The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
ක්‍රීඩා

Euro 2024 යුරෝපීය පාපන්දු ශූරතාවලිය ජර්මනියේදී අද ඇරඹේ

T

The Leader Desk

June 14, 2024 • 7:56 AM

Euro 2024 යුරෝපීය පාපන්දු ශූරතාවලිය ජර්මනියේදී අද ඇරඹේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජර්මනියේ අද ඇරඹෙන Euro 2024 - යුරෝපීය පාපන්දු ශූරතාවලිය - ලෝක ප්‍රසිද්ධ සමහර ක්‍රීඩකයන්ට මහා පරිමාණයෙන් තරග බිමෙන්
  • පසුගිය ශූරයින් වන ඉතාලිය Luciano Spalletti  යටතේ තවමත් එක දම්වැලක් ලෙස එක්විය යුතුව සිටින අතර සත්කාරක ජර්මනිය Julian Nagelsmann ට ස්තූතිවන්ත වන්නට නැවත වතාවක් සෙමෙන් එහෙත් පැහැදිලිවම හරි දිසාවට ගමන් කරමින් සිටින බවක් දිස්වනවා.
  • මේ අතර නෙදර්ලන්තය ආකාර්ෂණීය බාහිර ඔට්ටුවක් ලෙස පෙනෙන්නට තිබෙනවා.
  • 46,000කට අඩු ධාරිතාවක් තිබෙන එක ම ක්‍රීඩාංගණයක් හෝ ජර්මනියේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

සමුගැනීමට ලැබෙන අවස්ථාවක්. අනෙක් අයට මෙය පාපන්දුවට වඩා ඈතට ගිය දෙයක්.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට පසුව ලෝකයේ වැඩිම දෙනෙක් නරඹන පාපන්දු තරගාවලිය වන ‘යුරෝ’ ශූරතාවලිය එළඹෙන තුරු පුල පුලා බලා සිටි කාලය අවසන් කරමින් සත්කාරක ජර්මනිය අද 14 (ශ්‍රී ලංකාවට හෙට) ස්කොට්ලන්තය සමග මියුනික් නුවර තරග වදින්නේ මෑත මතකයේ තිබෙන වඩාත්ම විවෘත ‘යුරෝ’ තරගාවලියක් ආරම්භ කරමින්.

 

බොහෝ දෙනාගේ කල්පනාවට අනුව මෙවර තරගාවලියේ ඉහළින් ම සිටින කණ්ඩායම් දෙක වන්නේ එංගලන්තය හා ප්‍රංශය. නමුත් පෘතුගාලය, ස්පාඤ්ඤය හා බෙල්ජියම ද සැලකිය යුතු තරමේ දක්ෂතාවන් සතුව සිටිනවා. පසුගිය ශූරයින් වන ඉතාලිය Luciano Spalletti  යටතේ තවමත් එක දම්වැලක් ලෙස එක්විය යුතුව සිටින අතර සත්කාරක ජර්මනිය Julian Nagelsmann ට ස්තූතිවන්ත වන්නට නැවත වතාවක් සෙමෙන් එහෙත් පැහැදිලිවම හරි දිසාවට ගමන් කරමින් සිටින බවක් දිස්වනවා. මේ අතර නෙදර්ලන්තය ආකාර්ෂණීය බාහිර ඔට්ටුවක් ලෙස පෙනෙන්නට තිබෙනවා.

නැවත වතාවක් (සමහර විට අවසන් වතාවට) තරගාවලිය එක ම රටක පැවැත්වෙනවා.

 

අභියෝග කරන කණ්ඩායම්වල තිබෙන විවිධ තරාතිරම නිසා පමණක් නෙවෙයි. ඉදිරි සති හතරේදී අවධානයෙන් සිටිය යුතු වටිනා අනෙකුත් සිදුවීම් පෙළක් ද තිබෙන නිසා.

