The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

Finalissima 2025: යමාල් බබාව හුරතල් කළ වීරයා මුණගැසෙන තරගය

T

The Leader Desk

July 15, 2024 • 4:23 PM

Finalissima 2025: යමාල් බබාව හුරතල් කළ වීරයා මුණගැසෙන තරගය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බිලිඳු වියේ සිටියදී තමාව සුරතල් කළ ආජන්ටිනාවේ ලයනල් මෙසී ට එරෙහිව තරග කිරීමේ දුර්ලභ අවස්ථාවක්
  • ඒ, ලබන වසරේ පැවැත්වෙන Finalissima 2025 තරගයේදී.
  • ඊයේ පැවති අවසාන මහා තරගවලදී ස්පාඤ්ඤය ගෝල් 2-1කින් එංගලන්තය පරදවා ජර්මනියේදී Euro 2024 ශූරයන් ලෙස කිරුළු පැළඳ පැයකට පසුව ආජන්ටිනාව ගෝල් 1-0කින් කොලොම්බියාව පරාජය කරමින් අමෙරිකාවේදී Copa America 2024 ශූරයින් බවට පත්වුනා.
  • Finalissima හෝ Grand Final තරගය ප්‍රථම වතාවට ක්‍රීඩා කෙරුනේ 2022 වසරේදී.
අකුරු ප්‍රමාණය (Font Size):

ස්පාඤ්ඤයේ නැගී එන පාපන්දු තරුව වන ලෙමීන් යමාල් ට උදා වී තිබෙනවා. ඒ, ලබන වසරේ පැවැත්වෙන Finalissima 2025 තරගයේදී.

Finalissima තරගය ක්‍රීඩා කෙරෙන්නේ Euro හා Copa America ජයග්‍රාහකයන් අතර.

ඊයේ පැවති අවසාන මහා තරගවලදී ස්පාඤ්ඤය ගෝල් 2-1කින් එංගලන්තය පරදවා ජර්මනියේදී Euro 2024 ශූරයන් ලෙස කිරුළු පැළඳ පැයකට පසුව ආජන්ටිනාව ගෝල් 1-0කින් කොලොම්බියාව පරාජය කරමින් අමෙරිකාවේදී Copa America 2024 ශූරයින් බවට පත්වුනා.

Finalissima හෝ Grand Final තරගය ප්‍රථම වතාවට ක්‍රීඩා කෙරුනේ 2022 වසරේදී. එංගලත්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී මේ මංගල තරගය පැවතියේ ඉතාලිය හා ආජන්ටිනාව අතර. එහිදී ලයනල් මෙසීගේ ආජන්ටිනාව ගෝල් 3-0කින් ඉතාලිය පරාජය කළා.

ලබන වසරේ මේ තරගයේදී මෙසී විසින් ආජන්ටිනාව නැවත වතාවක් මෙහෙයවීමට නියමිතව තිබෙන අතර මෙවර ඔහු තරග වදින්නේ Euro 2024 පාපන්දු තරග බිමේ වාර්තා පිට වාර්තා පිහිටුවූ 17 හැවිරිදි ලෙමීන් යමාල්ගේ ස්පාඤ්ඤ කණ්ඩායම සමග.

yamal
මීට පෙර මේ දෙදෙනා මුණගැසී තිබෙන්නේ එක් වතාවක් පමණයි. ඒ, දැන් සමාජ මාධ්‍යයේ පැතිර ගොස් තිබෙන ඡයාරූපයේ යමාල් බබෙක්ව සිටි 2007 වසරේදී. ඒ වන විට යමාල් මාස කිහිපයක බබෙක්ව සිටියදී මෙසීගේ වයස අවුරුදු 20ක් වී තිබූනා. තමාගේ ළමා වියේ වීරයා වන මෙසී මුණගැසී ඔහුට එරෙහිව ක්‍රීඩා කිරීමට හැකිවනු පිණිස ස්පාඤ්ඤය හා ආජන්ටිනාව ඔවුනොවුන්ගේ අවසාන තරග ජයග්‍රහණය කරනු ඇතැයි තමා ප්‍රාර්ථනා කරන බවට යමාල් ඊයේ පැවැති Euro හා Copa America අවසාන තරගවලට පෙර ප්‍රකාශ කර තිබුනා.

“මෙසී Copa America දිනලා මම Euro දිනාවි කියල මම ප්‍රාර්ථනා කරනවා. මොකද, එතකොට මට Finalissima තරගයේදී එයාට එරෙහිව තරග කරන්න ලැබෙන නිසා” යනුවෙන් යමාල් පවසා තිබුනා. ඔහුගේ ඒ සිහිනය දැන් එලෙසින්ම සැබෑ වී තිබෙනවා.

