The Leader News
BREAKING
Top Ad
පුවත්

2026 අයවැය තුනෙන් දෙකෙන් සම්මතයි

T

The Leader Desk

December 5, 2025 • 5:12 PM

2026 අයවැය තුනෙන් දෙකෙන් සම්මතයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2026) තෙවැනි වර කියවීම තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සංශෝධන සහිතව
  • පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 158ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 1ක් පමණි.
  • අයවැය දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් මස 8  වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්විණ.
  • ඊට පසු කාරක සභා අවස්ථාවේ විවාද නොවැම්බර් මස 15 වැනිදා ආරම්භ වූ අතර  අවසාන විවාදය ඊයේ පැවැත්විණ.
අකුරු ප්‍රමාණය (Font Size):

පාර්ලිමේන්තුවේදී අද (5)  පස්වරුවේ සම්මත විය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 158ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 1ක් පමණි.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු  දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැලකී සිටියහ.

පනත් කෙටුම්පතට පක්ෂව  ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය නොවැම්බර් මස 7  වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් මස 8  වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්විණ.

ඊට පසු කාරක සභා අවස්ථාවේ විවාද නොවැම්බර් මස 15 වැනිදා ආරම්භ වූ අතර  අවසාන විවාදය ඊයේ පැවැත්විණ.

ඊයේ  පැවැත්වුණේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයයි

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...