The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
ක්‍රීඩා

2025 ආසියානු කුසලානය සැප්තැම්බර් 9 සිට 28 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ: ශ්‍රී ලංකාවේ පළමු තරගය බංග්ලාදේශය සමග

T

The Leader Desk

July 27, 2025 • 3:35 PM

2025 ආසියානු කුසලානය සැප්තැම්බර් 9 සිට 28 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ: ශ්‍රී ලංකාවේ පළමු තරගය බංග්ලාදේශය සමග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2025 ආසියානු කුසලානය දිනා ගැනීමේ මෙහෙයුම සැප්තැම්බර් 13 වැනිදා පැවැත්වෙන බංග්ලාදේශය ට එරෙහි
  • කොටස් දෙකකට බෙදුනු කණ්ඩායම් අටක් ආසියානු මහාද්වීපයේ ක්‍රිකට් කිරුළ දිනා ගැනීමේ තරගාවලියට සහභාගි වන අතර ශ්‍රී ලංකාව අයත්ව සිටින ‘බී’ කොටසට ඇතුළත් අනෙකුත් කණ්ඩායම් වන්නේ බංග්ලාදේශය, හොංකොං සහ ඇෆ්ගනිස්තානය.
  • තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අනෙක් තරග දෙක හොංකොං කණ්ඩායමට එරෙහිව සැප්තැම්බර් 15 වැනිදාත්, ඇෆ්ගනිස්තානය ට එරෙහිව සැප්තැම්බර් 18 වැනිදාත් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
  • මෙවර ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ වන්නේ ඇෆ්ගනිස්තානය සහ හොංකොං අතර සැප්තැම්බර් 9 වැනිදා ක්‍රීඩා කෙරෙන තරගයෙන්.
අකුරු ප්‍රමාණය (Font Size):

තරගයෙන් ආරම්භ කරනවා.

ලබන වසරේ පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියට පෙර එම විස්සයි20 ආකෘතියෙන් ක්‍රීඩා කෙරෙන මෙවර ආසියානු කුසලාන තරගාවලිය සැප්තැම්ර් 9 සිට 28 දක්වා පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ.

කොටස් දෙකකට බෙදුනු කණ්ඩායම් අටක් ආසියානු මහාද්වීපයේ ක්‍රිකට් කිරුළ දිනා ගැනීමේ තරගාවලියට සහභාගි වන අතර ශ්‍රී ලංකාව අයත්ව සිටින ‘බී’ කොටසට ඇතුළත් අනෙකුත් කණ්ඩායම් වන්නේ බංග්ලාදේශය, හොංකොං සහ ඇෆ්ගනිස්තානය.

ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ඕමානය ‘ඒ’ කොටසට අයත් රටවල්.

තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අනෙක් තරග දෙක හොංකොං කණ්ඩායමට එරෙහිව සැප්තැම්බර් 15 වැනිදාත්, ඇෆ්ගනිස්තානය ට එරෙහිව සැප්තැම්බර් 18 වැනිදාත් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙවර ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ වන්නේ ඇෆ්ගනිස්තානය සහ හොංකොං අතර සැප්තැම්බර් 9 වැනිදා ක්‍රීඩා කෙරෙන තරගයෙන්. තරගාවලියේ බොහෝ දෙනාගේ වැඩි අවධානය යොමුව තිබෙන ඉන්දියා - පාකිස්තාන පරම ප්‍රතිවාදීන්ගේ සටන පැවැත්වීමට නියමිතව තිබෙන්නේ සැප්තැම්බර් 14 වැනිදා.

සැප්තැම්බර් 9 සිට 19 දක්වා පැවැත්වෙන මූලික වටයෙන් පසුව ‘ඒ’ සහ ‘බී’ කොටස්‌වල ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක බැගින් ‘සුපිරි හතර’ වටයට සුදුසුකම් ලබන අතර එම වටය සැප්තැම්බර් 20 ආරම්භ වී 26 දක්වා පැවැත්වෙනවා. ‘සුපිරි හතර’ අදියර සම්පූර්ණ වීමෙන් පසුව ලකුණු සටහනේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක සැප්තැම්බර් 28 වැනිදා අවසාන තරගයට මුහුණ දෙනවා.

2025 ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ ඉන්දියාව. සම්පූර්ණ තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළේ ඊයේ සෙනසුරාදා. ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින අර්බුදකාරී තත්ත්වය මත හටගෙන තිබූ මේ තරගාවලිය පැවැත්වීමේ අවිනිශ්චිතභාවය එම තීරණයත් සමග අවසන් වුනා.

