The Leader News
BREAKING
Top Ad
පුවත්

T20 ක්‍රිකට් ලෝක කුසලානය: ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සුපිරි ජයක්

T

The Leader Desk

February 13, 2023 • 3:39 AM

 T20 ක්‍රිකට් ලෝක කුසලානය:  ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සුපිරි ජයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ සිය දෙවන ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් විය. ඒ, බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7කින්
  •   සෝභානා මොස්ටරී ලකුණු 29 කි.
  • පන්දු යැවීමේදී ඕෂදී රණසිංහ ලකුණු 23 කදී කඩුලු 3 ක් දවා ගත් අතර නායිකා චමරි අතපත්තු කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 19 කදී ය.
  • පිළිතුරු ලෙස ලකුණු 127ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ මුල් පෙළ කඩුලු 3 ලකුණු 25කදී බිඳ වැටිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

පරාජය කරමිනි.

මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 126ක් රැස් කළේය.  

සෝභානා මොස්ටරී ලකුණු 29 කි.

පන්දු යැවීමේදී ඕෂදී රණසිංහ ලකුණු 23 කදී කඩුලු 3 ක් දවා ගත් අතර නායිකා චමරි අතපත්තු කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 19 කදී ය.

330467201 1342879773199157 7107675160756261079 n
පිළිතුරු ලෙස ලකුණු 127ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ මුල් පෙළ කඩුලු 3 ලකුණු 25කදී බිඳ වැටිණ.

කෙසේ නමුත් ඉන් පසුව පිටියේ එක් වූ ආරම්භක පිතිකාරිණී හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂි ද සිල්වා ලකුණු 104 ක නොබිඳුණු සබඳතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 69 ක් රැස් කළේ හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් ය.

නිලක්ෂි ද සිල්වා පන්දු 38 කදී නොදැවී ලකුණු 41 ක් රැස් කළේ ය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 18 යි පන්දු 2 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී සිටියදී ය.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ සහභාගී වූ දෙවැනි තරගය මෙයයි.

මෙම තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරඟයේදී සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ලකුණු 3ක ජයක් වාර්තා කළේය.

ඒ අනුව, 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ A කාණ්ඩයෙන් තරඟ වදින ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 4ක් ලබා ගනිමින් මේවනවිට එම කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටියි. 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...