The Leader News
BREAKING
Top Ad
පුවත්

ජැෆ්නා කිංග්ස් දෙවැනිවරටත් LPL කුසලානය දිනයි

T

The Leader Desk

December 24, 2021 • 4:24 AM

ජැෆ්නා කිංග්ස් දෙවැනිවරටත් LPL කුසලානය දිනයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජැෆ්නා කිංග්ස් පිල ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ (2021) ශූරතාව දිනාගැනීමට ඊයේ (23) සමත් විය.
  • සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ (23) රාත්‍රී පැවැති අවසන් මහ තරගයේදී තිසර පෙරේරා මෙහෙයවන ජැෆ්නා කිංග්ස් පිල ලකුණු 23 කින් භානුක රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් පිල පරාජය කිරීමට සමත් විය.
  • ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මූලික වටයේ තරග 8 න් තරග 6 ක් ජයග්‍රහණය කර තරග 2 ක් පරාජ වී තිබු අතර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම මූලික වටයේ තරග 8 න් 4 ක් ජයග්‍රහණය කර තරග 4 ක් පරාජ වි තිබිණ.
  • ඒ අනුව පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් නියමිත පන්දුවාර 20 අවාසනයේ කඩුලු 3ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 201කි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ගෝල් ග්ලැඩියේටර්ස් පිලට අනුශූරතාව හිමිවිය.

ජැෆ්නා කිංග්ස් පිල පිට පිටම දෙවැනි වරටත් ශූරතාව දිනාගැනීම මෙහිදී කැපී පෙනුණි.

ගෝල් ග්ලැඩියේටර්ස් පිලට පිට පිටම දෙවැනි වරටත් අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.

සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී ඊයේ (23) රාත්‍රී පැවැති අවසන් මහ තරගයේදී තිසර පෙරේරා මෙහෙයවන ජැෆ්නා කිංග්ස් පිල ලකුණු 23 කින් භානුක රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් පිල පරාජය කිරීමට සමත් විය.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මූලික වටයේ තරග 8 න් තරග 6 ක් ජයග්‍රහණය කර තරග 2 ක් පරාජ වී තිබු අතර ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම මූලික වටයේ තරග 8 න් 4 ක් ජයග්‍රහණය කර තරග 4 ක් පරාජ වි තිබිණ.
 
LPL 3
 
LPL 2
LPL 1

අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා සමත් වූ අතර එහිදී ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටය.

ඒ අනුව පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් නියමිත පන්දුවාර 20 අවාසනයේ කඩුලු 3ක් දැවි රැස්කළ ලකුණු සංඛ්‍යාව 201කි.

එහිදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 63ක් රැස්කළ අතර ටොම් කෝලර්-කැඩ්මෝර් නොදැවී ලකුණු 57ක් රැස් කළේය.

පන්දු යැවිමේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් අමීර්, නුවන් තුෂාර සහ සමිත් පටෙල් එක් කඩුල්ල බැගින් දවාගත්හ.

ලකුණු 202ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 178ක් පමණි.

එහිදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක ලකුණු 54ක් රැස්කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 39ක් රැස්කළේය.

පන්දු යැවිමේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග සහ චතුරංග ද සිල්වා කඩුලු 2ක බැගින් දවාගත්හ.

 

 LPL 2021 3LPL 2021 4LPL 2021 2LPL 2021 1


 

Leader Whats app

 
 
 
ඇත්තටම The Leader
 
 
 
 
Democracy Over Dictatorship - Krishantha cooray
 

 
අප්පච්චි බේරගන්න චීගෙන් චූ පෑලැන් එකක් !| මොණරවිලගේ ලියමන 
 
 
  
 
ඩලස්ගේ අලුත් ගේම! | The Leader TV | Gossip 
 
 
 
 
බැසිල් කියන්නෙ විනාශ කිරීමේ ඇමති ! | "ස" ගේ දැනගැනීම පිණිසයි

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...