The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ක්‍රීඩා

ජස්ප්‍රිට් බුම්රා: කිසිම ලකුණක් නොලබා T20 ලෝක කුසලාන වීරයා වූ පළමුවැන්නා

T

The Leader Desk

July 1, 2024 • 4:15 PM

ජස්ප්‍රිට් බුම්රා: කිසිම ලකුණක් නොලබා T20 ලෝක කුසලාන වීරයා වූ පළමුවැන්නා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක ම ලකුණක් හෝ ලබා නොගෙන විස්සයි20 - T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක වීරයා බවට පත්වූ පළමුවැන්නා
  • 2024 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී බුම්රා ට පිතිකරණයේ යෙදීමට සිදුවූයේ එක් වතාවක් පමණයි.
  • 2007 වසරේදී ග්ලෙන් මැග්‍රාත් තරග 11කදී එක් වතාවක් හෝ පිතිකරණයේ නොයෙදෙමින් ද, 2015 වසරේදී මිචල් ස්ටාක් ඉනිම තුනකදී පන්දු තුනකට මුහුණ දෙමින් එක ලකුණක් හෝ ලබා නොගනිමින් ද, තරගාවලියේ වීරයන් බවට පත්වුනා.
  • 2024 තරගාවලියේ බුම්රාගේ වේග පන්දු යැවීමේ 4.17ක සකසුරුවම් අගය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක පන්දු 100කට වඩා වැඩියෙන් යැවූ ඔ්නෑම පන්දු යවන්නෙකුගේ හොඳම දක්ෂතාව යි.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෙසින් ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා ඉතිහාසගතව සිටිනවා.

Bumrah 2

2024 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී බුම්රා ට පිතිකරණයේ යෙදීමට සිදුවූයේ එක් වතාවක් පමණයි. පාකිස්තානය ට එරෙහි ඒ අවස්ථාවේදී ඔහු බින්දුවකට දැවී ගියා.

මෙවැනි හපන්කමක් පෑ තවත් ක්‍රීඩකයන් දෙදෙනෙකු සිටිය ද එය වාර්තා වන්නේ ජාත්‍යන්තර එක්දින - ODI - ලෝක කුසලානයෙන්. මේ දෙදෙනා ම ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් වීම විශේෂත්වයක්. 2007 වසරේදී ග්ලෙන් මැග්‍රාත් තරග 11කදී එක් වතාවක් හෝ පිතිකරණයේ නොයෙදෙමින් ද, 2015 වසරේදී මිචල් ස්ටාක් ඉනිම තුනකදී පන්දු තුනකට මුහුණ දෙමින් එක ලකුණක් හෝ ලබා නොගනිමින් ද, තරගාවලියේ වීරයන් බවට පත්වුනා.

lkdfkler

2024 තරගාවලියේ බුම්රාගේ වේග පන්දු යැවීමේ 4.17ක සකසුරුවම් අගය විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක පන්දු 100කට වඩා වැඩියෙන් යැවූ ඔ්නෑම පන්දු යවන්නෙකුගේ හොඳම දක්ෂතාව යි. බුම්රා මේ තරගාවලියේදී ක්‍රීඩා කළ තරග අටේදී ඔහු වැඩියෙන්ම ලබා දුන් ලකුණු ප්‍රමාණය වූයේ ඔස්ට්‍රේලියාව ට එරෙහිව ලකුණු 29.

Bumrah 4

බුම්රා මේ තරගාවලියේදී ඔ්වර 29.4ක් යවමින් කඩුලු 15ක් ලබා ගැනීමට සමත් වුනා. ඔහුගේ පන්දුවලින් පිතිකරුවන්ට ලබා ගත හැකි වූයේ හයේ පහර 2ක් සහ හතරේ පහර 10ක් පමණයි.

ජස්ප්‍රිට් බුම්රා මෙවර තරගාවලියේදී විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම සම්පූර්ණ වේග පන්දු යවන්නා බවට පත්වෙමින් අවසානයේ ලෝකය පරාජය කරන්නෙක් බවට වාර්තා පොතට ඇතුළත් වුනා. සිය පන්දු යැවීමේ අංග සම්පූර්ණ විවිධත්වය ඔහු මේ තරගාවලිය පුරා ප්‍රදර්ශනය කළේ පිතිකරුවන්ගේ මනස අවුල් කරමින්.

Bumrah 3

වේලාසනින් කඩුලු ලබා ගෙන අවසන් අවස්ථාවලදී තරගයක් මරා දැමීමේ දක්ෂතාවක් බුම්රා සතුව තිබෙනවා. නමුත් ඔහුගේ නියම වටිනාකම වන්නේ තරගයේ අවාසිදායක මොහොතේ ඔහු කෙරෙහි විශ්වාසස තැබිය හැකි වීම. එවැනි තීරණාත්මක අවස්ථාවන්හිදී සුවිශේෂ ක්‍රීඩාවක නියැලීමට බුම්රා කිසිවිටකත් අසමත් වන්නේ නැහැ.

පාකිස්තානය ට එරෙහිව පන්දු 36කින් ආරක්ෂා කිරීමට සිදුව තිබුනේ ලකුණු 40ක් පමණක්ව තිබියදී නායක රෝහිත් ෂර්මා පන්දුව බුම්රා ට බාර දුන් අවස්ථාවේ ඔහු, ඒ වන විට කඩුල්ලේ ස්ථාවර වී සිටි මොහමඩ් රිස්වාන් දවාලුවා.

අවසාන මහා තරගයේදී හයින්රිච් ක්ලාසන් ඉන්දියාවේ අක්සා පටල් ට එරෙහිව ඕවරයකින් ලකුණු 24ක් ලබා ගෙන සිටියේ දකුණු අප්‍රිකාව කඩුලු 6ක් අතැතිව පන්දු 30කින් ලකුණු 30ක් ලබා ගැනීමේ සාර්ථක තත්ත්වයකට ගෙන එමින්.

Bumrah1
මෙවැනි තත්ත්වයකදී අවසාන මහා තරගයක් ආපසු හරවා ජයග්‍රහණය කළ හැක්කේ කෙසේද? ඉන්දියා නායකයා සතුව තිබුනු අන්තිම තුරුම්පුව වූයේ බුම්රා. මේ ඉන්දියානු සුපිරි වේග පන්දු යවන්නා ලකුණු 4ක් පමණක් ලබා දුන් ඕවරයක් යවමින් අනෙක් අන්තයෙන් කඩුල්ලක් ලබා ගැනීමේ පීඩනයක් නිර්මාණය කර ඉන්පසුව ‘රිවර්ස් ස්වින්ග්’ පන්දුවකින් මාකෝ ජැන්සන් ආපසු ක්‍රීඩාගාරයට යැවීමට සමත් වුනේ ඉන්දියාව ට ජයග්‍රහණයේ මාවත විවර කර දෙමින්.

වේග රිද්මයේ පිතිහරඹවලින් සමන්විත T20 ක්‍රිකට් තරගාවලියක පන්දු යවන්නෙක් වීරයා වනු සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන දෙයක්. නමුත් ජස්ප්‍රිට් බුම්රා යනු අසාමාන්‍ය පන්දු යවන්නෙක්.  

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජස්ප්‍රිට් බුම්රා: කිසිම ලකුණක් නොලබා T20 ලෝක කුසලාන වීරයා වූ පළමුවැන්නා | The Leader