කණ්ඩායම්වලට ගුවන් සැතපුම් අතිවිශාල ප්‍රමාණයක් ගමන් කිරීමට සිදුවෙමින් හා එම කණ්ඩායම් අනුගමණය කිරීමට තමන් සතු අන්තිම සතේ දක්වා වියදම් කිරීමට ක්‍රීඩා ලෝලීන්ට සිදුවෙමින් Euro 2020 තරග විවිධ රටවල පැවැත්වීමේ හාස්‍යජනක තීරණයෙන් පසුව නැවත වතාවක් (සමහර විට අවසන් වතාවට) තරගාවලිය එක ම රටක පැවැත්වෙනවා.

 

240101 allianz arena neujahr 2024.ducඑහි තිබෙන ක්‍රීඩාංගණවල තත්ත්වය විශිෂ්ටයි

අවම වශයෙන් ක්‍රීඩා දෘෂ්ටිකෝණයෙන් බලන විට, ජර්මනිය යනු පරිපූර්ණ සත්කාරක දේශයක්. එහි තිබෙන ක්‍රීඩාංගණවල තත්ත්වය විශිෂ්ටයි. 46,000කට අඩු ධාරිතාවක් තිබෙන එක ම ක්‍රීඩාංගණයක් හෝ ජර්මනියේ නැහැ. ඊටත්, ඔවුන් තරගවලදී විස්මයජනක වාතාවරණයන් ගෙන ඒමට හේතුවන කාරණා දෙකක් තිබෙනවා.

* පළමුවැන්න, ජර්මනිය යුරෝපය මැද පිහිටා තිබෙන බැවින් තරග නැරඹීමට පැමිණෙන ක්‍රීඩා ලෝලීන් වැඩි දෙනෙකුට එහි පහසුවෙන් යාමට හැකියාව තිබීම.

* දෙවැන්න, ජර්මනිය සතුව උදාර පාපන්දු සංස්කෘතියක් තිබීම. 

 EURO 2024: යුරෝපීය පාපන්දුවේ මහා මංගල්‍යය‘යුරෝ 2024’ තරග ජර්මනිය උතුරේ හැම්බර්ග් සිට දකුණේ මියුනික් දක්වා ක්‍රීඩාංගණ දහයක පැවැත්වෙනවා.

 

සිදුවන්නට යන්නේ කුමක්දැයි නිශ්චිතව කීමේ ක්‍රමයක් නැතත් Eur0 2024 තරගාවලිය 2006 ලෝක කුසලාන තරගාවලිය වැනි දෙයක් වුවහොත් එය සත්කාරක රටේ පමණක් නොව මුළු මහත් ක්‍රීඩා ලෝකයේ ම පරිකල්පනය ග්‍රහණය කර ගන්නා යෝධ තරගාවලියක් වීමට ඉඩ තිබෙනවා.

2006 ලෝක කුසලානයෙන් පසුව ජර්මනිය ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලියකට සත්කාරකත්වය දක්වන්නේ ප්‍රථම වතාවට. ‘යුරෝ 2024’ තරග ජර්මනිය උතුරේ හැම්බර්ග් සිට දකුණේ මියුනික් දක්වා ක්‍රීඩාංගණ දහයක පැවැත්වෙනවා.

යුක්රේනයේ ආඩම්බරය

 

යුද්ධයෙන් බැටකන යුක්රේනය EURO තරගාවලියට සුදුසුකම් ලබයියුක්රේන් පාපන්දු කණ්ඩායමට ජර්මනිය ට පැමිණීමට හැකිවීම ම ප්‍රතිහාර්යයක්.
යුක්රේන් පාපන්දු කණ්ඩායමට ජර්මනිය ට පැමිණීමට හැකිවීම ම ප්‍රතිහාර්යයක්. රුසියානු ආක්‍රමණය නිසා මුළු රටක් ම විනාශ වෙමින් සිටින නිසා එරට ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ ජනතාව පසුගිය වසර දෙකහමාර තිස්සේ ජීවත් වෙමින් සිටින්නේ බියජනක අත්දැකීමක.

