The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ක්‍රීඩා

T20 ලෝක කුසලානය: ප්‍රබල ක්‍රීඩකයින් රැසකගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය මෙයද ?

T

The Leader Desk

June 29, 2024 • 9:30 AM

T20 ලෝක කුසලානය: ප්‍රබල ක්‍රීඩකයින් රැසකගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය මෙයද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2024 T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය අද (ජුනි 29 වැනිදා) රාත්‍රියේදී පැවැත්වීමට නියමිතය.
  • අද පැවැත්වෙන අවසන් මහ තරගය ක්‍රිකට් ලොව ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය වනු ඇත.
  • මීළඟ T20 ලෝක කුසලාන තරගාවලිය 2026 වසරේදී සහ පන්දු වාර 50 ලෝක කුසලාන තරගාවලිය 2027 වසරේදී පැවැත්වීමට නියමිතව තිබේ.
  • ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා සහ සුපිරි පිතිකරු විරාට් කෝලි ක්‍රීඩා කරන අවසන් ලෝක කුසලාන තරගාවලිය මෙය වනු ඇති බවට බොහෝ මත පළවී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


අර්ධ අවසන් වටයේදී එංගලන්තය පරාජය කරමින් ඉන්දියාවත්, ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරාජය කරමින් දකුණු අප්‍රිකාවත් විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලැබීය.

අද පැවැත්වෙන අවසන් මහ තරගය ක්‍රිකට් ලොව ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය වනු ඇත.

මීළඟ T20 ලෝක කුසලාන තරගාවලිය 2026 වසරේදී සහ පන්දු වාර 50 ලෝක කුසලාන තරගාවලිය 2027 වසරේදී පැවැත්වීමට නියමිතව තිබේ.


රෝහිත් සහ විරාට් ගේ අවසන් ලෝක කුසලාන තරගාවලියද ?



ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා සහ සුපිරි පිතිකරු විරාට් කෝලි ක්‍රීඩා කරන අවසන් ලෝක කුසලාන තරගාවලිය මෙය වනු ඇති බවට බොහෝ මත පළවී තිබේ.

මේ වන විට 37 වන වියේ පසුවන රෝහිත් ෂර්මා සහ 36 වන වියට පාතබමින් සිටින විරාට් කෝලි නැවත වරක් ලෝක කුසලාන තරගාවලියක් සඳහා ක්‍රීඩා කිරීමට වසර දෙකකට ආසන්න කාලයක් බලා සිටිය යුතුය.


බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඔවුන් දෙදෙනාම එක්දින සහ විස්සයි 20 ක්‍රීඩාවෙන් සමුගැනීමට ඉඩ ඇති බවය.

ඉන්දීය ක්‍රිකට් පිටියෙන් ලොවට බිහිවූ සුපිරිම පිතිකරුවා වන සචින් තෙන්දුල්කාර් සමග එකට ක්‍රීඩා කිරීමට රෝහිත් ෂර්මා සහ විරාට් කෝලි වාසනාවන්ත විය.


2011 වසරේ පැවති පන්දු වාර 50 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළ සචින් තෙන්දුල්කාර් වෙනුවෙන් ලෝක කුසලානය ජය ගත යුතු බවට ඉන්දීය කණ්ඩායමේ ස්ථිර අධිෂ්ඨානය වී තිබු අතර එය ඔවුන්ගේ නිල නොලත් උද්ධෘත පාඨය වී තිබුණේය.

ඒ අනුව අද (ජුනි මස 29) දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය රෝහිත් ෂර්මා සහ විරාට් කෝලි වෙනුවෙන් ජයග්‍රහණය කිරීමට ඉන්දියාව ප්‍රබල සටනක් ලබා දෙනු ඇත.


rohith sharmaබොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව රෝහිත් ෂර්මා සහ සුපිරි පිතිකරු විරාට් කෝලි එක්දින සහ විස්සයි 20 ක්‍රීඩාවෙන් සමුගැනීමට ඉඩ ඇති බවය

ටෙස්ට් ශතක 29ක්, එක්දින ශතක 50ක් සහ විස්සයි 20 තරග වලදී එක් ශතකයක් වාර්තා කර ඇති විරාට් කෝලි මේ වන විට ජාත්‍යන්තර පිටියේ දී රැස් කර ඇති මුළු ලකුණු සංඛ්‍යාව 33,718ක්.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 19,068ක් රැස් කර ගෙන සිටින රෝහිත් ෂර්මා ටෙස්ට් ශතක 12ක්, එක්දින ශතක 31ක් සහ විස්සයි 20 ශතක 05ක් රැස් කිරීමට සමත්ව ඇත.


