The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ක්‍රීඩා

දකුණු ආසියාවේ දැවැන්තම K-1 සටන් රාත්‍රිය - KFL 005 සත්කාරකත්වය සිනමන් ලයිෆ්

T

The Leader Desk

July 13, 2025 • 4:15 AM

දකුණු ආසියාවේ දැවැන්තම K-1 සටන් රාත්‍රිය - KFL 005 සත්කාරකත්වය සිනමන් ලයිෆ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු ආසියාවේ විශාලතම K-1 සටන් ලීගය වන Karma Fight League නැතිනම් KFL, ජූලි 25 වන දින දකුණු ආසියාවේ විශාලතම Entertainment Hub එක වන සිනමන් ලයිෆ් හිදී එහි පස්වන සටන් රාත්‍රිය ලෙස පවත්වනු ඇත.
  •   එමෙන්ම ශ්‍රී ලංකාවේ හොඳම තරුණ සටන්කරුවන් සහභාගී වන KFL Extreme Championship ද මෙවර KFL සටන් රාත්‍රියට හඳුන්වා දෙනු ඇත.
  • KFL සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයක ආරම්භය සනිටුහන් කරමින් සිනමන් ලයිෆ් මෙම ඉසව්ව සඳහා ස්ථානය සහ Hospitality Partner ලෙස කටයුතු කරනු ඇත.
  • එබැවින් මෙය අමතක නොවන ඉහළ ආස්වාදජනක අත්දැකීමක් වනු ඇතැයි අප පොරොන්දු වන අතරම ඒ වෙනුවෙන් අපි ඉතා උද්යෝගිමත්ව බලා සිටිනවා,” යැයි Cinnamon Life at City of Dreams හි ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී සංජීව් හුළුගල්ල පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


ලුමිනා බෝල්රූම් ශාලාවේ පැවැත්වෙන මෙවර සටන් රාත්‍රියට ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය සහ ඕස්ට්‍රේලියාව යන රටවල් නියොජනය කරමින් පිරිමි සහ කාන්තා දෙඅංශයෙන්ම සටන් පැවැත්වෙනවා.

 



එමෙන්ම ශ්‍රී ලංකාවේ හොඳම තරුණ සටන්කරුවන් සහභාගී වන KFL Extreme Championship ද මෙවර KFL සටන් රාත්‍රියට හඳුන්වා දෙනු ඇත.

KFL සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයක ආරම්භය සනිටුහන් කරමින් සිනමන් ලයිෆ් මෙම ඉසව්ව සඳහා ස්ථානය සහ Hospitality Partner ලෙස කටයුතු කරනු ඇත.

WhatsApp Image 2025 07 12 at 11.50.45 PM

“මෙම ඉසව්වට  සත්කාරකත්වය ලබා දීමට ලැබීම ගැන අපි ඉතා සතුටු වෙමු. KFL ශ්‍රී ලංකාවේ සටන් ක්‍රීඩාවේ හැඩය වෙනස් කරමින් නව්‍ය දැක්මකින් නැවත අර්ථ දැක්වීමට සූදානම් වනවා සේම, City of Dreams හි Cinnamon Life, පවා කොළඹට පමණක් සීමා නොවී රට පුරා නව සන්ධිස්ථානක් එක් කිරීමට කටයුතු කරනවා.

20250411 081434සංජීව් හුළුගල්ල

 

අව්‍යාජ ශ්‍රී ලාංකික ආගන්තුක සත්කාරය ප්‍රදර්ශනය කිරීම ගැන අපි ආඩම්බර වන අතර මෙම සහයෝගීතාවය එහි පරිපූර්ණ පිළිබිඹුවකි. එබැවින් මෙය අමතක නොවන ඉහළ ආස්වාදජනක අත්දැකීමක් වනු ඇතැයි අප පොරොන්දු වන අතරම ඒ වෙනුවෙන් අපි ඉතා උද්යෝගිමත්ව බලා සිටිනවා,” යැයි Cinnamon Life at City of Dreams හි ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී සංජීව් හුළුගල්ල පැවසීය.

මෙම හවුල්කාරිත්වය කොළඹ මහා පරිමාණ ක්‍රීඩා ඉසව් වෙනුවෙන් වන ඉල්ලුමේ වර්ධනය පිළිබිඹු කරන අතර ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංචාරක ව්‍යාපාරයේ වර්ධනයටද සහාය වනවා.

WhatsApp Image 2025 07 12 at 11.50.44 PM 1
KFL සටන් රාත්‍රිය, කලාපය පුරා  KFL ලීගයේ අඛණ්ඩ වර්ධනයේ තවත් ඉදිරි පියවරක් සනිටුහන් කරයි.

එබැවින් අදම KFL005 සටන් රාත්‍රිය වෙනුවෙන් අදම ඔබේ ටිකට් පත වෙන්කරවා ගන්න.

 

WhatsApp Image 2025 07 12 at 11.50.45 PM 1
ටිකට් පත මිලදී ගැනීම :

https://tickets.karmafightleague.com  ඔස්සේ සහ  076 000 3232 දුරකථන ඔස්සේත් සිදුකිරීමට හැකියි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...