යුක්රේනයේ පවතින යුද්ධය හේතුවෙන් එරට ජාතික පාපන්දු කණ්ඩායමට එක ම සුදුසුකම් ලබා ගැනීමේ තරගයක් හෝ තම භූමියේ ක්‍රීඩා කිරීමට හැකිවුනේ නැහැ. තත්ත්වය එසේ තිබියදීත් Sergiy Rebrovගේ ක්‍රීඩකයන් ජර්මනියේ තරග බිමට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. ඒ, යුක්රේන් කණ්ඩායම තුළ තිබෙන ආඩම්බර හැඟීම නිසා.

යුද්ධයෙන් බැටකන යුක්රේනය EURO තරගාවලියට සුදුසුකම් ලබයිදැන් ඔවුන්ගේ ඉලක්කය වී තිබෙන්නේ තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබා දීර්ඝ කාලයක් තිස්සේ පීඩා විඳිමින් සිටින ඔවුන්ගේ පවුල්වලට වැඩි විනෝදයක් ලබා දීම

 

දැන් ඔවුන්ගේ ඉලක්කය වී තිබෙන්නේ තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබා දීර්ඝ කාලයක් තිස්සේ පීඩා විඳිමින් සිටින ඔවුන්ගේ පවුල්වලට වැඩි විනෝදයක් ලබා දීම. එම වටයට පිවිසීමේ සෑම අවස්ථාවක්ම ඇත්ත වශයෙන් ම යුක්රේන් කණ්ඩායමට උදාවී තිබෙන්නේ ඔවුන් බෙල්ජියම, ස්ලොවේකියාව හා රොමේනියාව සමග එක ම කොටසට ඇතුළත්ව සිටින නිසා. මේ කොටසේ දෙවැනි ස්ථානය ලබා ගැනීමේ අවස්ථාව ඇත්තෙන්ම විවෘතව තිබෙන්නේ සාමාන්‍ය පාපන්දු තරගාවලියකට වඩා ඔබ්බට Euro 2024 දෙස බලන මේ කණ්ඩායම වෙනුවෙන් ම යි. 

ජෝජියාවේ මංගල ප්‍රවේශය

 


මේ යුරෝපීය පාපන්දු ශූරතාවලිය දැන් උවමනාවට වඩා වැඩි කණ්ඩායම් සංඛ්‍යාවකින් පිරී තිබෙන අතර මෙහි ක්‍රමවේදය සිනහ උපදවන දෙයක් බවට පත්ව තිබෙනවා. තරගාවලියේ තත්ත්වය දියාරු වී තිබුනත් තරග වැඩිවන තරමට එහි සංවිධායකයින් වන යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනය - UEFA - ට ලැබෙන ආදායම වැඩිවන බව ඉතාමත් පැහැදිළියි.

තරගාවලිය මෑතකදී පුළුල් කිරීම අරබයා ඇතිව තිබෙන නුරුස්නා ස්වභාවය සාධාරණ වූව ද, ජෝජියාව ඔවුන්ගේ ඉතිහාසයේ ප්‍රථම වතාවට Euro තරගාවලියකට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අවස්ථාවේ ප්‍රදර්ශනය වූ සතුට සැමරීම ඉතාමත් හැඟීම්බර වීම ප්‍රතික්ෂේප කළ නොහැකි කරුණක්. Boris Paitchadze Dinamo Arena හි දී ග්‍රීසිය පරාජය කර ‘යුරෝ’ තරගාවලියකට ප්‍රථම වරට සුදුසුකම් ලබා ගත් රටේ අලුත් වීරයන් වැළඳ ගැනීම පිණිස ක්‍රීඩා ලෝලීන් උන්මාදයෙන් පිටියට කඩා වැදුනු විට රට පුරා වීදි සාදයන් ආරම්භ වූයේ හිටිවනම. 

