The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

FIBA U18 ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීම: නායකත්වය සා.ජෝසප් විදුහලේ මෙතික ජයසිංහ ට

T

The Leader Desk

July 8, 2024 • 9:32 AM

FIBA U18 ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීම: නායකත්වය සා.ජෝසප් විදුහලේ මෙතික ජයසිංහ ට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා කණ්ඩායම
  • ජයග්‍රාහකයන්ට FIBA අවුරුදු 18න් පහළ ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වීමට වරම් ලැබෙනවා.
  • ඔහු 2022 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා බාස්කට්බෝල් තරගාවලිය ඇතුළු නොයෙකුත් වයස් ඛාණ්ඩවල ජයග්‍රහණ සඳහා විදුහල මෙහෙයවා තිබෙනවා.
  • 2022 වසරේ පැවති අවුරුදු 18න් පහළ ‘ඒ’ කොටසේ ශූරතාවලියේ සහ 2024 වසරේ පැවති අවුරුදු 20න් පහළ ‘ඒ’ කොටසේ ශූරතාවලියේදී සාන්ත ජෝසප් විදුහල ජයග්‍රහණ කර ගෙන යාමට මෙතික ට හැකිවුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාල දිවයින් හා බංග්ලාදේශය සහභාගි වන ජාත්‍යන්තර බාස්කට්බෝල් සම්මේලනයේ - FIBA - අවුරුදු 18න් පහළ ආසියානු කුසලාන තරගාවලියට දකුණු ආසියාවෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජූලි 10 වැනිදා කොළඹදී ආරම්භ වනවා.


ජයග්‍රාහකයන්ට FIBA අවුරුදු 18න් පහළ ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වීමට වරම් ලැබෙනවා.

දකුණු ආසියානු බාස්කට්බෝල් සංගමයේ (SABA) මෙහෙයවීමෙන් සිවු දිනක් තිස්සේ පැවැත්වෙන මේ සිවුකොන් යොවුන් බාස්කට්බෝල් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ දරන්නේ කොළඹ සාන්ත ජෝසප් විදුහලේ මෙතික ජයසිංහ.

 

FIBA Methika Jayasingheමෙතික ජයසිංහ (නායක)

සාන්ත ජෝසප් විදුහල් බාස්කට්බෝල් නායකයා ද වන මෙතික දක්ෂ ඉදිරි‌ පෙල ක්‍රීඩකයෙක්. ඔහු 2022 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා බාස්කට්බෝල් තරගාවලිය ඇතුළු නොයෙකුත් වයස් ඛාණ්ඩවල ජයග්‍රහණ සඳහා විදුහල මෙහෙයවා තිබෙනවා. ජ්‍යෙෂ්ඨ වයස් ඛාණ්ඩයේ තරග වදිමින් වඩාත්ම වටිනා ක්‍රීඩකයා (MVP) සම්මානය කිහිප වතාවක් ම දිනා ගැනීමට ද මෙතික සමත් වුනා.

2022 වසරේ පැවති අවුරුදු 18න් පහළ ‘ඒ’ කොටසේ ශූරතාවලියේ සහ 2024 වසරේ පැවති අවුරුදු 20න් පහළ ‘ඒ’ කොටසේ ශූරතාවලියේදී සාන්ත ජෝසප් විදුහල ජයග්‍රහණ කර ගෙන යාමට මෙතික ට හැකිවුනා. ශ්‍රී ලංකා පාසල් බාස්කට්බෝල් සංගමය මෙහෙයවූ මේ තරගාවලියන් දෙකේ ම මෙතික ජයසිංහ දක්ෂතම ක්‍රීඩකයා වුනා. ඔහු 2023 යුද හමුදා සේනාපතිගේ අභියෝග කුසලාන අන්තර් සමාජ බාස්කට්බෝල් තරගාවලියේ ශූරයින් වූ කොළඹ කණ්ඩායමේ ද සාමාජිකයෙකුව සිටියා.

 

FIBA Eveen Senaratneඑවීන් සේනාරත්න (උපනායක)
ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කරන්නේ කොළඹ ඩී.එස්.සේනානායක විදුහලේ එවීන් සේනාරත්න.

ශ්‍රී ලංකාවේ පළමු තරගය ඉන්දියාව ට එරෙහිව ජූලි 10 වැනිදා පස්වරු 6.30 ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා අවුරුදු 18න් පහළ සංචිතය:

FIBA scheduleතරග සටහනමෙතික ජයසිංහ (සා.ජෝසප්), එවීන් සේනාරත්න (ඩී.එස්.සේනානායක), ඩයන් තේවකුමාර් (සා.බෙනඩික්ට්), ඩැරන් බර්නාඩ් (සා.ජෝසප්), ධිලුක් සමරවික්‍රම (මෙල්බර්න් උසස් පාසල), චමින්දු විජේසිංහ (සා.ජෝසප්), සුදම් ලියනගේ (ආනන්ද), ඒඩ්‍රියන් විජයවර්ධන (සා.ජෝසප්), නේදන් ජයසේකර (වෙස්ලි), තාරුක ජයසුන්දර (රාජකීය), දෙව්නිල වික්‍රමාරච්චි (වත්තල ලයිසියම්), ජූඩ් ආකාශ් (සා.ජෝසප්).

අතිරේක ක්‍රීඩකයන් - තීක්ෂණ ප්‍රනාන්දු (වෙස්ලි), දහන් විද්‍යාරත්න (වත්තල ලයිසියම්), සිහත් කලටුවගේ (මැක්කිලොප් කතෝලික විදුහල), රනික් ද සිල්වා (එල්.පී.එෆ්.ඇකඩමි).


පුහුණුකරුවන් - රොෂාන් රන්දිම සහ ෂේන් ඩැනියල්ස්

කණ්ඩායමේ කළමනාකරුවන් - ප්‍රසාද් සහ හෂෙන්ද්‍ර


සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...