The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
ක්‍රීඩා

පාසල් 3000කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25,000ක්: සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල අගෝස්තු 11 සිට

T

The Leader Desk

August 6, 2025 • 11:39 AM

පාසල් 3000කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25,000ක්: සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල අගෝස්තු 11 සිට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිවයිනේ පළාත් හතක පාසල් තුන්දහසකට අධික ප්‍රමාණයක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 25,000කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වන 2025 සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල ලබන 11 වැනිදා ආරම්භ වනවා.
  •   බස්නාහිර, උතුරු මැද, වයඹ, නැගෙනහිර, ඌව, දකුණ හා සබරගමුව යන පළාත් 7 කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන මේ ක්‍රීඩා උළෙලට තරග ඉසව් 70කට වැඩි ප්‍රමාණයක් ඇතුළත්ව තිබෙනවා.
  •   මේ ක්‍රීඩා උළෙලේ සමාරම්භක අවස්ථාව ලෙස සැලකෙන්නේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අගෝස්තු 11 සිට 14 දක්වා පැවැත්වෙන බස්නාහිර පළාත් ක්‍රීඩා උළෙල.
  • ඌව පළාත් ක්‍රීඩා උළෙල අගෝස්තු 19 සිට 23 දක්වා පැවැත්වෙන්නේ බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන මේ දැවැන්ත ක්‍රීඩා උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ධාන්‍යමය ආහාරය වන සමපෝෂ අනුග්‍රහය දක්වන්නේ 9 වැනි වතාවට.
 
බස්නාහිර, උතුරු මැද, වයඹ, නැගෙනහිර, ඌව, දකුණ හා සබරගමුව යන පළාත් 7 කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන මේ ක්‍රීඩා උළෙලට තරග ඉසව් 70කට වැඩි ප්‍රමාණයක් ඇතුළත්ව තිබෙනවා. ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කුසලාන, පදක්කම් හා සහතික පත්‍ර පිරිනැමීමට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා.
IMG 5154 1170x514
 
මේ ක්‍රීඩා උළෙලේ සමාරම්භක අවස්ථාව ලෙස සැලකෙන්නේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අගෝස්තු 11 සිට 14 දක්වා පැවැත්වෙන බස්නාහිර පළාත් ක්‍රීඩා උළෙල. ඌව පළාත් ක්‍රීඩා උළෙල අගෝස්තු 19 සිට 23 දක්වා පැවැත්වෙන්නේ බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ.
 
අගෝස්තු 19 සිට 22 දක්වා මාතර කොටවිල ක්‍රීඩාංගණයේදීයි දකුණු පළාත් ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ.

උතුරු මැද පළාත් ක්‍රීඩා උළෙල අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී අගෝස්තු 10 සිට 23 දක්වා පැවැත්වෙනවා.

නැගෙනහිර පළාත් ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 3 සිට 7 දක්වා මඩකලපුව වෙබර් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි නියමිත.

සැප්තැම්බර් 2 සිට 6 දක්වා වෙන්නප්පුව ඇල්බර්ට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදීයි වයඹ පළාත් ක්‍රීඩා උළෙල පැවැත්වීමට කටයුතු යෙදා තිබෙන්නේ.

සබරගමුව පළාත් ක්‍රීඩා උළෙල රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් 2 සිට 6 දක්වා පැවැත්වෙනවා.

උතුර හා මධ්‍යම පළාත් දෙක මේ ක්‍රීඩා උළෙලට ඇතුළත් වී නැහැ. නමුත් ඒ පළාත් දෙක මේ ක්‍රීඩාවලට සම්බන්ධ නොවන බවක් ඉන් නොහැඟෙන බව අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) අනුර අබේවික්‍රම මහතා ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී කියා සිටියා.
 
cbluio
 
“ඒ පළාත් දෙකේත් මේ විදියටම කොට්ටාස කලාප තරග තියලා පළාත් තරග පවත්වනවා. නමුත් ඒ පළාත් දෙක මේ අනුග්‍රහයට ඇතුළත්ව නැති නිසා ඉදිරියේදී ඒ පළාත් දෙකටත් මේ වගේ අනුග්‍රහය ලබා දෙන ලෙසට මා ඉල්ලා සිටිනවා. සමස්ත ලංකා ක්‍රීඩා උළෙලට දිවයිනේ පළාත් නවය ම මේ සියලු ක්‍රීඩා ඉසව්වලට සහභාගි වෙනවා.”

මීට පිළිතුරු දෙමින් අනුග්‍රාහක සමපෝෂ නිෂ්පාදකයන් වන CBL සමාගමේ ආහාර අංශයේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී මංජුල දහනායක මහතා මෙසේ ප්‍රකාශ කළා: “සමාගමක ඔ්නෑම සන්නාමයකට යම් කිසි මුදලක් තියෙනවා ඒ සන්නාමය වෙනුවෙන් ප්‍රවර්ධනයට වියදම් කරන්න. ඒ මුදල් අනුව අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ අවුරුද්දේ මේ පළාත් දෙකත් එකතු කර පළාත් නවයම සම්බන්ධ කරගෙන ‌මේ ක්‍රීඩා උළෙල පවත්වන්නේ කොහොමද කියලා සොයා බලන්න. එතැනට එන්න අපි උපරිම උත්සාහයක් ගන්නවා. එසේ නැතිව, අපි ඒ පළාත් දෙක අමතක කර ඒවා අයින් කරලා නැහැ. අපි මුලින් එක පළාතකින් පටන් ගෙන පළාත් පහකට ඇවිත් දැන් පළාත් හතක ඉන්නවා. මෙය අපි නව වැනි වතාවට අනුග්‍රහය දක්වන අවස්ථාවයි.”

