The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

බංග්ලාදේශය ලකුණු 5කට කඩුලු 7ක් බිඳ වැටෙමින් ODI ඉතිහාස පොතට

T

The Leader Desk

July 3, 2025 • 10:48 AM

බංග්ලාදේශය ලකුණු 5කට කඩුලු 7ක් බිඳ වැටෙමින් ODI ඉතිහාස පොතට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ ඊයේ පැවති ක්‍රිකට් තරගයට ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් (ODI) ඉතිහාස පොතේ විශේෂ පිටුවක් වෙන්වූයේ දෙවැනි කඩුල්ලේ බිඳ වැටීමේ සිට අට වැනි කඩුල්ල බිඳ වැටීම දක්වා අඩුම ලකුණු ප්‍රමාණයක් වාර්තා වීම හේතුවෙන්.
  • මිනිත්තු 15ක් ඇතුළත සිදුවූ  ODI ඉතිහාසයේ එක් වඩාත්ම අප්‍රසන්න කඩාවැටීමකදී බංග්ලාදේශය ලකුණු 100 ට කඩුලු 1 සිට ලකුණු 105 ට කඩුලු 8 දක්වා ලිස්සා වැටුනේ පන්දු 20ක් ඇතුළත.
  •   හසරංග සහ මෙන්ඩිස් පිළිවෙලින් කඩුලු හතරක් (10/4) සහ කඩුලු තුනක් (19/3) ලබා ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම ද ඉහළ මට්ටමක තිබුණා.
  •   ඊට පෙර නායක චරිත් අසලංක ශ්‍රී ලංකා ඉනිමට නැංගුරමක් වෙමින් ලබා ගත් ශතකය මත ඕවර 49.2කින් මුළු ලකුණු 244ක් වාර්තා වී තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

බංග්ලාදේශයේ අංක 2 පිතිකරුවාගේ සිට පහළට අංක 8 පිතිකරුවා දක්වා වන කඩුලු හත බිඳ වැටුනේ ලකුණු පහක් පමණක් ඇතුළත.

මිනිත්තු 15ක් ඇතුළත සිදුවූ  ODI ඉතිහාසයේ එක් වඩාත්ම අප්‍රසන්න කඩාවැටීමකදී බංග්ලාදේශය ලකුණු 100 ට කඩුලු 1 සිට ලකුණු 105 ට කඩුලු 8 දක්වා ලිස්සා වැටුනේ පන්දු 20ක් ඇතුළත.

n6i

 

දෙවැනි කඩුල්ලේ බිඳ වැටීමේ සිට අට වැනි කඩුල්ල දක්වා මෙවැනි අඩුම මුළු ලකුණු සංඛ්‍යාවක් වාර්තා වූ ප්‍රථම අවස්ථාවයි මේ.

මේ කඩාවැටීම සිදුකළේ වනිඳු හසරංග හා කමිඳු මෙන්ඩිස්.

මේ පන්දු යවන්නන් දෙදෙනා තුළ දඟ පන්දු යවන්නන් තිදෙනෙකු සිටියේ මෙන්ඩිස් වමතින් මෙන්ම දකුණතින් ද පන්දු යැවූ නිසා.

 

cri89

හසරංග සහ මෙන්ඩිස් පිළිවෙලින් කඩුලු හතරක් (10/4) සහ කඩුලු තුනක් (19/3) ලබා ගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම ද ඉහළ මට්ටමක තිබුණා.

මිලාන් රත්නායකගේ නියම ඉලක්කයට පන්දුව විසිකිරීම හා ජනිත් ලියනගේ ප්‍රදර්ශනය කළ උඩ පන්දු රැකීම ද බංග්ලාදේශයේ කඩාවැටීමේ ගිනිපුපුරු විහිදුවීමට හේතුවක් වුණා.

 

asab56u67
ඊට පෙර නායක චරිත් අසලංක ශ්‍රී ලංකා ඉනිමට නැංගුරමක් වෙමින් ලබා ගත් ශතකය මත ඕවර 49.2කින් මුළු ලකුණු 244ක් වාර්තා වී තිබුණා. කඩුල්ලේ අනෙක් අන්තයෙන් සහායක් නොමැතිව අසලංක පන්දු 123කින් ලකුණු 106ක් රැස්කළේ හතරේ පහර හයක් සහ හයේ පහර හතරක් ද එල්ල කරමින්.

අසලංක ඔහුගේ සිවුවැනි ODI ශතකය වාර්තා කිරීමත් සමග ඔහු ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ ලකුණු දහස ඉක්මවා ගියේ සනත් ජයසූරිය, විරාට් කෝලි සහ සචින් ටෙන්ඩුල්කාර් සමග සම තත්ත්වයට පිවිසෙමින්.

එම ඉලක්කය හඹා යාමේදී බංග්ලාදේශය ඕවර 35.5ක් ඇතුළත ලකුණු 167කට දැවී ගියේ ඔවුන්ට ලකුණු 77ක දැවැන්ත පරාජයක් අත්කර දෙමින්.

 



ශ්‍රී ලංකාව 244 - අසලංක 106, කුසල් මෙන්ඩිස් 45 (ටස්කින් 47/4, ටන්සිම් 46/3)

බංග්ලාදේශය 167 - ටන්සිඩ් 62, ජකිර් 51 (හසරංග 10/4, කමිඳු 19/3)

ඡායාරූප අනුග්‍රහය - ශ්‍රී ලංකා ක්‍රිකට්

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව  කොටගත් උත්සවයක්(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...