එහෙත් ලිතුවේනියාවේ අධි මැරතන් ධාවක ඇලෙක්සැන්ඩ සොරොගන් (Aleksandr Sorokin) මේ දුර දිවුවේ පැය 24කින්. ඒ, අධි මැරතන් ධාවකයන්ගේ ජාත්‍යන්තර සංගමයේ (IAU – International Association of Ultrarunners) 2022 වසරේ පැය 24 යුරෝපීය ශූරතාවලියේ තරග කළ අවස්ථාවේ.
2022 සැප්තැම්බර් 16 වැනිදා ඉතාලියේ වෙරෝන් නගරයෙන් දිවීම ඇරඹූ මේ ධාවකයා හැතැප්ම 198.598 (කිලෝමීටර් 319.614) දුරක් පැය 24ක් ඇතුළත සම්පූර්ණ කළා.
සිය උපන් රට වන ලිතුවේනියාවේ මුළු දිග ප්‍රමාණය වන හැතැප්ම 200ක දුරට සමාන වූ මේ සමස්ත දිවීමේදී ඇලෙක්සැන්ඩ පැයට මිනිත්තු 7 තත්පර 15ක (4:30/km) වේගයක සාමාන්‍යයක් සටහන් කළේ ප්‍රතිවාදීන් සියලු දෙනාවම පසුකර යමින්. ඔහු අවසන් රේඛාව හරහා පියඹා ගියේ තරගයේ වාර්තාව මෙන්ම පැය 24ක් තුළ ධාවනය කළ වැඩිම දුර ප්‍රමාණයේ ගිනස් ලෝක වාර්තාව ද හිමිකර ගනිමින්. ඔහු සටහන් කළ මේ කාලය තවමත් අපරාජිතව තිබෙනවා.

මේ ජයග්‍රහණයත් සමග 43 හැවිරිදි ඇලෙක්සැන්ඩ පසුගිය වසරේ අගෝස්තුවේ ඔහු පිහිටුවා තිබූ හැතැප්ම 188.6 (කිමී 303.506) වාර්තාව මකා දැමුවා.
2019, 2021, 2022 හා 2023 යන වසරවල IAU වසරේ මලල ක්‍රීඩකයා සම්මානය දිනාගෙන සිටින ඇලෙක්සැන්ඩ සොරොගන් පහත සඳහන් ගිනස් ලෝක වාර්තා ද හිමිකර ගෙන සිටිනවා.

*වේගවත්ම කිමී 100 අධි දුර - පැය 6 මිනිත්තු 5 තත්පර 35
*වේගවත්ම හැතැප්ම 100 දිවීම අධි දුර - පැය10 මිනිත්තු 51 තත්පර 39
*වේගවත්ම කිමී 100 මාර්ග ධාවනය - පැය6 මිනිත්තු 5 තත්පර 35
*වැඩිම දුර දිවීම පැය 6ක් තුළ අධි දුර - හැතැප්ම 61.2 (කිමී 98.5)
*වැඩිම දුර දිවීම පැය 12ක් තුළ අධි දුර - හැතැප්ම 110.2 (කිමී 177.4)
එහෙත් මේ අධි මැරතන් ශූරයා 2013 වසර වනතුරුම මැරතන් ධාවනයට පිවිසියේ නැහැ. ඊට පෙර, උරහිසේ ආබාධයක් නිසා විශ්‍රාම යනතෙක් ඔහු වසර ගණනාවක්ම කයැක් ඔරු පැදීමේ ශූරයෙකුව සිටියා.
(සටහන | වර්නන් ගුණසේකර)ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




