The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
ක්‍රීඩා

යෝරික් වැන් ෂෝක්වික්: දකුණු අප්‍රිකානු පිතිකරුවාගෙන් එදා මෙදා තුර පළමු යොවුන් ODI ද්විත්ව ශතකයක්

T

The Leader Desk

July 30, 2025 • 11:48 AM

යෝරික් වැන් ෂෝක්වික්: දකුණු අප්‍රිකානු පිතිකරුවාගෙන් එදා මෙදා තුර පළමු යොවුන් ODI ද්විත්ව ශතකයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යොවුන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු පිතිකරුවා බවට දකුණු අප්‍රිකාවේ යෝරික් වැන් ෂෝක්වික් (Jorich Van Schalkwyk) පත්ව සිටිනවා.
  •   සිම්බාබ්වේ හි පැවති අවුරුදු 19න් පහළ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සත්කාරක පිලට එරෙහිව දකුණු අප්‍රිකානු ඉනිම ආරම්භ කළ ෂෝක්වික් ඔහුගේ පිතිහරඹය අරමුණක් ඇතිව ආරම්භ කළේ තරගයේ දෙවැනි ඕවරයේදී හතරේ පහර තුනක් එල්ල කරමින්.
  • තම කණ්ඩායම පළමු ඕවර 10 ඇතුළත කඩුලු දෙකක් අහිමි කරගෙන සිටියදීත් වේගවත් පිතිකරණයක දිගටම නියැලුනු මේ 18 හැවිරිදි පිතිකරුවා පන්දු 48කින් ඔහුගේ අර්ධ ශතකයට පිවිසියා.
  • ඔහුගේ දෙවැනි ලකුණු 50 ඊටත් වඩා වේගවත් වූ අතර ඔහු මුහුණ දුන් 86 වැනි පන්දුවෙන් ෂෝක්වික් සිය ශතකය ලබා ගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):

දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වන ෂෝක්වික් මීට දින කිහිපයකට පෙර මේ වාර්තාව පිහිටුවීමට ගත් උත්සාහයට ආලෝකය මඳවීම හරස් වුනා.

 



සිම්බාබ්වේ හි පැවති අවුරුදු 19න් පහළ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සත්කාරක පිලට එරෙහිව දකුණු අප්‍රිකානු ඉනිම ආරම්භ කළ ෂෝක්වික් ඔහුගේ පිතිහරඹය අරමුණක් ඇතිව ආරම්භ කළේ තරගයේ දෙවැනි ඕවරයේදී හතරේ පහර තුනක් එල්ල කරමින්.

තම කණ්ඩායම පළමු ඕවර 10 ඇතුළත කඩුලු දෙකක් අහිමි කරගෙන සිටියදීත් වේගවත් පිතිකරණයක දිගටම නියැලුනු මේ 18 හැවිරිදි පිතිකරුවා පන්දු 48කින් ඔහුගේ අර්ධ ශතකයට පිවිසියා. ඔහුගේ දෙවැනි ලකුණු 50 ඊටත් වඩා වේගවත් වූ අතර ඔහු මුහුණ දුන් 86 වැනි පන්දුවෙන් ෂෝක්වික් සිය ශතකය ලබා ගත්තා.

 

ඒ ශතකයෙන් සටහන් වූයේ පසුගිය සතියේ අඟහරුවාදා බංග්ලාදේශය ට එරෙහිව ෂෝක්වික් නොදැවී ලබා ගත් ලකුණු 164 ට පසුව ඔහු පිට පිට ලබා ගත් තෙවැනි ශතකය. එම තරගය ආලෝකය මඳ වීම හේතුවෙන් නතර කෙරුනේ දකුණු අප්‍රිකානු ඉනිමේ තවත් පන්දු 32ක් ඉතිරිව තිබියදී. ඒ හේතුවෙන් ෂෝක්වික් ට ඕවර 50 ද්විත්ව ශතකයක් ලබා ගත් ප්‍රථම අවුරුදු 19න් පහළ පිතිකරුවා වීමේ අවස්ථාව එදා අහිමි වුනා.

කෙසේ වෙතත්, ජූලි 25 වැනිදා ඒ අඩුපාඩුව සපුරා ගත් ෂෝක්වික්, පන්දු 145කින් ලකුණු 200 සම්පූර්ණ කිරීමට සමත් වුනා. ඒ වන විට ඔහු 2018 වසරේ කෙන්යාව ට එරෙහිව ශ්‍රී ලංකාවේ හසිත බෝයගොඩගේ ලකුණු 191ක් රැස් කරමින් පිහිටුවා තිබූ ඕවර 50 යොවුන් ක්‍රිකට් තරග බිමේ වැඩිම ලකුණු වාර්තාව අභිබවා ගොස් සිටියා.

jorich

 

ෂෝක්වික්ගේ මේ උත්සාහයට පෙර දකුණු අප්‍රිකානු අවුරුදු 19න් පහළ පිතිකරුවෙකුගේ වැඩිම ලකුණු වාර්තා කර තිබුනේ ජැක්ස් රුඩොල්ෆ්. ඒ, 2000 වසරේ පැවති අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගයේ.

අවසානයේ ෂෝක්වික් ලකුණු 215කට දැවී ගියා.

අවුරුදු 19න් පහළ පිරිමි යොවුන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් වැඩිම ලකුණු

215 - දකුණු අප්‍රිකාවේ යෝරික් වැන් ෂෝක්වික් - සිම්බාබ්වේ ට එරෙහිව හරාරේ හිදී (2025)

191 – ශ්‍රී ලංකාවේ හසිත බෝයගොඩ - කෙන්යාව ට එරෙහිව ලින්කන් හිදී (2018)

180 - නවසිලන්තයේ යාකබ් බූලා - කෙන්යාව ට එරෙහිව ක්‍රයිස්ට්චර්ච් හිදී (2018)

179 (නොදැවී) - ඔස්ට්‍රේලියාවේ තියෝ ඩුරාපලස් - එංගලන්තය ට එරෙහිව සිඩ්නි හිදී (2003)

177 (නොදැවී) - ඉන්දියාවේ අම්බතී රයිඩු - එංගලන්තය ට එරෙහිව ටෝන්ටන් හිදී (2002)

176 - බටහිර ඉන්දීය කොදෙව් පිලේ ඩොනවන් පැගන් - ස්කොට්ලන්තය ට එරෙහිව ඩනෙඩින් හිදී (2002)

174 - එංගලන්තයේ ෆ්‍රෙඩී මැකෑන් - ශ්‍රී ලංකාව ට එරෙහිව හෝව් හිදී (2024)

166 - බටහිර ඉන්දීය කොදෙව් පිලේ කීගන් සිමන්ස්  - කැනඩාව ට එරෙහිව ලින්කන් හිදී (2018)

164 (නොදැවී) - නවසිලන්තයේ ජේම්ස් මාෂල් - නැමීබියාව ට එරෙහිව ප්‍රිටෝරියා හිදී (1998)

164 (නොදැවී) - දකුණු අප්‍රිකාවේ යෝරික් වැන් ෂෝක්වික් - බංග්ලාදේශය ට එරෙහිව බෙනෝනි හිදී (2025)

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව  කොටගත් උත්සවයක්(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...