The Leader News
BREAKING
Top Ad
පුවත්

දඹුලු පිල පරදා ජැෆ්නා කිංග්ස් LPL අවසන් සටනට

T

The Leader Desk

December 22, 2021 • 3:50 AM

 දඹුලු පිල පරදා ජැෆ්නා කිංග්ස් LPL අවසන් සටනට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවිශ්ක ප්‍රනාන්දු වාර්තා කළ සිය මංගල 20 යි 20 ශතකය හේතුවෙන් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගයෙන් දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම ලකුණු 23 කින් පරදා තරගාවලියේ
  • තරගය ජය ගැනීම සදහා කිංග්ස් කණ්ඩායමෙන් ලද ලකුණු 211 ක ඉලක්කය හඹා ගිය ජයන්ට්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 187ක් පමණයි.
  • හුදෙකලා සටනක නිරත වූ චාමික කරුණාරත්න සිය මංගල 20 යි 20 අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 47 කින් නොදැවී ලකුණු 75 ක් ලබා ගත්තා.
  • පිල් සෝල්ට් ලකුණු 22ක් සහ නජිබුල්ලාහ් සඩ්රාන් ලකුණු 21ක් රැස් කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා කිංග්ස් කණ්ඩායමෙන් ලද ලකුණු 211 ක ඉලක්කය හඹා ගිය ජයන්ට්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 187ක් පමණයි.

හුදෙකලා සටනක නිරත වූ චාමික කරුණාරත්න සිය මංගල 20 යි 20 අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 47 කින් නොදැවී ලකුණු 75 ක් ලබා ගත්තා. පිල් සෝල්ට් ලකුණු 22ක් සහ නජිබුල්ලාහ් සඩ්රාන් ලකුණු 21ක් රැස් කළා. පන්දු යැවීමේ දී ජෙයිඩ්න් සීල්ස් කඩුලු 3 ක් දවා ගත් අතර, මහීෂ් තීක්ෂණ හා තිසර පෙරේරා කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුණා.

ඊයේ පැවැති තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ දී පරාජයට පත් වූ තරග 3 ම දෙවනුවට පන්දුවට පහර දී පරාජයට පත්ව සිටි පසුබිමක් තුළයි.  

ඒ අනුව හම්බන්තොට පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 210ක් ලබා ගත්තේ කඩුලු 4ක් දැවී සිටියදීයි. එය මෙවර තරග වාරයේ දී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වනවා.

කිංග්ස් ඉනිමේ පළමු කඩුල්ල සදහා අවිශ්ක ප්‍රනාන්දු හා රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 122ක සබදතාවයක් ගොඩ නැගූ අතර, එය එල්.පී.එල් තරග ඉතිහාසයේ පළමු කඩුල්ල සදහා වාර්තා වූ හොදම සබදතාවය වීම ද විශේෂත්වයක්.

ගුර්බාර් පන්දු 40කින් වේගවත් ලකුණු 70ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 4ක් හා හතරේ පහර 5ක් සමගින්. එල්.පී.එල් ඉතිහාසයේ පිතිකරුවෙකු වාර්තා කළ දෙවැනි ශතකය වාර්තා කරමින් අවිශ්ක ප්‍රනාන්දු පන්දු 64කින් ලකුණු 100ක් ලබා ගත්තා. හයේ පහර 4කින් හා හතරේ පහර 10කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා. පන්දු යැවීමේ දී ළහිරු සමරකෝන් ලකුණු 30කට කඩුලු 2ක් දවා ගත්තා.

දඹුල්ල කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසක් දුර්වල පන්දු රැකීමක නිරත වීම ද දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ පරාජයට බෙහෙවින් බලපානු ලැබුවා. ඊ

ඒ අනුව, භානුක රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් පිල සහ තිසර පෙරේරා මෙහෙයවන ජැෆ්නා කිංග්ස් පිල අතර අවසන් මහ තරගය සූරියවැව ක්‍රීඩාංගණයේදී අනිද්දා (23) රාත්‍රී පැවැත්වීමට නියමිතයි.

පසුගිය වසරේ පැවැති එල්.පී.එල් තරගාවලියේ ද අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ එම කණ්ඩායම් දෙකම වීම විශේෂත්වයක්.

 {gallery}Jaffna{/gallery}




(nethnews.lk)

 

Leader Whats app

 

 

 
 

අගමැතිකමට අබ සරණයි අප්පච්චිට ආතතිය ! 

 
සර් හැරෙන කොට බැසිල් කලාත් ඉවරයි ! | "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 
ස' වැටිච්ච අමාරුවක්! දිලිත් ද? පීබී ද?
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...