තරගාවලියේ කුසපත් ඇදීම ජෝජියාවට කාරුණික වී නැහැ. ඔවුන්ට ජර්මන් තරග බිමේදී මුහුණ දීමට සිදුව තිබෙන්නේ පෘතුගාලය, චෙක් ජනරජය හා තුර්කිය ට. තම සුදුසුකම් ලබා ගැනීමේ තරග කොටසේ සිවුවැනි ස්ථානයට පත්වූ කණ්ඩායමක් ජර්මනියේදී පිළිමළුන් පිටුදැකීමේ වටයට පිවිසෙනු ඇතැයි සිතීම අපහසුයි. ‌මේ අනුව, ජෝජියාව මෙවර තරගාවලියේදී එක ලකුණක් හෝ ලබා ගැනීමට සමත් වුවහොත් ඒ හේතුවෙන් ද පෙරට වඩා අලංකාර දසුන් ඒ රටේ දැක ගන්නට ලැබෙනු නොඅනුමානයි.

එංගලන්තයේ ඉරණම

 



එංගලන්තය පසුගිය වසර අට ම ගත කළේ මේ අවස්ථාව එනතෙක්. අයිස්ලන්තය විසින් Euro 2016 තරගාවලියෙන් ඉවතට විසිකිරීමේ ලජ්ජාවෙන් පසුව ගැරත් සවුත්ගේට් ඔහුගේ කණ්ඩායම තුළ ජාතික ආඩම්බරය නැවත යථාතත්ත්වයට පමුණුවා තිබෙනවා.

කෙසේ වෙතත්, ප්‍රධාන තරගාවලියන් කිහිපයකම ශූරතාව ආසන්නයටම පිවිස පරාජය වීමෙන් පසුව කළමනාකරු සවුත්ගේට් මත පීඩනය වැඩි වෙමින් තිබෙන්නේ කුසලානයක් දිනා ගෙන වසර 58ක කලකිරීම අවසන් කරන ලෙසට බල කරමින්. වර්තමාන ලෝක පාපන්දුවේ වැඩිම දක්ෂතාවක් තිබෙන ඉදිරි පෙලක් සිටින්නේ එංගලන්තය ට. 

එහෙත් ඔවුන්ගේ උපරිම හැකියාවන් උකහා ගැනීමට ගැරත් සවුත්ගේට් සමත් වේවිද? එංගලන්තය ‘යුරෝ’ කුසලානය දිනා ගනීවිද? අපේක්ෂාවන් ඉතාමත් ඉහළ තැනක තිබෙන්නේ ‘යුරෝ’ ශූරයින් වීමේ මීට වඩා තවත් අවස්ථාවක් ඔවුන්ට නොලැබීමට ඉඩ තිබෙන නිසා.

රොනාල්ඩෝගේ හංස ගීතය

 

රොනාල්ඩෝ තවමත් ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුව මුදුනේරොනාල්ඩෝ තවමත් සිටින්නේ තරග බිම අත්නොහරින අනුකම්පා රහිත තත්ත්වයක.

පසුගිය කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් කඳුළු පිරි දෑසින් පිටව යාමෙන් පසුව ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝව ජාත්‍යන්තර මට්ටමෙන් දකින අවසන් අවස්ථාව එය බව බොහෝ දෙනාට සිතුනා. නමුත් එය වැරදි සිතිවිල්ලක්. රොනාල්ඩෝ තවමත් සිටින්නේ තරග බිම අත්නොහරින අනුකම්පා රහිත තත්ත්වයක. මේ ක්‍රීඩකයා නතර වන්නේ ම නැහැ. තමාව විවේචනය කරන්නන්ව අවුල් කරන ක්‍රීඩා දිවියක් ගත කරන රොනාල්ඩෝ දැන් 39 වැනි වියේ පසුවෙමින් සිටියදීත් Euro කුසලානය දෙවැනි වතාවටත් ජයග්‍රහණය කිරීමට මාන බලමින් සිටිනවා. ඒ වෙනුවෙන් ඔහුට ශක්තිමත් හැකියාවක් ද ලැබී තිබෙනවා.

