මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසී ය.
ඔහු මේ බව සඳහන් කළේ අද (04) පාර්ලිමේන්තුවේ පැවති බලශක්තිය අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමිනි.
එම විවාදයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ එස්. එම්. මරික්කාර්...
දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල තාමත් අපේ රටේ
‘‘මාසික විදුලි පරිභෝජන ඒකක හැටට අඩු ගෘහස්ථ හා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා නව විදුලි සම්බන්ධතා හෝ විසන්ධි කළ සබදතා නැවත ලබා ගැනීමට අවශ්‍ය පිරිවැය එකවර ගෙවීම වෙනුවට කොටස් වශයෙන් ගෙවීමට මාසිකව බිල්පතට එකතු කිරීම’’ ලෙස ආචාර්ය මහාචාර්යවරු එකතු වෙලා හැදුව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටු අංක 167හි සඳහන්ව තිබුණා. පසුගිය විසි එක්වෙනිදාට මාස පහක් ගත වුණත් මේ වන තෙක් එය ක්‍රියාත්මක වෙලා නෑ. ‘ශ්‍රී ලංකාව කලාපයේ අවම විදුලි බිලක් සහිත රටක් බවට පත්කිරීම සඳහා තරගකාරී ප්‍රසම්පාදන හා මිල කැඳවීමේ ක්‍රියාවලිය සක්‍රීය කර, තෙල් මත පදනම් වූ විදුලි ජනනය අඩු කර, සුළං සහ සූර්ය බල පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු වීම’ කියල පිටු අංක 165හි සඳහන් කරල තිබුණා. මේවා කළාද? උත්තර දෙන්න බෑ.
දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල තාමත් අපේ රටේ. මුදල් කාරක සභාව හොයාගෙන ඇති දත්ත අනුව දැන් සාමාන්‍යයෙන් අපේ රටේ house hold යුනිට් සීයකට ගත්තොත් රුපියල් 5280 යි. දකුණු ආසියාවේ අනිත් රටවල් වල ඇවරේජ් එක ගත්තහම රුපියල් 2077.90 යි. 254% කින් ලංකාවේ කරන්ට් බිල වැඩියි. සීයා වැඩි කළා. හාමුගේ ගෝලයොත් ඒ වලව්වේ ඉඳගෙන ඒ ටිකම කරනවා. යුනිට් දෙසීයටත් 300ටත් බැලුවහම මේ විදිහට ම ලංකාවේ කරන්ට් බිල වැඩියි. කෝ ඔබතුමාලා ප්‍රතිපත්ති ප්‍රකාශයේ කියපුවා දැන් කරන්නේ නැද්ද? ඒ එකක්වත් කරන්නේ නැතුව 76 වසරක සාපය ගැනම කිය කියා ඉන්නවා. ඕක කියලනේ ඡන්දය ගත්තේ. දැන් ඉතින් ඕකම කිය කිය ඉඳලා හරියන්නෙ නෑ.
මාලිමාවේ සයිකොලොජිකල් ගේම් එක
76 සාපය හා හොරකම නිසා තමයි වතුර බිල වැඩි, කරන්ට් බිල වැඩි, බඩු මිල වැඩි, අධ්‍යාපනය සෞඛ්‍ය යනාදි ක්ෂේත්‍රවල මිල වැඩි කියලා යූටියුබ්වලයි tiktok වලයි ගියා. ස්වාමියා ගෙනත් දෙන වැටුප ගෘහණිය තමයි මැනේජ් කරන්න ඕන. මේගොල්ලෝ මේ කාන්තාව ඉලක්ක කරලා තමයි ඔය කියන ටික් ටොක් කළේ. විශේෂයෙන් ම ජනාධිපතිතුමා කිව්වා සෞඛ්‍ය, ආහාර සහ අධ්‍යාපනයේ මිල අඩු කරනවා කියලා. ඒක කරලත් නැහැ.. වතුර බිල් කරන්ට් බිල් අඩු කරනවා කියලා කිව්වා. ඒක කළෙත් නැහැ. කාන්තාව හිතුවා මාස තුන හතරක් යද්දී වතුර බිල් කරන්ට බිල් අඩුවෙයි කියලා. එහෙම හිතලා අනුර කුමාරට ඡන්දය දුන්නා. දැන් මාස පහයි. මෙයාලා ගැහුවේ සයිකොලොජිකල් ගේම් එකක්. මම මාධ්‍යයේ ඉන්න කාලෙ උදය කාලයේ වැඩසටහනක් අංක එක බවට පත්කරන්නත් මේ වගේම වැඩක් කළා. ඒක අංක එක උණා. 30%ක් share එකත් හම්බ වුණා. ඒ වගේ ගේම් එකක් තමයි මේක. මේ වතුර කරන්ට් බිල් අඩු වෙන්නෙත් නෑ ඔයාලට අඩු කරන්ඩ උවමනාවකුත් නෑ. විපක්ෂයේ ඉද්දී ඉංජිනේරු මාෆියාව ගැන ලොකුවට කතා කළා.
