The Leader News
BREAKING
Top Ad
පුවත්

දේශපාලන බලපෑම් සෙවීමට පැමිණි ICC නියෝජිතයා සාගල හමුවෙයි

T

The Leader Desk

May 11, 2023 • 3:57 AM

 දේශපාලන බලපෑම් සෙවීමට පැමිණි ICC නියෝජිතයා සාගල හමුවෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් පිළිබඳව සොයා බැලීම සඳහා මෙරටට පැමිණි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (ICC ) උප සභාපති ඉම්රාන් කවාජා ඊයේ (10) ශ්‍රී ලංකා ක්‍රිකට්
  • ඉම්රාන් කවාජා, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ද හමුවීමට නියමිත බවත් ඒ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන බව මේ මස 8 වැනිදා ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
  • ඊට අමතරව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නජ්මුල් හසන් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන ඉම්රාන් කවාජා කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ආයතනයේ නිලධාරීන් සහ ජනාධිපති කාර්ය සහ ජේෂ්ඨ ආරක්ෂක උපදේශක සාගල රත්නායක හමුවිය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ උප සභාපතිවරයා මෙරටට පැමිණ ඇත්තේ,  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනයකට අනුව ය.

ඉම්රාන් කවාජා ඊයේ රාත්‍රී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාව හමු වීය.

ඉම්රාන් කවාජා, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ද හමුවීමට නියමිත බවත් ඒ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන බව මේ මස 8 වැනිදා ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දේශපාලනික බලපෑම් එල්ල වන බවට වන පැමිණිල්ලට ආදලව කරුණු සොයා බැලීම සඳහා පත් කර ඇති ජාත්‍යන්තර කමිටුවේ සභාපතිවරයා වන්නේ, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂවරයෙකු වන ජේ. ශා ය.

ඊට අමතරව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නජ්මුල් හසන් සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන ඉම්රාන් කවාජා කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරයි.


සබැඳි පුවත් :


අයි.සී.සී. නියෝජිතයා අද ක්‍රිකට් විධායක කමිටුව හමුවෙයි

දේශපාලන අතපෙවීම් සෙවීමට ක්‍රිකට් කවුන්සිලයේ උපසභාපති ලංකාවට!

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දේශපාලන බලපෑම් සෙවීමට පැමිණි ICC නියෝජිතයා සාගල හමුවෙයි | The Leader