තරග බිමේ සෑම පෙදෙසකම ඉහළම පෙලේ ක්‍රීඩකයන් පෘතුගාලය සතුව සිටිනවා. කණ්ඩායම මෙහෙයවීම රොනාල්ඩෝ ට යළි පැවරුනොත් මේ වයසට යන ඉදිරි පෙල ක්‍රීඩකයා වටේ ක්‍රීඩා කිරීමට Rafael Leao, Bernardo Silva හා Bruno Fernandes යන චමත්කාරජනක නිර්මාණශීලී ක්‍රීඩකයන් සිටිනවා.

 

රොනාල්ඩෝ රටවල් හතරකින් 'රන් සපත්තුව' දිනාගෙන ඉතිහාසගත වීමේ ගමනකරොනාල්ඩෝ සෞදි වෘත්තීය ලීගයේ ක්‍රීඩා කරමින් ගෝල් ලබා ගැනීමේ හොඳ තත්ත්වයක සිටින බැවින් ඔහු මෙවර ‘රත්තරං සපත්තුව’ – Golden Boot - සම්මානය දිනා ගනු ඇති බවට ඔට්ටුවක් ඇල්ලීමේ හැකියාවක් තිබෙනවා.
රොනාල්ඩෝ සෞදි වෘත්තීය ලීගයේ ක්‍රීඩා කරමින් ගෝල් ලබා ගැනීමේ හොඳ තත්ත්වයක සිටින බැවින් ඔහු මෙවර ‘රත්තරං සපත්තුව’ – Golden Boot - සම්මානය දිනා ගනු ඇති බවට ඔට්ටුවක් ඇල්ලීමේ හැකියාවක් තිබෙනවා. මෙය වඩාත් යෝග්‍ය ඔට්ටුවක් වනු ඇත්තේ පෘතුගාලය ඇතුළත්ව සිටින්නේ දුර්වල තරග ඛාණ්ඩයකට නිසාවෙන්. තුර්කිය, ජෝජියාව හා චෙක් සමූහාණ්ඩුව එම ඛාණ්ඩයේ සිටින සෙසු කණ්ඩායම්. තරගාවලියේ අවසන් පූර්ව වටය එළඹෙන තෙක්ම පෘතුගාලය ට ඛාණ්ඩ ජයග්‍රාහකයෙක් සමග තරග කිරීමට නියමිතව නැහැ. 

ජාත්‍යන්තර පාපන්දු ඉතිහාසයේ වඩාත්ම පලදායී මේ ක්‍රීඩකයා නියම පෘතුගාල සමුගැනීමකට ලක්වීමේ තත්ත්වයකට පිවිස සිටිනවා. ඒ, ඔහු 2026 ලෝක කුසලාන තරගාවලිය තෙක් දිගටම ක්‍රීඩා කිරීමට තීරණය නොකළොත් පමණ යි.

Ballon d’Or සටන

 

GettyImages 1244039852 scaled e1698253301475 1024x683බැලන් ඩි ඕර් - Ballon d’Or
‘රන් සපත්තුව’ දිනා ගැනීමෙන් පසුව බැලන් ඩි ඕර් - Ballon d’Or -  සම්මානයේත් සැලකීමට භාජනය වීම සඳහා රොනාල්ඩෝව උනන්දු කරාවිද? එය විය හැකියි. 

නමුත් ඒ ලැයිස්තුවේ රොනාල්ඩෝ ට වඩා බොහෝ ඉදිරියෙන් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ම සිටිනවා. Euro 2024 තරගාවලියේදී මේ සම්මානයේ අවධානය දිනා ගැනීමට මේ ක්‍රීඩකයන්ට රොනාල්ඩෝ ට වඩා හොඳ අවස්ථාවක් තිබෙනවා.

ඒ වෙනුවෙන් ජර්මනියේදී සියළු දෑස් පැහැදිලිවම යොමුව තිබෙනු ඇත්තේ ප්‍රංශයේ කිලිඅන් බප්පේ වෙත. 2022 ලෝක කුසලාන තරගාවලියේදී මේ ක්‍රීඩකයා ප්‍රදර්ශනය කළේ විස්මිත ක්‍රීඩාවක්. 