ස්පාඤ්ඤ ඉදිරි‌ පෙල ක්‍රීඩක ලෙමීන් යමාල් ඊයේ ඉරිදා ‘යුරෝ’ අවසාන තරගයට ක්‍රීඩා කිරීමත් සමග ඔහු බ්‍රසීලයේ පාපන්දු පුරාවෘත්තය වන පේලේ විසින් 1958 වසරේ තබා තිබූ වාර්තාව අභිබවා යමින් FIFA ලෝක කුසලානයේ හෝ UEFA යුරෝපීය ශූරතාවලියේ අවසාන මහා තරගයක ක්‍රීඩා කළ එදා මෙදා තුර ළාබාලතම ක්‍රීඩකයා බවට පත්වුනා.

අවසාන තරගයට පෙර දින සෙනසුරාදා 17 වැනි වියට පා තැබූ යමාල් ඔහුගේ උපන්දිනය සැමරුවේ එංගලන්තය ට එරෙහි ගෝල් 2-1ක ජයග්‍රහණයේ ස්පාඤ්ඤ පළමු ගෝලය ලබා ගැනීම සඳහා සහාය වෙමින්. ස්පාඤ්ඤය මෙවර ‘යුරෝ’ ශූරයන් වූයේ වාර්තාගත සිවුවැනි වතාවට.

තරගාවලිය පුරාවට ප්‍රදර්ශනය වූ යමාල්ගේ දස්කම් අගය කරමින් ඔහුට ‘තරගාවලියේ හොඳම යොවුන් ක්‍රීඩකයා’ සම්මානය පිරිනැමුනා.


“මෙය මට සිහිනයක්. නැවත ස්පාඤ්ඤයට ගිහින් මේක සමරන තෙක් මට ඉවසිල්ලක් නැහැ” යමාල් කීවා. “මේක තමයි මට ලබා ගන්න පුළුවන් හොඳම උපන්දින තෑග්ග. දැන් මට ඕන ගෙදර ගිහිං මගේ පවුලේ අයත් එක්ක මේක සමරන්නයි.”


යමාල් Euro 2024 තරගාවලිය අවසන් කළේ ගෝල් එකක් හා ගෝල් ලබා ගැනීමට සහාය වීම් හතරක් වාර්තා කරමින්. සහාය වීමේ වාර්තා 1980 වසරේදී ආරම්භ වීමෙන් පසුව තනි යුරෝපීය ශූරතාවලියකදී වාර්තා වූ වැඩිම ගෝල් ලබා ගැනීමේ සහාය වීම් ප්‍රමාණය මෙයයි.  

යුරෝ තරග බිමේ තනි තරගාවලියකදී අර්ධ අවසන් පූර්ව, අවසන් පූර්ව හා අවසාන තරගවල ගෝල් ලබා ගත් හෝ ගෝල් ලබා ගැනීමට සහාය වූ පළමු ක්‍රීඩකයා ලෙසින් ද ලෙමීන් යමාල් ඉතිහාසගතව සිටිනවා.

2022 වසරේදී මිය ගිය පේලේ, බ්‍රසීලය වෙනුවෙන් 1958 ලෝක කුසලාන අවසාන තරගයට ක්‍රීඩා කරන විට ඔහුගේ වයස වී තිබුනේ අවුරුදු 17යි දවස් 249ක්.

පේලේ විසින් පිහිටුවා තිබූ වාර්තාවක් යමාල් විසින් සතියක් ඇතුළත අභිබවා ගිය දෙවැනි අවස්ථාවයි මේ. සතිය මැද ප්‍රංශය ට එරෙහිව ලබා ගත් ජයග්‍රහණයේදී යමාල් ලොව ප්‍රධාන පෙලේ ජාතික පාපන්දු කණ්ඩායම් තරගාවලියක අවසන් පූර්ව තරගයකට ක්‍රීඩා කළ ළාබාලතම ක්‍රීඩකයා බවට පත්වූයේ පේලේගේ උරුමය කළමනාකරණය කරන පේලේ පදනමෙන් සුභ පැතුම් ද හිමිකර ගනිමින්.

 

සටහන :

warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


සබැඳි පුවත් :
යමාල්ගේ මිනිත්තු අනූවේ ක්‍රීඩාවට හරස් වන ජර්මන් කම්කරු නීතිය

තරුණ මෙසී හා යමාල් බබාගේ ‘පුරාවෘත්ත දෙකක ආරම්භයේ’ ඡායාරූපය

ලෙමීන් යමාල්: වාර්තා බිඳ දමමින් නැගී එන ස්පාඤ්ඤ පාපන්දු තරුව

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...