K -1 සටන් ක්‍රමවේදය යටතේ ඉන්දියාවේ කොල්කටා හිදී පැවති මෙම තරඟාවලියට ප්‍රබල සටන්කරුවන් රැසක් එක්ව සිටියා.

මෙහිදී (Co-Main Event) ලෙස LightMiddle Weight බර පන්තිය යටතේ සටන් වැදුණු මලින්ද ("Boyka") අමරසිංහ ඉන්දියාවේ හර්ෂ් පරාජයට පත් කරමින් සටන ජය ගැනීමට සමත් වුණා.

මෙහි (Main Event) වශයෙන් සටනට එක් වුණු ශ්‍රී ලංකාවේ සිල්වෙස්ටර් සිල්වා ඉන්දියාවේ විශ්ව පරාජයට පත් කරමින් එම බර පන්තියේ ශුරතා බඳ ශ්‍රී ලංකාවට දිනා දීමට සමත් වුණා.

ශ්‍රී ලංකාවේද K -1 සටන් ක්‍රමවේදය යටතේ පැවති KFL Open Weight Championship හි ශුරතාවයද දිනා ගැනීමට සිල්වෙස්ටර් සිල්වා සමත් වීම කැපී පෙනෙනවා.
KFL 005 සටන් රාත්‍රිය ජුලි මස 25 වන සිකුරාදා
මෙවර KFL 005 සටන් රාත්‍රිය Cinnamon Life at City of Dreams හිදී ජුලි මස 25 වන සිකුරාදා පැවැත්වීමට මේ වන විට කටයුතු සුදානම් වනවා.
ඒ වෙනුවෙන් සටන් ක්‍රීඩාවට කැමති ප්‍රේක්ෂක ඔබට දැන් අවස්ථාව හිමි වෙනවා
ඒ වෙනුවෙන් අදම ඔබේ ටිකට් පත වෙන්කරවා ගැනීමට karma fight league වෙබ් අඩවිය පිවිසීමෙන් හෝ 076 000 3232 දුරකථන ඔස්සේත් සිදුකිරීමට හැකියි.