ගොවි පවුල් 20,000ක්
IMG 5148 1024x984
සමපෝෂ නමැති ධාන්‍යමය ආහාරය නිෂ්පාදනය කිරීම සඳහා සෝයා, බඩඉරිඟු, මුංඇට හා සහල් යන අමුද්‍රව්‍ය හතර යොදා ගන්නා බවත් කිසිම කෘතිම රසකාරකයක් පිටතින් නොගෙනන අතර ශරීරයට අහිතකර කිසිම ද්‍රව්‍යයක් මේ සමපෝෂ නිෂ්පාදනයට සම්බන්ධ කර නොගන්නා බවත් දහනායක මහතා මෙහිදී පෙන්වා දුන්නා.
 
ඒ මහතා තවත් කාරණයක් මෙසේ අනාවරණය කළා: “අපි ලංකාවේ ගොවි පවුල් 20,000කට වඩා වැඩි ප්‍රමාණයක් සමග එකතු වෙලා මේ ධාන්‍ය වර්ග හතර ලංකාවේ වගා කරනවා. යල මහ කන්න දෙකේ දළ වශයෙන් අක්කර 12,000කට වැඩි ප්‍රමාණයක් වගා කරලා එයින් ලබා ගන්නා ධාන්‍යවලින් තමයි සමපෝෂ නිෂ්පාදනය කරන්නේ. මේ හරහා මේ ගොවි පවුල්වල දායකත්වය අතිවිශිෂ්ටයි. අපි මේ ගොවි පවුල් සමග බොහොම ළඟින් වැඩකරන ගමන් ඒ අයට විශේෂිත මිලක් ලබා දී ඒ අයගේ ධාන්‍ය අලෙවි කරගන්න හොඳ පසුබිමක් සකස් කර දී තිබෙනවා. ඒ වගේම, ඒ පසුබිමට අමතරව අපි මේ අයට තාක්ෂණික දැනුම හා වගා කිරීමට අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබා දෙනවා. අපි ළඟ විස්සක විතර වෙනම කණ්ඩායමක් ඉන්නවා මේ හැම පළාතකටම ගිහින් බොහොම උනන්දුවෙන් මේ ගොවි මහත්වරු එක්ක එකතු වෙලා මේ කාර්යයට සහභාගි වෙන්න. දළ වශයෙන් කිවුවොත් ගිය වසරේ පමණක් අපි බිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් වියදම් කර තියෙනවා සමපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය මේ ධාන්‍ය වර්ග ලබා ගන්න. ඒ තමයි රට වෙනුවෙන්, ගොවි පවුල් වෙනුවෙන් අපේ දායකත්වය. බඩඉරිඟු පිටරටින් ගෙනාවා නම් මීට වඩා අඩු ගාණකට ගන්න පුළුවන්. නමුත් අපි ඊට වඩා වැඩි ගාණකටයි ගොවි මහතුන්ගෙන් මිලදී ගන්නේ. ඒක තමයි ඇත්ත කතාව. අපි සමපෝෂ ආහාරයට ගන්නා විට මේවා මතක් වෙන්නේ නැහැ. නමුත් ඇත්තටම මේ පිටුපස තියෙන්නේ ලොකු කතාවක්!”
2025 පළාත් පාසල් ක්‍රීඩා උළෙලට සමපෝෂ අනුග්‍රාහකත්වය පිරිනැමීම සිදුවූයේ මේ මාධ්‍ය හමුවේදීයි. එහිදී මංජුල දහනායක මහතා විසින් අනුර අබේවික්‍රම මහතා වෙත එම අනුග්‍රහය පිළිගැන්වූ අතර මේ අවස්ථාවට CBL Food Cluster සාමාන්‍යාධිකාරී (වෙළඳ) සචි ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ ප්‍රවර්ධන කළමනාකරු සිසිර ගුණවර්ධන සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ (ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) උතුරු මැද පළාත් සහකාර අධ්‍යක්ෂ කේ.කේ.සී.ඩී.පොරෝගම, වයඹ පළත් සහකාර අධ්‍යක්ෂ ජේ.එම්.ඩී.වසන්ත කුමාර, දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ බී.එම්.ක්‍රිශාන් දුමින්ද, නැගෙනහිර පළාත් සහකාර අධ්‍යක්ෂ ඒ.එච්.මොහමඩ්, ඌව පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ තනුජා විජේකෝන්, සබරගමුව පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩී.ඒ.ඩී.සුමිතා දෙල්ගොඩආරච්චි, බස්නාහිර පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ එල්.ඒ.ඩී.දම්මිකා කුලතුංග යන මහත්ම මහත්මීන් ද සහභාගි වුනා.

2019 පරාජයෙන් පළිගැනීමට එංගලන්තය මාන බලයි(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...