The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
ක්‍රීඩා

T20 ලෝක කුසලානය : සුපිරි 8 වටය ශ්‍රී ලංකාවෙන් තවත් ඈතට යයි

T

The Leader Desk

June 12, 2024 • 8:48 AM

T20 ලෝක කුසලානය : සුපිරි 8 වටය ශ්‍රී ලංකාවෙන් තවත් ඈතට යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2024 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතරට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට තිබූ අවිනිශ්චිත තත්ත්වය තවත් වැඩි වී තිබේ.
  • ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ, නේපාලය සමග පැවති තරගය අත්හැර දැමීම හේතුවෙන් ලැබුණු එක් ප්‍රසාද ලකුණක් පමණි.
  • 2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අදියරේ තරග 40 අතරින් මේ වන විට තරග 24ක් පවත්වා අවසන් වී තිබේ.
  • මෙවර තරගාවලියේ සුවිශේෂී සිදුවීමක් වී ඇත්තේ, A - B - C - D යන සෑම කාණ්ඩයක ම ප්‍රබල කණ්ඩායම් කිහිපයක් ම සුපිරි කණ්ඩායම් 8 තරග වටයට සුදුසුකම් ලැබීම අවිනිශ්චිත තත්ත්වයක පසුවීම ය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ, බදාදා (ජූනි 12) නේපාලය සමග පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවීමත් සමග ය.

ඒ අනුව, D කාණ්ඩයේ අවසන් ස්ථානයේ ම තවදුරටත් රැඳී සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවී තිබේ.

ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ, නේපාලය සමග පැවති තරගය අත්හැර දැමීම හේතුවෙන් ලැබුණු එක් ප්‍රසාද ලකුණක් පමණි.

පන්දු වාර 20 ලෝක කුසලානය දිනාගෙන ඇති ශ්‍රී ලංකාව මෙවර මූලික තරග වටයෙන් ම ඉවත් වීමේ අවදානමක පසු වෙයි.



ප්‍රබල කණ්ඩායම් කිහිපයක් අවිනිශ්චිත තත්ත්වයක


ශ්‍රී ලංකා කණ්ඩායම ද නියෝජනය කරන D කාණ්ඩයේ දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය ඉදිරියෙන් සිටී.

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අදියරේ තරග 40 අතරින් මේ වන විට තරග 24ක් පවත්වා අවසන් වී තිබේ.

මෙවර තරගාවලියේ සුවිශේෂී සිදුවීමක් වී ඇත්තේ, A - B - C - D යන සෑම කාණ්ඩයක ම ප්‍රබල කණ්ඩායම් කිහිපයක් ම සුපිරි කණ්ඩායම් 8 තරග වටයට සුදුසුකම් ලැබීම අවිනිශ්චිත තත්ත්වයක පසුවීම ය.


A කාණ්ඩයට අයත් පකිස්ථානය මේ වන විට ඇමෙරිකාව සහ ඉන්දියාව යන කණ්ඩායම් හමුවේ පරාජයට පත්වුව ද, කැනඩාව අතර තරගයෙන් ජයග්‍රහණය කිරීම හේතුවෙන් මේ වන විට කාණ්ඩයේ 3 වන ස්ථානයේ පසු වෙයි.

සෑම සමූහයකින් ම සුපිරි කණ්ඩායම් 8 තරග වටයට සුදුසුකම් ලබන්නේ, මුල් කණ්ඩායම් 2 පමණි.

ඒ අනුව, A කාණ්ඩයේ ඉදිරියෙන් සිටින්නේ, ක්‍රීඩා කළ තරග දෙක ම ජය ගත් ඉන්දියාව සහ ඇමෙරිකාව යි.

B කාණ්ඩයට අයත් එංගලන්ත කණ්ඩායම ද පසුවන්නේ, අවිනිශ්චිත තත්ත්වයක ය.