සෙනසුරාදා වනතුරු ම ආසියානු ක්‍රිකට් කුසලානයේ ඉරණම නූලෙන් එල්ලී තිබුනේ න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ අසල්වැසි රටවල් දෙක අතර තිබෙන දේශපාලනික මතභේද හේතුවෙන් තම ක්‍රීඩකයන් ඉන්දියාව ට යැවීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ කැමැත්තක් නොතිබූ බැවින්. සංචාරකයින් 26 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ පෙහෙල්ගම් ප්‍රහාරයෙන් පසුව දෙරට අතර හටගත් කෙටි යුද්ධය නිසා ඉන්දියාව හා පාකිස්තානය අතර තිබෙන නොඉවසුම් ගතිය පෙර නොවූ විරූ ඉහළ මට්ටමකට වර්ධනය වුනා.

පාකිස්තානය ට අමතරව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයෙන් ද තරගාවලිය ප්‍රතික්ෂේප කිරීමක් ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තුවෙන් සිටි බව වාර්තා වුනා. ඊට හේතුව වී තිබුනේ ප්‍රබල රාජ්‍ය විරෝධී මහජන විරෝධතා මධ්‍යයේ පසුගිය වසරේදී බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් නෙරපා හැරීමෙන් පසුව නවදිල්ලිය හා ධකා යන  අගනගර අතර උත්සන්න වෙමින් තිබෙන දේශපාලනික නොසන්සුන්තාව.

ඊට අමතරව, බංග්ලාදේශ අගනුවර ජූලි 24 වැනිදා පැවති ආසියානු ක්‍රිකට් කවුන්සලයේ වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගි නොවීමට ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය විසින් ද, බංග්ලාදේශය ඔවුන්ගේ කණ්ඩායමක් ආසියානු කුසලානය සඳහා ඉන්දියාව ට යැවීම ප්‍රතික්ෂේප කිරීමට තිබූ අවස්ථාව වැඩිකර තිබුනා.

එබැවින්, මේ සියලු මතභේදයන්ගෙන් ඉවත් වීමට කල්පනා කරමින් ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය, මේ වසර මුල පාකිස්තානයේ පැවති චැම්පියන්ස් කුසලාන තරගාවලිය වෙනුවෙන් යොදා ගත් හයිබ්‍රිඩ් මාදිලිය භාවිතා කරනවා වෙනුවට ආසියානු කුසලාන තරගාවලියේ සියලුම තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කළා.

සීමිත ඕවර 50 ආකෘතියෙන් අවසන් වතාවට 2023 වසරේ ක්‍රීඩා කෙරුනු ආසියානු කුසලාන තරගාවලියට සත්කාරකත්වය දැරුවේ පාකිස්තානය. කෙසේ වෙතත්, ඒ අවස්ථාවේදී ද, නැවත වතාවක් ද්විපාර්ශ්වික දේශපාලන අර්බුද මත සිය තරග ක්‍රීඩා කිරීමට පාකිස්තානය ට නොගිය ඉන්දියා කණ්ඩායම ඔවුන්ගේ තරග ක්‍රීඩා කළේ ශ්‍රී ලංකාවේ.

2022 වසරේදී අවසන් වරට විස්සයි20 ආකෘතියෙන් පැවති ආසියානු කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා. එහි අවසාන තරගයේදී ඔවුන් වෙතින් පරාජය ලැබුවේ පාකිස්තානය.

ආසියානු කුසලානය 2025 මූලික වටයේ තරග සටහන

සැප්තැම්බර් 9 - ඇෆ්ගනිස්තානය හා හොංකොං අතර

සැප්තැම්බර් 10 - ඉන්දියාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර

සැප්තැම්බර් 11 - බංග්ලාදේශය හා හොංකොං අතර

 සැප්තැම්බර් 12 - පාකිස්තානය හා ඔ්මානය අතර

සැප්තැම්බර් 13 - ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර

සැප්තැම්බර් 14 - ඉන්දියාව හා පාකිස්තානය අතර

සැප්තැම්බර් 15 - එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ඔ්මානය අතර

සැප්තැම්බර් 15 - ශ්‍රී ලංකාව හා හොංකොං අතර

සැප්තැම්බර් 16 - බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය අතර

සැප්තැම්බර් 17 - පාකිස්තානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර

සැප්තැම්බර් 18 - ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...