The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ක්‍රීඩා

අඩි 7යි අඟල් 9යි: දිනෙන් දින උස යන පාසල් බාස්කට්බෝල් ක්‍රීඩකයා

T

The Leader Desk

June 24, 2024 • 11:38 AM

අඩි 7යි අඟල් 9යි: දිනෙන් දින උස යන පාසල් බාස්කට්බෝල් ක්‍රීඩකයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වයස අවුරුදු අටේදී ඔහුගේ උස අඩි 6 යි අඟල් 1 යි. පාසලේ හය වැනි වසර වන විට ඔහුගේ උස අඩි 7කට ආසන්නව තිබුනා.
  • මීට දෙමසකට පෙර ඔහුගේ උස තිබුනේ අඩි 7 යි අඟල් 7ක් ලෙසින්.
  • අද ඔහුගේ උස අඩි 7 යි අඟල් 9ක්.
  •   ලොව වැඩියෙන් ම උසැති නව යොවුන් පුද්ගලයා ලෙස විටින් විට ගිනස් වාර්තා පොතේ පිටු අලුත් කරමින් සිටින ඔහු අමෙරිකාවේ ෆ්ලොරිඩා බාස්කට්බෝල් යෝධයෙකු වන ඔලීවිඒ රූ (Olivier Rioux).
අකුරු ප්‍රමාණය (Font Size):

වයස අවුරුදු 15 වන විට ඔහුගේ උස තිබුනේ අඩි 7 යි අඟල් 5ක්. මීට දෙමසකට පෙර ඔහුගේ උස තිබුනේ අඩි 7 යි අඟල් 7ක් ලෙසින්. අද ඔහුගේ උස අඩි 7 යි අඟල් 9ක්.

 



ලොව වැඩියෙන් ම උසැති නව යොවුන් පුද්ගලයා ලෙස විටින් විට ගිනස් වාර්තා පොතේ පිටු අලුත් කරමින් සිටින ඔහු අමෙරිකාවේ ෆ්ලොරිඩා බාස්කට්බෝල් යෝධයෙකු වන ඔලීවිඒ රූ (Olivier Rioux). අමෙරිකාවේ විදුහල් හෝ සරසවි කණ්ඩායම් අතර පැවැත්වෙන බාස්කට්බෝල් තරගාවලිය වන ‘කොලේජ් බාස්කට්බෝල්’ - College Basketball - ක්‍රීඩා කළ උසින් වැඩිම ක්‍රීඩකයා බවට ඔහු පත්වෙමින් සිටිනවා.

86346935 13548359 image a 21 1718848203776ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ පිරිමි බාස්කට්බෝල් රොස්ටරයට ඇතුළත්ව සිටින ඔලීවිඒ රූ දැන් 18 වැනි වියේ පසුවෙමින් සිටින අතර ඔහු තවදුරටත් උස යාමට ඉඩ තිබෙනවා. 2007 සිට 2011 දක්වා කාලය තුළ අමෙරිකාවේ වැඩිම උසැති ‘කොලේජ් බාස්කට්බෝල්’ ක්‍රීඩකයා ලෙස වාර්තාවක් හිමිකර ගෙන සිටි Paul Sturgessගේ අඩි 7 යි අඟල් 8ක උස ප්‍රමාණය ඔලීවිඒ දැන් පසුකර තිබෙනවා. ලොව ප්‍රධානතම වෘත්තීය බාස්කට්බෝල් ලීගය වශයෙන් සැලකෙන අමෙරිකාවේ NBA තරග බිමට ඔලීවිඒ පිවිසියහොත් ඔහු ඉතිහාසයේ වැඩිම උසැති NBA ක්‍රීඩකයා බවට පත්වනවා.

NBA ඉතිහාසයේ වැඩිම උසකින් යුත් ක්‍රීඩකයන් ලෙස වාර්තා වී සිටින්නේ Gheorghe Muresan හා Manute Bol. මේ දෙදෙනාගේ උස මීට මාස දෙකකට පෙර රූගේ උස වූ අඩි 7 යි අඟල් 7ක්.

 

462ඔලීවිඒ රූ පැවත එන්නේ උසින් වැඩි පවුලකින්.
ඔලීවිඒ රූ පැවත එන්නේ උසින් වැඩි පවුලකින්. ඔහුගේ පියාගේ උස අඩි 6 යි අඟල් 8ක් වන අතර මවගේ උස අඩි 6 යි අඟල් 2ක්.

“මම මෙච්චර උස ගියේ ඇයි කියල අපි තාමත් සියයට සියයක් ම දන්නේ නැහැ. දොස්තරලා කියන්නේ එය මගේ පවුලේ ජානවලින් එන දෙයක් කියලයි” කැනේඩියානු ජාතික රූ පවසනවා.

 

ap23159679037879 1ඔලීවිඒ රූ බාස්කට්බෝල් ක්‍රීඩා කිරීම ආරම්භ කළේ වයස අවුරුදු පහේ දී.

තමා සෑම දෙයක් ම උසින් වැඩි කෝණයක සිට දකින බැවින් තරගයකදී එය තමාට වාසියක් ගෙන දෙන බව ඔහු කියනවා. එහෙත් මේ අසාමාන්‍ය උස නිසා ඔහුට විඳින්නට සිදුවන අපහසුතා ද තිබෙනවා. තමාගේ ඇඳුම් සොයා ගැනීමේ අසීරුතාවකට මුහුණ දෙන බවත් කිහිප වතාවක්ම දොර රාමුවල හිස වද්දාගෙන ඇති බවත් ඔහු පවසනවා.

basket6රූගේ මේ උදාර උස ප්‍රමාණය විසින් ඔහුව තවමත් ලෝකයේ උසම මිනිසා බවට පත් කරන්නේ නැහැ.

 

ඔලීවිඒ රූ බාස්කට්බෝල් ක්‍රීඩා කිරීම ආරම්භ කළේ වයස අවුරුදු පහේ දී. ඒ වකවානුවේදීත් ඔහුගේ උසේ වැඩිකම නිසා ප්‍රතිවාදී කණ්ඩායම් ඔහුගේ වයස පිළිබඳව ප්‍රශ්න නගා තිබෙනවා. 

කෙසේ වෙතත් රූගේ මේ උදාර උස ප්‍රමාණය විසින් ඔහුව තවමත් ලෝකයේ උසම මිනිසා බවට පත් කරන්නේ නැහැ. ඒ ගෞරවය හිමි වන්නේ තුර්කියේ ගොවියෙකු වන Sultan Kosen ට. ඔහුගේ උස අඩි 8 යි අඟල් 3ක්.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...