ස්කොට්ලන්තය සමග තරගය වර්ෂාව හේතුවෙන් නොපැවැත්වූ අතර ඔස්ට්‍රේලියාව හමුවේ එංගලන්තය පරාජයට පත්විය.

ඒ අනුව, ප්‍රසාද ලකුණු 1ක් පමණක් හිමි කරගෙන සිටින එංගලන්තය ද පසුවන්නේ, 4 වන ස්ථානයේ ය.

ස්කොට්ලන්තය සහ ඔස්ට්‍රේලියාව මේ වන විට මෙම කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටී.

නවසීලන්තය සුපිරි 8 වටයට සුදුසුකම් ලැබීම අවිනිශ්චිත තත්ත්වයක පවතී.


newzelandනවසීලන්තය සුපිරි 8 වටයට සුදුසුකම් ලැබීම අවිනිශ්චිත තත්ත්වයක පවතී

C කාණ්ඩයට අයත් නවසීලන්තය ද ඇෆ්ගනිස්ථානය හමුවේ පරාජය වූ අතර - 4.2ක ලකුණු සාමාන්‍යයක් සමගින් 5 වන ස්ථානයේ පසුවෙයි.

මෙම කාණ්ඩයේ පෙරමුණේ පසුවන්නේ, ක්‍රීඩා කළ තරග දෙක ම ජය ගත්, ඇෆ්ගනිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ය.

ඔවුන් ප්‍රබල තත්ත්වයක පසුවීම හේතුවෙන් නවසීලන්තය සුපිරි 8 වටයට සුදුසුකම් ලැබීම අවිනිශ්චිත තත්ත්වයක පවතී.

ශ්‍රී ලංකා කණ්ඩායම ද නියෝජනය කරන D කාණ්ඩයේ දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය ඉදිරියෙන් සිටී.


දකුණු අප්‍රිකා කණ්ඩායම මෙතෙක් සහභාගි වූ තරග 3 ම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 6ක් ලබා සිටී.‍‍

දෙවන ස්ථානයේ පසු වන බංග්ලාදේශ කණ්ඩායම සහභාගි වූ තරග දෙකෙන් එකක් ජය ගනිමින් ලකුණු සාමාන්‍යය +0.0075ක් ලබා සිටී.



ශ්‍රී ලංකාවට සුපිරි 8 වටයට පිවිසීමට තවදුරටත් අවස්ථාවක් තිබේ ද?


sri lankaසුපිරි 8 වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ දක්ෂතාව මත පමණක් රඳා නොපවතින තත්ත්වයක පවතී


ශ්‍රී ලංකාවට සුපිරි කණ්ඩායම් 8 අතරට යාමේ බලාපොරොත්තු ඉතාමත් අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ.

ඊට සුදුසුකම් ලැබීමට නම්, පළමුවෙන් ම, ජූනි 13 වන දා පැවැත්වීමට නියමිත බංගලාදේශය සහ නෙදර්ලන්තය අතර තරගය වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදු විය යුතු ය.



ඉන්පසු ජූනි 16 වන දා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - නෙදර්ලන්ත තරගයෙන් නෙදර්ලන්තය පරාජයට පත් කළ යුතු ය.

එපමණක් නොවේ, ජූනි 14 වන දා පැවැත්වීමට නියමිත තරගයෙන් දකුණු අප්‍රිකාව, නේපාලය හමුවේ, විශාල පරතරයක් සහිත ජයග්‍රහණයක් ලැබිය යුතු ය.

එය ද ප්‍රමාණවත් නොවේ. නේපාලය සහ බංගලාදේශය අතර තරගයෙන් නේපාලය ජය ගත යුතු ය.

ඒ අනුව, ශ්‍රී ලංකාවට සුපිරි කණ්ඩායම් 8 අතරට සුදුසුකම් ලැබීම සදහා ඇත්තේ, අතිශය සුළු අවස්ථාවකි.



(BBC සිංහල සේවය)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...