 

විශිෂ්ටයන් අභිබවා සීඝ්‍රගාමී ගමනක් යන Kylian Mbappeලෝකයේ සිටින දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා බප්පේ බවට පිළිගෙන තිබෙන්නේ මීට බොහෝ කලකට පෙර සිට.

ලෝකයේ සිටින දක්ෂතම පාපන්දු ක්‍රීඩකයා බප්පේ බවට පිළිගෙන තිබෙන්නේ මීට බොහෝ කලකට පෙර සිට. එහෙත් 25 හැවිරිදි මේ ක්‍රීඩකයා තවමත් ‘බැරන් ඩි ඕර්’ සම්මානය දිනා ගෙන නැහැ. බප්පේ නොබෝදා එක්වූ Real Madrid කණ්ඩායමේ ඔහුගේ අලුත් සගයන් වන විනීකිඅස් ජූනිය හෝ ජූඩ් බෙලිංඅම් විසින් බප්පේව මේ සම්මානය සඳහා පැරදවීමට බොහෝ ඉඩකඩ තිබෙනවා. ‘චැම්පියන්ස් ලීග්’ අවසාන තරගයේදී ගෝලයක් ලබා ගත් විනීකිඅස් බ්‍රසීලය වෙනුවෙන් Copa America තරගාවලියේදී දීප්තිමත්ව බැබළෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර එංගලන්තය මෙවර ‘යුරෝ’ කුසලානය හිමිකර ගතහොත් ඊට එක් ප්‍රධාන හේතුවක් වනු ඇත්තේ ඔවුන්ගේ 20 හැවිරිදි ආක්‍රමණශීලී මැදපෙල ක්‍රීඩක බෙලිංඅම් බවට සැකයක් නැහැ.

එහෙත් ඒ අතර බෙලිංඅම්ගේ ස්වදේශිකයන් වන නායක හැරී කේන් හා ෆිල් ෆොඩ්න් ද එංගලන්තය තරගාවලිය අවසානය දක්වා රැඳී සිටියොත් මේ සම්මානය සඳහා සලකා බැලීමට සුදුස්සන් බවට පත්වනු ඇත්තේ ඔවුන් පසුගිය ක්‍රීඩා වාරයේදී පිළිවෙලින් ජර්මනියේ සහ එංගලන්තයේ හොඳම ක්‍රීඩකයන් වූ නිසාවෙන්.

එවිට ටෝනි කෝස් (Toni Kross) ජර්මන් ක්‍රීඩකයා?...සම්භාවනීය මැදපෙල ක්‍රීඩකයන් අතරිනුත් කැපී පෙනෙන ක්‍රීඩකයා වන ඔහු මේ ‘යුරෝ’ තරගාවලියෙන් පසුව විශ්‍රාම යාමට නියමිතව සිටිනවා. ක්‍රීඩා සමාජ මට්ටමේ සිය අවසාන තරගයේදී චැම්පියන්ස් ලීගය ජයග්‍රහණය කළ ආකාරයට ‘යුරෝ’ තරගාවලියේ ද තමන්ගේ සත්කාරක රට කීර්තිය කරා රැගෙන යමින් මේ ක්‍රීඩකයා තරග බිමෙන් සමුගෙන ගියොත් එය පුදුමයක් නෙවෙයි.

 

ලෝක කුසලාන පාපන්දුවට පමණක් දෙවැනි Euro ශූරතාවලියEuro 2024 තරගාවලිය

අද ඇරඹෙන Euro 2024 තරගාවලිය පැහැදිලිවම ‘යුරෝ’ කුසලානය දිනා ගන්නේ කුමන කණ්ඩායම ද යන්න තීරණය කරන්නක් වූව ද එය ‘බැලන් ඩි ඕර්’ සම්මානය සඳහා වන සටනේ ප්‍රතිඵලය ට ද තීරණාත්මක වීමට ඉඩ තිබෙනවා.


සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

Euro 2024 යුරෝපීය පාපන්දු ශූරතාවලිය ජර්මනියේදී අද ඇරඹේ | The Leader