The Leader News
BREAKING
Top Ad
පුවත්

LPL පළමු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට

T

The Leader Desk

July 31, 2023 • 4:09 AM

 LPL පළමු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයෙන් 'කලම්බෝ ස්ට්‍රයිකර්ස්' කණ්ඩායම පරාජය කරමින් ලකුණු 21 ක ජයක් අත්කර ගැනීමට පසුගියවර ශූරයින් වූ 'ජැෆ්නා කිංග්ස්' කණ්ඩායම ඊයේ (30)
  • තව්හිද් රිඩෝයි පන්දු 39 ලකුණු 54 යි.
  • දුනිත් වෙල්ලාලගේ පන්දු 23 කදී නොදැවී ලකුණු 25 ක් රැස් කළේය.
  • ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හඹාගිය කලම්බු කණ්ඩායමට ඕවර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 152 ක් පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):

රාත්‍රියේ සමත් විය.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් 'ජැෆ්නා කිංග්ස්' කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 05 ක් දැවී ලකුණු 173 ක් රැස් කළේය.

තව්හිද් රිඩෝයි පන්දු 39 ලකුණු 54 යි. දුනිත් වෙල්ලාලගේ පන්දු 23 කදී නොදැවී ලකුණු 25 ක් රැස් කළේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් හඹාගිය කලම්බු කණ්ඩායමට ඕවර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 152 ක් පමණි.

'කලම්බෝ ස්ට්‍රයිකර්ස්' කණ්ඩායමේ නායක නිරෝෂන් දික්වැල්ල පන්දු 34 කදි ලකුණු 58 ක් රැස්කල ද එය තරගයේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවිය.

චාමික කරුණාරත්න පන්දු 15 කදි ලකුණු 23 ක් රැස් කළේය.

පන්දු යැවීමේදී හාඩස් විල්ජොඑන් ලකුණු 31 කට කඩුළු 03 ක් දවා ගැනීමට සමත් විය.

විජය කාන්ත් වියස්කාන්ත් ලකුණු 17 කට කඩුළු 02 ක් දවා ගත් අතර ඔහු තරගයේ වීරයා ලෙස ද සම්මාන හිමිකර ගත්තේය.


LPL1


මේ අතර එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 02 ක් අද (31) පැවැත්වේ.

ඒ අනුව, 'ගෝල් ටයිටන්ස්' සහ 'දඹුල්ල ඕරා' කණ්ඩායම අතර තරගය පස්වරු 03 ට ආරම්භවීමට නියමිතය.

'බී ලව් කැන්ඩි' කණ්ඩායම සහ 'කලම්බෝ ස්ට්‍රයිකර්ස්' කණ්ඩායම අතර තරගය අද රාත්‍රී 07 යි 30 ට ආරම්භ වේ.

එම තරග 02 ම පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීය.

{gallery}LPL 2023.07.30{/gallery}

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...