මෙයින් එක් වාර්තාවක් ඔවුන්ට ආඩම්බර විය හැකි එකක්. අනෙක ඔවුන්ට කොහෙත්ම අනවශ්‍ය එකක්.
මේ නව වාර්තාව පිහිටුවීම හා තිබුනු වාර්තාවක් සම කිරීම සිදුවූයේ පැපුවා නිව් ගිනියාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම්වලට එරෙහිව පැවති තරගවලදී.
පැපුවා නිව් ගිනියාව ට එරෙහිව පැවති කඩුලු 3ක ජයග්‍රාහී තරගයේදී උගන්ඩා කණ්ඩායමේ පිට දඟ පන්දු යවන 43 හැවිරිදි ක්‍රීඩක Frank Nsubuga විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ අඩුවෙන් ම ලකුණු ලබා දුන් ඕවරය යවමින් ලකුණු 4කට කඩුලු 2ක් ලබා ගත්තේ තමා යැවූ ඕවර හතරෙන් දෙකකදී ම කිසිම ලකුණක් ලබා නොදෙමින්. ඔහුගේ මේ සකසුරුවම් පන්දු යැවීම (4-2-4-2) උගන්ඩාව ට T20 ලෝක කුසලාන තරගාවලියක පළමු ජයග්‍රහණය අත්කර දුන්නා. Nsubuga වාර්තා පොතේ පිටු අතරට ගියේ ඔහුගේ මේ අතිවිශිෂ්ට පන්දු යැවීම නිසා මිස ඔහුගේ වයස නිසා නෙවෙයි.
Nsubuga වාර්තා පොතේ පිටු අතරට ගියේ ඔහුගේ මේ අතිවිශිෂ්ට පන්දු යැවීම නිසා මිස ඔහුගේ වයස නිසා නෙවෙයි.
විස්සයි20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ දෙවැනියට වඩාත්ම අරපිරිමැස්මෙන් පන්දු යවා තිබෙන්නේ දකුණු අප්‍රිකානු වේග පන්දු යවන Ottneil Baartman. ඔහුගේ පන්දු යැවීම ලකුණු 9කට කඩුලු 1ක් ලෙස සටහන්ව තිබෙනවා.
තරගයේ නව වැනි ඕවරයේදී පන්දු යැවීමට පැමිණි Nsubuga ඔහුගේ පළමු ඕවරයේදී ලබා දුන්නේ ලකුණු 2ක් පමණයි. ඉන්පසු ඔහු කඩුල්ලක් ලබා ගත් නොඉඳුල් ඕවරයක් යැවුවේ පන්දුව කෙළින් ම කඩුල්ලේ වැදීමට සලස්වමින්. ඉන්පසුව, ඊළඟ ඕවරයේ පළමු පන්දුවෙන් කඩුල්ල මුවා කිරීමේ වරදට පිතිකරුවා හසුකර ගැනීමට ඔහු සමත් වුනා. ඔහුගේ පන්දු යැවීම අවසන් වන විට පැපුවා නිව් ගිනියාවේ කඩුලු 6ක් ලකුණු 56කට බිඳ වැටී උගන්ඩාව තරගයේ පෙරමුණ ගෙන සිටියා.
බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවති තරගයේදී කොදෙව්වන් ලකුණු 134ක ජයක් වාර්තා කිරිම
උගන්ඩාව හා තරගාවලියේ සමසත්කාරක බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පැවති තරගයේදී කොදෙව්වන් ලකුණු 134ක ජයක් වාර්තා කළේ උගන්ඩාව T20 ලෝක කුසලාන ඉතිහාසයේ අඩුම මුළු ලකුණු සංඛ්‍යාවට සීමා කරමින්.
ලකුණු 174ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය උගන්ඩාව ඕවර 12ක් ඇතුළත ලකුණු 39කට දැවී ගියේ ඔවුන්ට වාර්තා පොත්වල අනවශ්‍ය ස්ථානයක් ලබා දෙමින්.
2014 වසරේදී ශ්‍රී ලංකාව ට එරෙහිව නෙදර්ලන්තය වාර්තා කළ විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ අඩුම මුළු ලකුණු ප්‍රමාණය සම කිරීමක්
මෙය, 2014 වසරේදී ශ්‍රී ලංකාව ට එරෙහිව නෙදර්ලන්තය වාර්තා කළ විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ අඩුම මුළු ලකුණු ප්‍රමාණය සම කිරීමක්.
කොදෙව්වන්ගේ මේ ලකුණු 134ක ජය T20 ලෝක කුසලාන ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී තිබෙන දෙවැනියට විශාල ජයග්‍රාහී ලකුණු පරතරය යි.
සටහන




