The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

CAVA U20 කාන්තා: ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය අද නේපාලයට එරෙහිව

T

The Leader Desk

July 18, 2024 • 11:37 AM

CAVA U20 කාන්තා: ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය අද නේපාලයට එරෙහිව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉදිරි පෙල වමේ සිට - සුලක්ෂණා පසිදුනි, පවනි පබසරා, නෙත්මි දිව්‍යාංජලී, නෙත්යා මින්දුලී, විමන්ෂා ප්‍රභානි, පූජා අත්තනායක, හර්ෂනි නිසංසලා, චතුරි පූර්ණිමා
  • එය හෙට (19) පැවැත්වෙන අතර මූලික වටයේ ශ්‍රී ලංකාවේ අවසන් තරගය කිරිගිස්තානය ට එරෙහිව පැවැත්වෙන්නේ 20 වැනිදා.
  • කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ අමිල එරංග විජේපාල.
  • සටහන : (වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com
අකුරු ප්‍රමාණය (Font Size):

පසු පෙල වමේ සිට - දිල්කි නෙත්සරා, හිමායා පාරින්දි, ඉෂංකා බාලසූරිය මහත්මිය (අභ්‍යාසක), අමිල විජේපාල මහතා (ප්‍රධාන පුහුණුකරු), ඩබ්ලිව්.පී.අයි.සමරකෝන් මහත්මිය (කළමනාකාරිනී), හෂාන් දමිත් මහතා (සහාය පුහුණුකරු), ලහිරු දිල්ෂාන් (කණ්ඩායමේ විනිසුරු), සෙසාන්දි රුවන්යා, වත්ෂිකා දිල්ෂානි
 
මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ - Central Asian Volleyball Association (CAVA) - අවුරුදු 20න් පහළ කාන්තා තරගාවලියට සහභාගි වීම පිණිස මාල දිවයිනට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද (18) රාත්‍රියේ නේපාලය සමග තරග වදිමින් කුසලානය දිනා ගැනීමේ මෙහෙයුම ආරම්භ කරනවා.

අද සිට ලබන 23 දක්වා පැවැත්වෙන මේ තරගාවලියට ශ්‍රී ලංකාව, මාල දිවයින්, නේපාලය හා කිරිගිස්තානය යන රටවල් සහභාගි වනවා.
 
CAVA Womens team 2
ශ්‍රී ලංකාවේ දෙවැනි තරගය පැවැත්වෙන්නේ මාල දිවයින් කණ්ඩායමට එරෙහිව. එය හෙට (19) පැවැත්වෙන අතර මූලික වටයේ ශ්‍රී ලංකාවේ අවසන් තරගය කිරිගිස්තානය ට එරෙහිව පැවැත්වෙන්නේ 20 වැනිදා.

තරගාවලියේ අවසන් පූර්ව තරග ජූලි 22 වැනිදා පැවැත්වෙන අතර ලෝකඩ පදක්කම සඳහා තෙවැනි ස්ථානයේ තරගය සහ රන් හා රිදී පදක්කම් සඳහා අවසාන මහා තරගය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ජූලි 23 වැනිදා. 

මේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ජාතික කණිෂ්ඨ කණ්ඩායමේ නායකත්වය දරන්නේ චතුරි පූර්ණිමා. කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ අමිල එරංග විජේපාල.

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...