The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
ක්‍රීඩා

AGOAL අටවැනි වරටත් සංවිධානය කරන C Rugby සැණකෙළිය අගෝස්තු 30 වැනිදා

T

The Leader Desk

July 31, 2025 • 3:21 PM

AGOAL අටවැනි වරටත් සංවිධානය කරන C Rugby සැණකෙළිය අගෝස්තු 30 වැනිදා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • AGOAL ජාත්‍යන්තර ආයතනය අට වැනි වරටත් සංවිධානය කරන සත් සාමාජික C Rugby ටැග් රග්බි තරගාවලිය අගෝස්තු 30
  • දිවයිනේ හොඳම සංගීත කණ්ඩායම් හා DJලා විසින් පාටි රිද්මයක් එක් කරන මේ රග්බි සැණකෙලියට වෙළඳ කුටි, වීදි ආහාර කුටි සහ ළමයින් සෙල්ලම් කරන ප්‍රදේශයක් ද ඇතුළත්.
  • Slipping Chairs, Dreaming of Saturn, Pop Culture සහ Section 8 යන සංගීත කණ්ඩායම් හා DJ Ace, Trev D සහ   Rob R යන DJලා ගෙන එන නොනවතින සංගීතයෙන් මේ උත්සවය මන්මත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
  • තරග 39කින් සමන්විත තරගාවලිය ආරම්භ වන්නේ පස්වරු 4.00 ට.
අකුරු ප්‍රමාණය (Font Size):

වැනි සෙනසුරාදා සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. (CR&FC) ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා.

පාසල්වල ආදි සිසු සිසුවියන් ඔවුන්ගේ විදුහල් ධජ යටතේ එක්වන මේ තරගාවලිය පැවැත්වෙන්නේ රග්බි ක්‍රීඩාව, සංගීතය හා විනෝදයෙන් පිරුණු සැණකෙළි වාතාවරණයක.

ජනප්‍රියතම දේශීය සංගීත කණ්ඩායම්, DJලා‌ සහ පවුලේ විනෝදය පිරුණු පසුබිමක ආදි ශිෂ්‍යයන් හා ආදි ශිෂ්‍යාවන් එකතු වූ රග්බි කණ්ඩායම් එක තරග බිමකට ගෙන එන මේ තරගාවලිය ක්‍රීඩා කැලැන්ඩරයේ තිබෙන එක් වඩාත්ම ආශ්චර්යමත් ඉසව්වක්.

ආදි සිසුන් හා ආදි සිසුවියන් එකට එක් කරමින් උත්සව සිරියෙන් පැවැත්වෙන එකම රග්බි ඉසව්ව වන මේ තරගාවලිය සංවිධානය කරන්නේ හිටපු ඉසිපතන, සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. හා ජාතික රග්බි ක්‍රීඩකයෙකු සහ කීර්තිමත් රග්බි චරිතයක් වන ඩිල්රෝයි ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් AGOAL ජාත්‍යන්තර ආයතනය.

dfrtggg
දිවයිනේ හොඳම සංගීත කණ්ඩායම් හා DJලා විසින් පාටි රිද්මයක් එක් කරන මේ රග්බි සැණකෙලියට වෙළඳ කුටි, වීදි ආහාර කුටි සහ ළමයින් සෙල්ලම් කරන ප්‍රදේශයක් ද ඇතුළත්.

Slipping Chairs, Dreaming of Saturn, Pop Culture සහ Section 8 යන සංගීත කණ්ඩායම් හා DJ Ace, Trev D සහ   Rob R යන DJලා ගෙන එන නොනවතින සංගීතයෙන් මේ උත්සවය මන්මත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

තරග 39කින් සමන්විත තරගාවලිය ආරම්භ වන්නේ පස්වරු 4.00 ට. එය මැදියම් රැය දක්වා පැවැත්වෙනු ඇත්තේ තරග පිටි දෙකකදී ලීග් තරග 24ක් හා අවසන් වට තරග 15ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන බැවින්. Bowl අවසාන තරග පස්වරු 8.30 ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර Plate සහ Cup අවසාන තරග ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ ඉන්පසුව.

අවුරුදු 25 ට වැඩි වයස් කාණ්ඩයේ ක්‍රීඩකයන් දෙදෙනෙක්, වයස අවුරුදු 35 ට වැඩි ක්‍රීඩකයන් තිදෙනෙක් සහ පිරිමි කණ්ඩායමේ සොයුරි පාසලේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු යොදා ගැනීමට සෑම කණ්ඩායමකටම අවස්ථාව ලබා දෙන මිශ්‍රණය මගින් විවිධ යුගවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකට එක්වන බව තහවුරු කර තිබෙනවා.

රාජකීය/විශාකා, ඉසිපතන/සාන්ත පාවුළු, සාන්ත ජෝසප්/සාන්ත බ්‍රිජට්, කිංස්වුඩ්/මහනුවර උසස් බාලිකා, වෙස්ලි/මෙතෝදිස්ත, ඩී.එස්.සේනානායක/සිරිමාවෝ බණ්ඩාරනායක, ආනන්ද/මියුසියස්, ත්‍රිත්ව/හිල්වුඩ් සහ කාන්තා විදුහල, සාන්ත තෝමස්/බිෂොප්ස්, විද්‍යා විදුහල/ගල්කිස්ස උසස් බාලිකා, සාන්ත සිල්වෙස්තර/සාන්ත අන්තෝනි බාලිකා, ධර්මරාජ/මහමායා, සාන්ත බෙනඩික්ට්/යහපත් එඬේරාගේ කන්‍යාරාමය, විද්‍යාර්ථ/පුෂ්පදාන, සාන්ත පීතර/බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය, තර්ස්ටන්/දේවි බාලිකා යන ඒකාබද්ධ ආදි ශිෂ්‍ය ශිෂ්‍යා කණ්ඩායම් 16ක් මේ තරගාවලියට සහභාගි වනවා.

පසුගිය වසරේ C-රග්බි තරගාවලිය ජයග්‍රහණය කළේ විද්‍යාර්ථ/පුෂ්පදාන ඒකාබද්ධ කණ්ඩායම. වෙස්ලි/මෙතෝදිස්ත පිල ප්ලේට් ශූරයන් වූ අතර බෝල් ශූරතාව හිමිවූයේ සාන්ත පීතර/බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම පිලට.

මේ තරගාවලිය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුව හා කණ්ඩායම් කුසපත් ඇදීමේ අවස්ථාවට තරගාවලිය සඳහා අනුග්‍රහය දක්වන Elephant House – Lemonade, Keels Krest, Imorich, Haleon-lodex, FairwayHoldings, FriMi, The Papare, Prima, Rush, CR&FC හා YES 101 යන ආයතනවල නියෝජිතයන් සහභාගි වුනා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...