The Leader News
BREAKING
Top Ad
පුවත්

බංකොලොත්භාවයෙන් රට ගොඩනගන සජබ ආර්ථික සැලසුම් 3.0 එළිදක්වයි

T

The Leader Desk

September 5, 2024 • 4:42 PM

බංකොලොත්භාවයෙන් රට ගොඩනගන සජබ ආර්ථික සැලසුම් 3.0 එළිදක්වයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හෙතෙම මෙලස පැවසුවේ සමගි ජන බලවේගයේ ආර්ථික කණ්ඩායම එකට එක්ව සකස් කරන ලද ‘බංකොලොත්භාවයෙන් රට ගොඩ ගැනීමේ ආර්ථික සැලසුම් යෝජනා සහිත Blueprint 3.0 ආර්ථික සැලසුම’ ඊයේ (04) කොළඹ දී ජනගත කළ අවස්ථාවේ දී ය.
  • ‘‘අතීතයේ ශ්‍රී ලංකාව සතුව බොහෝ අපේක්ෂා දල්වන සුළු සැලසුම් පැවතිය ද, ඒවා ඵලදායී ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ම අසාර්ථකත්වයට පත්වුණා.
  • එය පිටුදැකීම වෙනුවෙන් අපි තීරණාත්මක ක්‍රියාමාර්ග සඳහා වන ඇරයුම් ඉදිරිපත් කරනවා.
  • ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න සහ කබීර් හෂිම් ඇතුළු එහ ආර්ථික කණ්ඩායම සර්වග්‍රාහී වර්ධනය, පොදු සමෘද්ධිය සහ තිරසර ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්ති සංවර්ධනයේ පෙරමුණේ ගෙන සිටින අය යි.
අකුරු ප්‍රමාණය (Font Size):


හෙතෙම මෙලස පැවසුවේ සමගි ජන බලවේගයේ ආර්ථික කණ්ඩායම එකට එක්ව සකස් කරන ලද ‘බංකොලොත්භාවයෙන් රට ගොඩ ගැනීමේ ආර්ථික සැලසුම් යෝජනා සහිත Blueprint 3.0 ආර්ථික සැලසුම’ ඊයේ (04) කොළඹ දී ජනගත කළ අවස්ථාවේ දී ය.

මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ ආර්ථික කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයින් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න සහ කබීර් හෂිම් යන අය එක්ව සිටියහ.

මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින්, ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ හදිසි අවශ්‍යතාව සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ඒකාබද්ධ දේශපාලන නායකත්වයක අවශ්‍යතාව අවධාරණය කරමින් පැමිණ සිටි පිරිස අමතන ලදී.

‘‘අතීතයේ ශ්‍රී ලංකාව සතුව බොහෝ අපේක්ෂා දල්වන සුළු සැලසුම් පැවතිය ද, ඒවා ඵලදායී ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ම අසාර්ථකත්වයට පත්වුණා. ජාතියේ ප්‍රගතියට තියෙන ප්‍රධානතම බාධක දේශපාලන අවස්ථාවාදය සහ ස්වාර්ථය යි. එය පිටුදැකීම වෙනුවෙන් අපි තීරණාත්මක ක්‍රියාමාර්ග සඳහා වන ඇරයුම් ඉදිරිපත් කරනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඉටු කිරීමට සමත් එක ම කණ්ඩායම සමගි ජන බලවේගය සතුයි. ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න සහ කබීර් හෂිම් ඇතුළු එහ ආර්ථික කණ්ඩායම සර්වග්‍රාහී වර්ධනය, පොදු සමෘද්ධිය සහ තිරසර ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්ති සංවර්ධනයේ පෙරමුණේ ගෙන සිටින අය යි.

ශ්‍රී ලංකාව නැවත ගොඩගැනීමේ දී රටේ ගැඹුරින් මුල් බැස ගත් අභියෝග සඳහා විසඳුම් ලබා දීමට විස්තීරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණක් සමගින් පාර්ලිමේන්තුවේ පැහැදිලි සහ ඒකාබද්ධ ජනවරමක් ද අවශ්‍ය යි. මෙවර ජනාධිපතිවරණයේ දී ඔබ තමුන්සේලාගේ වගකිම වන්නේ අදාළ සැලැස්ම සහ ඒ පිටුපස සිටින කණ්ඩායම යන දෙ අංශයම සැලකිල්ලට ලක් කිරීම යි.’’

53fg342

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...