ගිය පාර්ලිමේන්තුවේදී මාත් කෝප් කමිටු සාමාජිකයෙක්ව ඉඳිද්දී ජනාධිපතිතුමත් කෝප් කමිටුවේ හිටියා. විදුලි බල මණ්ඩලය කෝප් කමිටුවට ගෙන්නපු දවසේත් එතුමා හිටියා. ඇඹිලිපිටියේ එක්තරා පවර් ප්ලාන්ට් එකක් තියෙනවා, හතරවන වතාවටත් ඇග්‍රිමන්ට් එක දික් කරද්දී අර පළවෙනි වතාවට ගෙවපු ගානමයි ගෙවන්නේ. සාමාන්‍යයෙන් ප්‍රයිවට් පර්චස් කරද්දී ඒ ආයතනවලින් ප්‍රාග්ධන වියදමයි පිරිවැය වියදමයි දෙක එකතු කරලා තමයි පළවෙනි පේමන්ට් එක ගෙවන්නේ. දෙවෙනි අග්‍රිමන්ට් එකේ ඉඳලා ප්‍රාග්ධන වියදම නැහැ. පිරිවැය හා ලාභය විතරයි දෙන්නේ. හැබැයි ඒ සමාගමට හතරවන වතාවටත් 2007 වසර වගේ ඉඳලා වසර දාසයක් පමණ තිස්සේ රුපියල් 103ක් වැනි ඉහළ ගණනක් ගෙවලා තිබුණා.
එම නිසා මේ මාෆියාව නවත්තන්නැතුව මේක කරන්නන්න බැහැ. දැන් කෝප් කමිටුවට ආවම සභාපති ගෙන් ප්‍රශ්නයක් ඇහුවම බෝඩ් එක දිහා බලනවා. GM ගෙන් ඇහුවාම, DGM, AGM ඉංජිනියර්ලා දිහා බලනවා. මෙහෙම කොහොමද මින් පස්සේ වැඩ කරන්නේ.
ආණ්ඩුව මාෆියාවට යටවෙලා ද...?
පහුගිය දවසක සුනිල් හඳුන්නෙත්ති මහතා ටීවී වැඩසටහනකදී කියනවා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය කැඩෙනව නම් අපි කලින් දන්නවා කියලා. මේක මාෆියාවක්ලු. මේ පාර නොරොච්චෝලේ බරාගාරය කැඩෙනකොට ඔබතුමා දැනගෙන හිටියද? සුනිල් හඳුන්නෙත්ති ට අනුව විදුලි බලාගාරය කැඩෙනව නම් කලින් මේක දැනගන්නවා. එතකොට ඔබතුමාගේ වඳුර පැනලා කැඩෙනකොටත් ඔබතුමා දැනගෙන ද හිටියෙ? ඔබතුමා දැනගෙනත් ක්‍රියාමාර්ග අරං නෑ. ඒක තමයි කියන්නෙ බොරු කියලා කියලා ඒවා දැන් පාරාවළල්ලක් වෙලා එනවා. එහෙම නැත්නම් ඔබතුමාලත් මේ මාෆියාවට යට වෙලාද කියලා අපිට හිතෙනවා.
ගිය සතියේ මම අපේ කොටිකාවත්තේ පන්සලකට සූර්ය පැන්නලයක් හයි කරන්න පුළුවන්ද කියලා හොයලා බැලුවා. දැන් හයි කරන්න බැහැලු. දැන් ෆුල් වෙලාලු. එතකොට ඒකට විකල්පයක් නැද්ද? ජල විදුලි බලය ඇරුණහම මේක තමයි ලාභ ම. ඒ කාලෙ සාම්පූර් බලාගාරය ගැන මෙයාලගේ නායක ටිල්වින් සිල්වා ප්‍රකාශයක් කළා. දැන් මොකද කියන්නේ කියලා අහන්න කැමතියි.
ආණ්ඩුවත් හාමුගෙ වලව්වෙ ලගිනව ද...?
තෙල් සංස්ථාවේ ණය මහා බැංකුවට ගත්තා කිව්වා නේ. ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ඒ රුපියල් පනහ වහාම අඩු කරනවා කියලාත් කිව්වා. කෝ ඇමතිතුමා ඒක? ජනතාව බලන් ඉන්නවා ඒ රුපියල් පනහ අඩු කරනකන්. පොරොන්දු උන විදිහට ජනතාවට ඒ බද්ද අඩු කරවන්න. පහුගිය ආණ්ඩු කාලයේ මේ තෙල් සංස්ථාවේ විශාල අක්‍රමිකතා වුණා. ඔබතුමාලගේ ආණ්ඩුව ඩුබායි රටට ගිහින් G to G ඇග්‍රිමන්ට් යටතේ තෙල් ගේනවා නම් අපි ඒක ගැන ඉතාම සතුටුයි. දුෂණය හොරකම නවත්වන්නත් පුළුවන්. පහුගිය කාලේ NRR ගිවිසුමට අනුව උණු හොරකම ගැන හොයන්න. වලව්වේ හාමුවට පාඩම් උගන්නනවා කියලා ඇවිල්ලා මේවා හොයන්නේ නැත්තං, ඔයාලත් හාමුගේ වලව්වේ ලගිනවා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ.’’



