The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
ක්‍රීඩා

කිංස්වුඩ් - වෙස්ලි 39 වැනි බ්ලසේ කුසලාන රග්බි ගැටුම විදුලි ආලෝකය මධ්‍යයේ 16දා

T

The Leader Desk

August 8, 2025 • 4:39 PM

කිංස්වුඩ් - වෙස්ලි 39 වැනි බ්ලසේ කුසලාන රග්බි ගැටුම විදුලි ආලෝකය මධ්‍යයේ 16දා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කිංස්වුඩ් රග්බි නායක තවීශ ඒකනායක (වමේ) සහ වෙස්ලි රග්බි නායක සඳුල් ගම්මන්පිල බ්ලසේ කුසලානය සමග.
  • තරගය ආරම්භ වන්නේ පස්වරු 6.30 ට.
  • කිංස්වුඩ් රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස ආනන්ද කස්තුරිආරච්චි කටයුතු කරන අතර හෙන්රි ටෙරන්ස් වෙස්ලි රග්බි කණ්ඩායමේ පුහුණුකරුවායි.
  • 1986 වසරේ ආරම්භ වූ මේ තරගය පවත්වන්නේ ශ්‍රී ලාංකේය රග්බි ක්‍රීඩාවේ පුරෝගාමී පියා මෙන්ම කිංස්වුඩ් විදුහලේ නිර්මාතෘවරයා ද වන ලුවී එඩ්මන්ඩ් බ්ලසේ ට පුදකරන ගෞරවයක් ලෙස.
අකුරු ප්‍රමාණය (Font Size):

 

සහෝදර පාසල් දෙකක් වන මහනුවර කිංස්වුඩ් සහ කොළඹ වෙස්ලි අතර 39 වැනි බ්ලසේ කුසලාන රග්බි තරගය අගෝස්තු 16 වැනිදා පැවැත්වෙනවා.

ලොංඩන් පෙදෙසේ සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ විශේෂත්වය වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට එය විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වීම. තරගය ආරම්භ වන්නේ පස්වරු 6.30 ට.

තවීශ ඒකනායක කිංස්වුඩ් විදුහල් රග්බි කණ්ඩායම මෙහෙයවන අතර වෙස්ලි විදුහල් රග්බි කණ්ඩායමේ නායකත්වය දරන්නේ සඳුල් ගම්මන්පිල. කිංස්වුඩ් රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස ආනන්ද කස්තුරිආරච්චි කටයුතු කරන අතර හෙන්රි ටෙරන්ස් වෙස්ලි රග්බි කණ්ඩායමේ පුහුණුකරුවායි.

1986 වසරේ ආරම්භ වූ මේ තරගය පවත්වන්නේ ශ්‍රී ලාංකේය රග්බි ක්‍රීඩාවේ පුරෝගාමී පියා මෙන්ම කිංස්වුඩ් විදුහලේ නිර්මාතෘවරයා ද වන ලුවී එඩ්මන්ඩ් බ්ලසේ ට පුදකරන ගෞරවයක් ලෙස. ‌කිංස්වුඩ් හා වෙස්ලි විදුහල් දෙක ගාල්ල රිච්මන්ඩ් විදුහල ද සමග මෙතෝදිස්ත මිෂනාරි අධ්‍යාපනයක අන්‍යෝන්‍ය සහෝදරත්වයක් බෙදා ගන්නවා.

මංගල බ්ලසේ කුසලාන තරගය ජයග්‍රහණය කළේ රොනී ඉබ්‍රහිම්ගේ නායකත්වයෙන් යුත් කිංස්වුඩ් කණ්ඩායම. ඔවුන් වෙතින් පරාජය ලැබුවේ සුමේධ කුරුප්පු නායකත්වය දුන් වෙස්ලි කණ්ඩායම. බ්ලසේ කුසලානය පරිත්‍යාග කර තිබෙන්නේ කිංස්වුඩ් විදුහලේ කීර්තිමත් පුද්ගලයෙකු වන ආසියානු ඔලිම්පික් කමිටුවේ සහ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපතිවරයෙකුව සිටි රෝයි ද සිල්වා මහතා.

1891 වසරේදී ශ්‍රී ලංකාව ට රග්බි ක්‍රීඩාව හඳුන්වා දුන් පාසලේ ගෞරවය හිමිවන්නේ කිංස්වුඩ් විදුහලට. වෙස්ලි විදුහලේ රග්බි ක්‍රීඩාව ආරම්භ වුනේ එඩී බුඅල් යටතේ. ශ්‍රී ලංකාවේ පාසල් දෙකක් අතර පළමු රග්බි තරගය කිංස්වුඩ් සහ ත්‍රිත්ව විදුහල් අතර පවත්වා තිබෙන්නේ 1906 වසරේ.

වර්තමානයේ බ්ලසේ කුසලානය හිමිකර ගෙන සිටින්නේ වෙස්ලි විදුහල. ඒ, ඔවුන්ගේ ඉතිහාසයේ ප්‍රථම වතාවට පිට පිට තෙවැනි වතාවටත් පසුගිය වසරේ එම කුසලානය දිනා ගනිමින්. කිංස්වුඩ් විදුහල අවසන් වතාවට මේ කුසලානය හිමිකර ගත්තේ 2019 වසරේ. කෙසේ වෙතත්, ජයග්‍රහණ 23ක් වාර්තා කරමින් මේ තරගමාලාවේ ආධිපත්‍ය පතුරුවා සිටින්නේ කිංස්වුඩ් විදුහල. තරග 9ක් පමණයි වෙස්ලි ජයගෙන තිබෙන්නේ.

ලබන වසරේ පැවැත්වෙන 40 වැනි බ්ලසේ කුසලාන තරගයේ සිට එය අදියර දෙකකින් පැවැත්වීමට මේ විදුහල් දෙක බලාපොරොත්තු වනවා.

2025 බ්ලසේ කුසලාන රග්බි තරගය පිළිබඳ මාධ්‍ය හමුවක් කැම්බල් පාක් හි තිබෙන වසර 127ක් පැරණි වෙස්ලි විදුහල් ක්‍රීඩාගාරයේදී ඊයේ පැවැත්වුනා. කිංස්වුඩ් විදුහල වෙනුවෙන් එහි රග්බි නායක තවීශ ඒකනායක සහ වෛද්‍ය මුදිත අබේකෝන් (සභාපති, කිංස්වුඩ් සංගමය), විශ්‍රාමික මේජර් ජෙනරල් සාරද සමරකෝන් (සභාපති, කිංස්වුඩ් විදුහලේ රග්බි කමිටුව),   ධම්මික හේරත් (විදුහල්පති, කිංස්වුඩ්)  ද, වෙස්ලි විදුහල වෙනුවෙන් එහි රග්බි නායක සඳුල් ගම්මන්පිල සහ අවන්ක ප්‍රනාන්දු (විදුහල්පති, වෙස්ලි), හිරෝෂ් රූපසිංහ (සභාපති, වෙස්ලි විදුහලේ රග්බි කමිටුව), දිවාකර් රත්නදුරෙයි (සභාපති, වෙස්ලි විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය) ද එම අවස්ථාවට සහභාගි වුනා.
cvbfhh
warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...