ඩේවිඩ් වෝනර්


ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ ඩේවිඩ් වෝනර් මෙවර ලෝක කුසලාන තරගාවලියත් සමග සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන්නේය.

2024 වසරේ ආරම්භයදී එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට ඩේවිඩ් වෝනර් නිවේදනය කළ වෝනර් මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියත් සමග සිය විශ්‍රාම යෑම නිවේදනය කළේය.

2022 වසරේ පැවති විස්සයි 20 ලෝක ශුරතාවලිය, 2023 වසරේ ලෝක ටෙස්ට් ශුරතාවලිය මෙන්ම 2015 සහ 2023 වසරේ දී පැවති ලෝක කුසලාන පන්දු වාර 50 ශුරතාවයන් දිනු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඩේවිඩ් වෝනර් නිත්‍ය සාමාජිකයෙක් විය.

ජාත්‍යන්තර පිටියේ දී ලකුණු 18,995ක් රැස් කර ගෙන සිටින ඩේවිඩ් වෝනර් ටෙස්ට් ශතක 26ක්, එක්දින ශතක 22ක් සහ විස්සයි 20 තරග වලදී ශතකයක් රැස් කිරීමට සමත්වූ දක්ෂ පිතිකරුවෙකු වේ.



david wonarඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ ඩේවිඩ් වෝනර් මෙවර ලෝක කුසලාන තරගාවලියත් සමග සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන්නේය

ට්‍රෙන්ට් බොල්ට්


නවසීලන්ත කණ්ඩායම නියෝජනය කරන 34 හැවිරිදි වමතින් වේග පන්දු යවන ට්‍රෙන්ට් බොල්ට් විස්සයි 20 පිටියේ තමන් ක්‍රීඩා කරන අවසන් ලෝක කුසලාන තරගාවලිය මෙය වන බව නිවේදනය කළේය.

ට්‍රෙන්ට් බොල්ට් මෙතෙක් තමන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.


ඇන්ජලෝ මැතිව්ස්


ශ්‍රී ලංකාවෙන් ක්‍රිකට් ලෝකයට බිහිවූ දක්ෂ තුන් ඉරියවු ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් මේ වන විට 37 වන වියේ පසුවේ.

2014 වසරේදී විස්සයි 20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් නිත්‍ය සාමාජිකයෙකු විය.

මැතිව්ස් මේ දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලදී ලකුණු 14,940ක් රැස් කිරීමට සමත්ව තිබේ.


ඔහු ටෙස්ට් තරග වලදී ශතක 16ක් සහ එක්දින තරග වලදී ශතක 3ක් රැස් කිරීමට සමත්ව තිබේ.

මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ඇන්ජලෝ මැතිව්ස් ගේද අවසාන ලෝක කුසලාන තරගාවලිය වීමට බොහෝ දුරට ඉඩ ඇත.


angeloඇන්ජලෝ මැතිව්ස්

ෂකිබ් අල් හසන්

 

බංගලාදේශ කණ්ඩායමේ හිටපු නායකයා මෙන්ම දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ෂකිබ් අල් හසන් මේ වන විට 37 වන හැවිරිදි වියේ පසුවේ.


ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ලකුණු 18,508ක් රැස් කර ඇති ෂකිබ් අල් හසන් ටෙස්ට් තරග වලදී ශතක 05ක් සහ එක්දින තරග වලදි ශතක 9ක් රැස් කිරීමට සමත්ව තිබේ.

ඔහු ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 තරග වලදී අර්ධ ශතක 100ක් රැස් කර ගෙන ඇති අතර දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 709කි.

මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ෂකිබ් අල් හසන් ක්‍රීඩා කරන තම අවසන් ලෝක කුසලාන තරගාවලිය වීමට ඉඩ ඇත.


ඇන්ඩ්‍රේ රසල්

 

amdey russallඇන්ඩ්‍රේ රසල්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන ඇන්ඩ්‍රේ රසල් මේ වන විට 36 හැවිරිදී වියේ පසුවේ.


ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 2069ක් සහ කඩුලු 131ක් දවා ගෙන ඇත.

මෙවර T20 ලෝක කුසලාන තරගාවලිය ඇන්ඩ්‍රේ රසල් ක්‍රීඩා කරන අවසන් ලෝක කුසලාන තරගාවලිය වීමට ඉඩ තිබේ.

මීට අමතරව නැම්බියානු කණ්ඩායමේ තුන් ඉරියවු ක්‍රීඩක ඩේවිඩ් වීසා, නෙදර්ලන්ත නෙදර්ලන්ත් සීබ්‍රාන්ඩ් එන්ගල්බ්‍රෑක්ට් සහ උගන්ඩා කණ්ඩායමේ නායක බ්‍රයන් මසාබා මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියත් සමග ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇත.



(BBC සිංහල සේවය)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...