The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
ක්‍රීඩා

T20 ලෝක කුසලානය 2024: ඇමෙරිකාවේ පැවැත්වෙන තරගවල ආරක්ෂාවට ස්නයිපර්වරුන්

T

The Leader Desk

June 4, 2024 • 4:06 PM

T20 ලෝක කුසලානය 2024: ඇමෙරිකාවේ පැවැත්වෙන තරගවල ආරක්ෂාවට ස්නයිපර්වරුන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක කුසලාන පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලියේ ඇමෙරිකාවේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ අවට රහසිගත ස්ථානවල
  • ප්‍රේක්ෂකයින් 34,000කට අසුන් ගත හැකි නිව් යෝක් අයිසන්හවර් පාර්ක්හි පිහිටි මෙම ක්‍රීඩාංගණයේ පළමු තරගය ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්විණි.
  • ජූනි 3 සහ 12 වන දා අතර ලෝන්ග් අයිලන්ඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග කිසිදු අනතුරකින් තොරව අවසන් වීම සහතික කිරීම සඳහා නසාව් ප්‍රාන්ත පොලිස් දෙපාර්තමේන්තුව දැවැන්ත මෙහෙයුමක් සිදු කරනු ඇත.
  • පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම් අදියරේ වැඩි ම අවධානයක් හිමි වන තරගය වන ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය ජූනි 9 වන දා එම ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පොලිස් ස්නයිපර්වරුන් ස්ථානගත කිරීම් සමගින් ආරක්ෂාව තර කර තිබේ.

ප්‍රේක්ෂකයින් 34,000කට අසුන් ගත හැකි නිව් යෝක් අයිසන්හවර් පාර්ක්හි පිහිටි මෙම ක්‍රීඩාංගණයේ පළමු තරගය ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්විණි.

ජූනි 3 සහ 12 වන දා අතර ලෝන්ග් අයිලන්ඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග කිසිදු අනතුරකින් තොරව අවසන් වීම සහතික කිරීම සඳහා නසාව් ප්‍රාන්ත පොලිස් දෙපාර්තමේන්තුව දැවැන්ත මෙහෙයුමක් සිදු කරනු ඇත.

පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම් අදියරේ වැඩි ම අවධානයක් හිමි වන තරගය වන ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය ජූනි 9 වන දා එම ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ISIS හිතවාදී කණ්ඩායමක් තරගාවලිය ඉලක්ක කරන බවට තර්ජනය කර ඇතැයි වාර්තා වේ.

xfheruy45

ආරක්ෂක තර්ජනයක්

ආරක්ෂක පියවරයන්ට අදාළව ස්නයිපර් විශේෂඥයින්ගෙන් සැදුම්ලත් විශේෂ අවිආයුධ සහ උපක්‍රමවලින් යුත් SWAT කණ්ඩායම් ඇතුළත් වනු ඇති බව අනාවරණය වී තිබේ. සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ද ක්‍රීඩාංගණය තුළ මෙහෙයුම්වල නිරත වනු ඇත.

බීබීසී ක්‍රීඩා පුවත් අංශය, මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට ද කතා කළේ, තරග පැවැත්වෙන තණතීරුවල සිව් කොන් පැය 24 පුරාවට ම ආරක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය නාශක රාජකාරි පැහැර හැරීමක් සිදු නොවන බව තහවුරු කර ගැනීමට ය.

තරගාවලිය සංවිධානය කිරීමේදී, නසාව් පොලිස් බළකාය, නිව් යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව, ෆෙඩරල් විමර්ශන කාර්යාංශය, එක්සත් ජනපද රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ආයතන සමග එක්ව කටයුතු කර තිබේ.

"තරගයකට සහභාගි වන සෑම දෙනාගේ ම ආරක්ෂාව අපගේ අංක එකේ ප්‍රමුඛතාව වන අතර අප සතුව පුළුල් සහ ශක්තිමත් ආරක්ෂක සැලැස්මක් තියෙනවා," ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) බීබීසී ක්‍රීඩා අංශය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසීය.

"අපි අපගේ සත්කාරක රටවල බලධාරීන් සමග සමීපව කටයුතු කරන අතර අපි හඳුනාගත් ඕනෑ ම අවදානමක් අවම කිරීම සඳහා සුදුසු සැලසුම් ක්‍රියාත්මක කරන බව සහතික කිරීම සඳහා ගෝලීය වටපිටාව අඛණ්ඩව අධීක්ෂණය කර ඇගයීමට ලක් කරනවා."

ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය හැකි අවදානමකට මුහුණ දීම සඳහා ක්‍රීඩාංගණය වටා ඇති භූමිය තරග පැවැත්වෙන දින 8 තුළදී මහ ජනතාවට වසා තබනු ඇත.

තරග නැරඹීමට පැමිණෙන ක්‍රීඩා ලෝලීන් සෝදිසි කිරීම්වලට ලක් වන අතර, ක්‍රීඩාංගණයට ඇතුළු වීමට පෙර ගුවන් තොටුපළ පරිශ්‍රයේ සිදුවන ආකාරයට ආරක්ෂක ස්කෑනර් හරහා යාමට සිදු වනු ඇත.

නසාව් ප්‍රාන්තයේ විධායක බෲස් බ්ලේක්මන් පැවසුවේ, එහි ආරක්ෂාව පසුගිය සතියේදී "සුපර් බෝල්" (ඇමෙරිකාවේ දක්ෂතම කණ්ඩායම් දෙකක් අතර වාර්ෂිකව පැවැත්වෙන විශේෂ පාපන්දු තරගයක්) වගේ මට්ටමක තිබුණේ. ඒත්, "දැන් ඒක හිතුවට වඩා බරපතළ මට්ටමක පවතින," බව ය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක වියදමින් හදිසියේ ඉදි කරන ලද ක්‍රීