The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
ක්‍රීඩා

Euro 2024: සර්බියානු අන්තවාදී ප්‍රචණ්ඩත්වය සහ එංගලන්තයේ ‘අධි අවදානම්’ තරගය

T

The Leader Desk

June 16, 2024 • 5:09 PM

Euro 2024: සර්බියානු අන්තවාදී ප්‍රචණ්ඩත්වය සහ එංගලන්තයේ ‘අධි අවදානම්’ තරගය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජර්මනියේ දැන් පැවැත්වෙන Euro 2024 යුරෝපීය පාපන්දු ශූරතාවලිය පාදඩකමෙන් බේරා ගනිමින් ආරක්ෂිතව හා කරදරවලින් තොරව
  • මේ පොලිසි දෙක මෙසේ එකට එක්ව සිටින්නේ සර්බියානු දාමරිකයන් විසින් ඉලක්ක කරගෙන සිටින අද රාත්‍රීයේ (ශ්‍රී ලංකා වේලාවෙන් ජූනි 17 පෙරවරු 12.30ට) පැවැත්වෙන එංගලන්ත කණ්ඩායමේ ආරම්භක තරගයේදී සංචාරක එංගලන්ත ක්‍රීඩා ලෝලීන්ට ආරක්ෂාව සලසනු පිණිස.
  • සර්බියානු දාමරික ක්‍රීඩා ලෝලීන් 500ක් පමණ මේ තරගයේදී ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට උත්සාහ දරනු ඇතැයි තරගය පැවැත්වෙන නගරය වන ගෙල්සන්කූෂි (Gelsenkirchen) හි පොලිස් ප්‍රධානියා විශ්වාස කරනවා.
  • සමස්තයක් වශයෙන් එංගලන්ත පාපන්දු ලෝලීන් 300,000ක් පමණ ‘යුරෝ’ තරගාවලිය අතරතුර ජර්මනියේ සංචාරය කරනු ඇතැයි බලාපොරොත්තු වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

පවත්වා ගෙන යාම පිණිස ජර්මන් හා එංගලන්ත පොලිසිය ඒකාබද්ධව කටයුතු කරමින් සිටිනවා.

මේ පොලිසි දෙක මෙසේ එකට එක්ව සිටින්නේ සර්බියානු දාමරිකයන් විසින් ඉලක්ක කරගෙන සිටින අද රාත්‍රීයේ (ශ්‍රී ලංකා වේලාවෙන් ජූනි 17 පෙරවරු 12.30ට) පැවැත්වෙන එංගලන්ත කණ්ඩායමේ ආරම්භක තරගයේදී සංචාරක එංගලන්ත ක්‍රීඩා ලෝලීන්ට ආරක්ෂාව සලසනු පිණිස.

සර්බියානු දාමරික ක්‍රීඩා ලෝලීන් 500ක් පමණ මේ තරගයේදී ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට උත්සාහ දරනු ඇතැයි තරගය පැවැත්වෙන නගරය වන ගෙල්සන්කූෂි (Gelsenkirchen) හි පොලිස් ප්‍රධානියා විශ්වාස කරනවා.

යුරෝපීය පාපන්දුවේ පාලකයන් වන UEFA සහ ජර්මන් පොලිසිය විසින් “ඉතා ඉහළ අවදානමක්” ලෙසින් හඳුන්වා දී තිබෙන මේ තරගය වෙනුවෙන් එංගලන්ත ක්‍රීඩා ලෝලීන් 40,000ක් හා සර්බියානු ක්‍රීඩා ලෝලීන් 8,000ක් දක්වා වන පිරිසක් ගෙල්සන්කූෂි වෙත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

සමස්තයක් වශයෙන් එංගලන්ත පාපන්දු ලෝලීන් 300,000ක් පමණ ‘යුරෝ’ තරගාවලිය අතරතුර ජර්මනියේ සංචාරය කරනු ඇතැයි බලාපොරොත්තු වනවා. Euro 2024 වෙනුවෙන් ජර්මනිය ට පැමිණෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියන 2.7ක් බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

අභියෝගය වී තිබෙන්නේ එංගලන්ත ක්‍රීඩා ලෝලීන් සමග ගැටුමක් ඇති කර ගැනීම සඳහා අවස්ථාවක් ලබා ගැනීමට පෙර සර්බියානු දාමරිකයන් අල්ලා ගැනීම බව පොලිස් ප්‍රධානී පීට බෝත් (Peter Both) ප්‍රකාශ කරනවා.

එංගලන්තය හා සර්බියාව අතර තරගය වෙනුවෙන් ජර්මන් පොලිස් භටයින් දහසකට වැඩි පිරිසක් යොදවා තිබෙන අතර දාමරිකයන් හඳුනා ගන්නන් හා කැරලි මර්දන අංශයක සහාය ඔවුන්ට ලැබෙනවා. කෙසේ වෙතත්, ජල ප්‍රහාර යොදා නොගන්නා බව බෝත් පවසනවා.

පාපන්දු තහනමට ලක්ව සිටින එංගලන්ත ක්‍රීඩා ලෝලීන් 1,600කට වැඩි දෙනෙකුට ද ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර ජූනි 4 වැනිදා සිට තරගාවලියේ අවසාන තරගය පැවැත්වෙන ජූලි 14 දක්වා කාලය තුළ පොලිසියට බාර දෙන ලෙසට බල කර තිබෙන්නේ ඔවුන් ජර්මනියේ පැවැත්වෙන තරගවලට නොපැමිණෙන බවට සහතික කිරීම පිණිස.

එංගලන්ත බළධාරීන් සමග විශිෂ්ට සහයෝගිතාවක් ජර්මන් පොලිසියට තිබෙන බව කියන බෝත්, එංගලන්තයේ සිට පැමිණෙන කවුරුත් දන්නා රස්තියාදුකාර ක්‍රීඩා ලෝලීන්ගේ සංචාරය වැළැක්වූව ද ඔවුන්ගෙන් කිහිප දෙනෙක් ජර්මනිය ට රිංගා ගෙන ඇති බව තමාට හොඳටම විශ්වාස බව ප්‍රකාශ කරනවා. ජර්මන් පොලිසිය සිකුරාදා සිට රටේ දේශසීමාවන්හි පරීක්ෂා කිරීම් සිදුකර ගෙන  යනවා.

සර්බියානු පොලිසිය සමග තිබෙන සහයෝගය එතරම් යහපත්‌ නොවූ බව ද ඔහු පවසා තිබෙනවා.

cvsvdfw

තරගය ක්‍රීඩා කෙරෙන Veltins Arena හි මත්පැන් පානය කිරීමට එංගලන්ත ක්‍රීඩා ලෝලීන්ට අවසර ඇතත් ක්‍රීඩා මණ්ඩපය තුළ ඊට අවසර නැහැ. මිලදී ගත හැක්කේ වරකට බීම දෙකක් පමණක් ලෙසට සීමා පනවා තිබෙනවා.

Ten German Bombers වැනි ජර්මානුවන්ගේ සිත් රිදවන ගීතවලට තමාගේ පොලිස් නිලධාරීන් ප්‍රතිචාර නොදක්වනු ඇතැයි පිට බෝත් පවසනවා.

“ඒ ගීතය ගැයීම අපරාධයක් නෙවෙයි. එය ජර්මනියේ තහනම් කර නැහැ. ඒක මෝඩයි. ඒක මෝඩ ගීතයක්. එංගලන්ත ජාතික පුහුණුකරු ඒ ගැන කියා තිබෙනවා. ඔහු ඉතාම නිවැරදියි. එය පරිහාසාත්මකයි. මෝඩ ගීතයක්. නමුත් ඒක තහනම් කරපු දෙයක් නෙවෙයි.”

*Ten German Bombers යනු ළමා ගීතයක්. නමුත් ‘යූරෝ’ හා ලෝක කුසලානය වැනි ලොව ප්‍රධාන පෙලේ පාපන්දු තරගාවලියන්හිදී එංගලන්ත ක්‍රීඩා ලෝලීන් ජර්මනිය ට එරෙහිව මේ ගීතය ගායනා කරන්නේ ජර්මන් ක්‍රීඩා ලෝලීන් සරදමට ලක් කිරීමට.

ත්‍රස්ත ප්‍රහාරයක් හෝ ප්‍රචණ්ඩත්වය ඇති කිරීමේ රුසියානු උත්සාහයක් කෙරෙහි ද Euro 2024 සංවිධායකයින්ගේ අවධානය යොමුව තිබෙනවා. මේ හේතුවෙන් තරගය පැවැත්වෙන දිනයේ ගෙල්සන්කූෂි නගරයේ ඩ්‍රෝන යානා භාවිතය තහනම් කර තිබෙනවා.

cvxce

කෙසේ වෙතත්, මේ ‘අධි අවදානම්’ තරගයේදී එංගලන්ත ක්‍රීඩා ලෝලීන් කුප්‍රකට සර්බියානු දාමරිකයන් හා අන්තගාමී කල්ලිවල ඉලක්ක වීමේ අනතුර අවතක්සේරු කරන්න බැහැ. ප්‍රධාන පෙලේ තරගවලදී  අතිශයින් දරුණු මනුෂ්‍ය සංහාරයන් නිර්මාණය කිරීමේ ප්‍රසිද්ධියක් උසුලන මේ පිරිස්වලින් ප්‍රවේශම් වන ලෙසට ජර්මනියේ සංචාරය කරන එංගලන්ත පාපන්දු ක්‍රීඩා ලෝලීන්ට අනතුරු අඟවා තිබෙනවා.

අද රාත්‍රියේ සර්බියාව ට එරෙහිව පැවැත්වෙන එංගලන්ත කණ්ඩායමේ ආරම්භක තරගය ‘යුරෝ 2024’ තරගාවලියේ මූලික වටයේ තිබෙන ‘අධි අවදානම්’ තරග හතරෙන් එකක් බවට හඳුනා ගෙන තිබෙනවා.

මෙවර තරගාවලිය ජයග්‍රහණය කරන ජනප්‍රිය කණ්ඩායම ලෙසින් සලකුණක් තැබීමට එංගලන්ත කණ්ඩායමට ලැබෙන අවස්ථාව මෙය වූව ද, මේ තරගය බොහෝ ක්‍රීඩා ලෝලීන් ඔවුන්ගේ දාමරික ක්‍රියාවන්ට කේන්ද්‍ර කර ගන්නා ඉසව්වක් වීමට ද ඉඩ තිබෙනවා.

සංචාරක එංගලන්ත පාපන්දු ලෝලීන්ට විදේශයන්හි ඔවුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් පසුගිය වසරවල තිබෙන්නේ අයහපත්  ප්‍රසිද්ධියක්. මීට ජර්මනියේ මිල අඩු සැර බීර ද එකතු වන බැවින් වගකීමෙන් යුතුව මත්පැන් පානය කරන ලෙසට තම ක්‍රීඩා ලෝලීන්ට අනතුරු ඇඟවීමට එංගලන්තයේ විදේශ කටයුතු කාර්යාලයට සිදුවුනා.

කොවිඩ් වසංගතය හා කටාර් ලෝක කුසලානයෙන් පසුව ප්‍රධාන පෙලේ තරගාවලියක එංගලන්ත පාපන්දු කණ්ඩායම අනුගමණය කිරීමට ක්‍රීඩා ලෝලී අලුත් පරම්පරාවකට මේ උදාවී තිබෙන්නේ පළමු අවස්ථාවක්.

ජර්මනියේදී එංගලන්ත ක්‍රීඩා ලෝලීන් සමග ගැටුමක් ඇති කර ගැනීමට විශේෂයෙන් සර්බියානුවන් ඇතුළු ප්‍රතිවාදී ක්‍රීඩා ලෝලීන්‌ගේ සැබෑ තර්ජනයක් තිබෙනවා.

මුළු මහත් ලෝකයේ ම සිටින එක් වඩාත්ම ප්‍රචණ්ඩකාරී පාපන්දු ලෝලීන් වනුයේ සර්බියානු රස්තියාදුකාරයන් බවට මතයක් තිබෙනවා.

zdfsgbe
පාපන්දු පිටියේ මහත් විනාසයක් සිදු කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් හා ආරක්ෂක නිලධාරී කණ්ඩායම් සමග ගැටීමේ ප්‍රසිද්ධියක් ඔවුන්ට තිබෙනවා.

ඔවුන්ගේ සමහර සංකේතාත්මක ක්‍රියාවන් වන්නේ තරග අතරතුර ගිනි ඇවිළීම, ප්‍රතිවාදී ක්‍රීඩා ලෝලීන් සමග ගහ ගැනීම සහ දරුණු අපහාස එල්ල කරමින් අනෙක් අය කුපිත කිරීම.

විශේෂයෙන් අධි-දක්ෂිණාංශික රුසියානු හිතවාදී ‘Delije’ හෝ ‘Strongmen’ Red Star Belgrade ක්‍රීඩා ලෝලීන්ගේ කණ්ඩායම්වල කොටසක් වන සර්බියානු අන්තවාදීන් ඉංග්‍රීසි හා ජර්මන් ජාතිකයන් සමග ගැටුම් ඇතිකර ගැනීමට ආශාවක් දැනටමත් ඇතිකර ගෙන සිටිනවා.

2018 වසරේ රුසියාවේ පැවති තරගයකදී සර්බියා හා බ්‍රසීල ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩා මණ්ඩපයේ ඇනකොටා ගන්නා අයුරු ඡායාරූපවල දිස්වුනා.

“ඇල්බේනියානුවන් මරා දමනු” – Kill the Albanians - යනුවෙන් සර්බියානු ආධාරකරුවන් කෑගසන හඬ සහ සර්බියානු යුද අපරාධකරුවකු වන ජනරාල් Ratko Mladicගේ කමිස පැළඳ සිටියවුන් ස්විට්සලන්ත සංචිතයේ සිටි ඇල්බේනියානු ජාතිකයන් දෙදෙනෙකුට අපහාස කරන අන්දම පටිගත කර තිබෙනවා.

Euro 2016 තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම පිණිස සර්බියාව හා ඇල්බේනියාව අතර 2014 වසරේ පැවති තරගයේදී දෙපිලේ ක්‍රීඩා ලෝලීන් අතර විශාල ගැටුමක් හටගත්තා.

රුසියානු ජනාධිපති පුටින් හිතවාදී මේ ලේ පිපාසිත දාමරික කල්ලි සර්බියාවේ පාපන්දුව සමග එකට වෙළී සිටිනවා. පිටියේ සිටින ක්‍රීඩකයන්ට අනුකම්පා විරහිතව පහර දීම සහ තරගය තමන්ට එරෙහිව යන විට ප්‍රතිවාදී ක්‍රීඩා ලෝලීන් සිටින කුටි ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් ඔවුන් නම් දරා සිටිනවා.

මේ බෝල්කන් දේශයේ සිටින දාමරික කල්ලිවලට මිනී වළවල් හාරන්නෝ (The Gravediggers), ඔළු දඩයක්කාරයෝ (Head Hunters), සුලූ රණශූරයෝ (Zulu Warriors) හා රතු යක්ෂයෝ (Red Devils) යන බිය උපදවන නම් තිබෙනවා.

ඔවුන් අතරින් වඩාත්ම ප්‍රචණ්ඩ නායකයා හැඳින්වෙන්නේ Ivan the Terrible යන නමින් .

2012 වසරේදී, අධි-දක්ෂිණාංශික පැරාමිලිටරි කණ්ඩායම්වලට සම්බන්ධ Ivan සර්බියාව හා ඉතාලිය අතර ඉතාලියේ Genoa නගරයේ පැවති තරගයක් අහෝසි කර දැමීමට බල කළේ ප්‍රතිවාදී ක්‍රීඩා ලෝලීන්ට හා පොලිසියට පහර දීමට උත්සාහ කරමින්.

තරගයට පෙර ක්‍රීඩකයන් ඇඟ උණුසුම් කරන ව්‍යායාම්වල යෙදී සිටියදී දැල්වෙන ගිනිමැලි හා අධික පුපුරණ ශබ්දයක් තිබෙන රතිඤ්ඤා තරග පිටියට විසි කිරීම සඳහා ආධාරකරුවන් එක්රොක් කර ගත් ඔහු, පොලිසියට අපහාස කරන අතරතුර ඉතාලි ක්‍රිඩා ලෝලීන් හා තමාගේ පිරිස වෙන් කරන බාධක ගේට්ටු බිඳ දමන ලෙස තම පිරිසට අණ කළා.

අතීතයේදී, සර්බියානු අන්තවාදී පිරිස් විසින් ප්‍රතිවාදී ක්‍රීඩා ලෝලීන් මරා දමා තිබෙන අතර 2009 වසරේදී ප්‍රංශයේ Toulouse පාපන්දු සමාජ ක්‍රීඩා ලෝලියෙකු යකඩ පොලු හා බයිසිකල් චේන්වලින් ගසා ඝාතනය කිරීම ද ඊට ඇතුළත්.

සාමාන්‍යයෙන් සර්බියන්වරු 500,000ක් පමණ ජර්මනියේ ජීවත් වන අතර මොවුන්ගෙන් බොහෝ දෙනෙක් අද එංගලන්තය සමග පැවැත්වෙන තරගයේදී කලබල ඇති කිරීම පිණිස ගෙල්සන්කූෂි නුවර බලා එනු ඇතැයි බියක් පවතිනවා.

තරගය පිළිබඳව තිබෙන අවදානම් තත්ත්වය තවත් ඉහළ ගොස් තිබෙන්නේ සර්බියානු අන්තවාදීන් විසින් ජර්මනියේ පැවති ඔවුන්ගේ ම කණ්ඩායමේ පුහුණු සැසියක් පසුගිය බදාදා ආක්‍රමණය කිරීමට දැරූ උත්සාහය නිසා. පිටියට කඩා වැදීමක් නතර කිරීමට පොලිසිය කටයුතු කරද්දී ඔවුන් වෙත ගිනිමැල විසි කර තිබෙනවා. මේ ගිනිපන්දම් පතිත වී තිබෙන්නේ පුහුණු වෙමින් සිටි සර්බියානු ක්‍රීඩකයන්ට ඉතා සමීපයෙන්.

ljukjdhj3
කලබලය හට ගත්තේ ගිනිපන්දම් රැගත් සර්බියානුවන් 8,000ක් පමණ Augsburg නගරයේ Rosenau ක්‍රීඩාංගණය වට කළ අවස්ථාවේ. ක්‍රීඩාංගණයට ඇතුළු වීමට 3,000කට පමණක් අවසර දී ඉතිරි දහස් ගණනක් එළියට දමා ක්‍රීඩාංගණයේ දොරගුළු දැමීමත් සමග ආරක්ෂක නිලධාරීන් සමග ගැටුම ආරම්භ වුනා.

ක්‍රීඩාංගණය ඇතුළට ගොස් සිටි එක් ක්‍රීඩා ලෝලියෙක් පිටියට යාමට උත්සාහ කිරීම නිසා ආරක්ෂක නිලධාරීන් ඔහුව ඉවතට රැගෙන ගියා. ඔහු අත්අඩංගුවට ගැනීමත් සමග කෝපයට පත් පිරිස පොලිසියට හූ කියමින් ඔවුන් වෙත ගිනිපන්දම් දමා ගැසූ අතර ඒවා පිටිය වටා තිබෙන ධාවන පථයේ පතිත වූයේ ක්‍රීඩකයන්ට මීටර් කිහිපයක් පමණක් දුරකින්.

තරගාවලියකට සහභාගි වන කණ්ඩායමක පුහුණු සැසියකදී මෙවැනි සිදුවීමක් ගැන මීට පෙර අසා නැති අතර මෙයින් පෙන්නුම් කරන්නේ  සර්බියානු ආධාරකරුවන්ගේ අන්තගාමී උද්වේගය හා එංගලන්ත ක්‍රීඩා ලෝලීන් සමග ගැටුම් ඇති විමේ බිය.

එංගලන්ත පාපන්දු ලෝලීන් අතීතයේදී අන්තර් සමාජ මට්ටමෙන් මෙන්ම ජාතික මට්ටමෙන්ද ජාත්‍යන්තර ප්‍රහාරයන් කිහිපයකට ලක්ව තිබෙනවා.

ප්‍රංශයේ පැවති 2016 Euro තරගාවලිය පිටියේ මෙන්ම ඉන් පිටතත් එංගලන්තය ට මහත් අසාර්ථක ඉසව්වක් වූ බවට සැලකෙනවා.

එම තරගාවලිය ආරම්භ වීමටත් පෙර Marseille නගරයේදී එංගලන්ත ක්‍රීඩා ලෝලීන් හා ප්‍රතිවාදී ආධාරකරුවන් අතර ගැටුමක් හටගත්තා.

ඉන්පසු එංගලන්තය ජූනි 11 වැනිදා රුසියාව සමග තරගය ජය පැරදුමින් තොරව කෙළවර කර ගත් විට රටවල් දෙක අතර මහා ගැටුමක් ප්‍රංශ නගරයේ වීදි පුරා ආරම්භ වුනා.

අවසානයේ එංගලන්ත ක්‍රීඩා ලෝලීන් 100කට වැඩි‌ දෙනෙක් තුවාල ලබා නගරයේ වීදි පුරා ඇවිදිනු දක්නට ලැබුනු අතර මින් සමහරු බරපතළ තත්ත්වයෙන් පසුවූයේ බීමත් එංගලන්ත ක්‍රීඩා ලෝලීන් බාර්වල සිට පිටතට පැමිණෙන තුරු මග රැකගෙන සිටි රුසියානු මැරයන්ගේ සාහසික ප්‍රහාරයන්ට ගොදුරු වීම නිසා.

මේ හේතුවෙන් රුසියානු කණ්ඩායමට අත්හිටවූ තරග නුසුදුසුකමක් ලබා දෙමින් යුරෝ 150,000ක (පවුම් 126,000) දඩයක් නියම කෙරුනා.

ඊට ටික දිනකට පසුව Lille නගරයේදී ද එංගලන්ත හා රුසියානු ක්‍රීඩා ලෝලීන් අතර තවත් උග්‍ර ගැටුමක් හටගත්තා. එහිදී අවම වශයෙන් ක්‍රීඩා ලෝලීන් 40ක් අත්අඩංගුවට ගැනුනු අතර රුසියානුවන් 50ක් රටින් නෙරපා දැමුවා. ගැටුම්වලින් පසුව බොහෝ පිරිසක් තුවාල ලබා සිටියා. රුසියානුවන්ගේ සැඟවී සිට පහර දීමකට ලක්වූ එක් එංගලන්ත ක්‍රීඩා ලෝලියෙක් බරපතළ තත්ත්වයෙන් යුතුව රෝහල්ගත කෙරුනා.

කෙසේ වෙතත් පාපන්දු ප්‍රචණ්ඩත්වය මැඩලීමෙහි ලා ජර්මන් කැරලි මර්දන පොලිසියට මනා පළපුරුද්දක් තිබෙන බැවින් අද තරගය කිසිම උපද්‍රවයක් නැතිව අවසන් වනු ඇතැයි විශ්වාසයක් ද පවතිනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...