයිතම 100කට වැඩි ප්‍රමාණයක් සාධාරණ වෙළඳපොලේ වටිනාකමට වඩා අඩුවෙන් අලෙවි කර ඒවා අමෙරිකානු ප්‍රාන්ත හරහා නැව් මගින් යවා ඇතැයි පැමිණිල්ල කියා සිටිනවා.

LeBron James නමැති සුප්‍රකට අමෙරිකානු බාස්කට්බෝල් තරුව පැළඳ සිටි NBA අවසාන තරගයක කමිසය පෙරෙස් ඩොලර් 100,000කට විකුණා තිබෙන අතර පසුව එය Sotheby වෙන්දේසියේ ඩොලර් මිලියන 3.7ක මුදලකට අලෙවි වූ බව බලධාරීන් ප්‍රකාශ කරනවා.

පසුගිය අප්‍රේල් මාසයේදී බලධාරීන් සෝදිසි වරෙන්තුවක් මගින් පෙරෙස්ගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේ තරගවලට පළඳින ලද කමිස 300ක් සහ තරග සිහිවටන සොයා ගත්තා.

වසර 25ක සේවා කාලයකින් පසුව විශ්‍රාම ගිය මයාමි නගරයේ පොලිස් නිලධාරියෙකු වන පෙරෙස්, සොරාගත් භාණ්ඩ අන්තර් ප්‍රාන්ත වෙළඳාමේ ප්‍රවාහනය කිරීම හා වෙනත් තැනකට මාරු කිරීමේ චෝදනා යටතේ පසුගියදා පළමු වරට උසාවියේ පෙනී සිටියා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අමෙරිකානු බාස්කට්බෝල් ආරක්ෂක නිලධාරියෙක් ඩොලර් මිලියන ගණනක ක්‍රීඩා සිහිවටන සොරකම් කරලා | The Leader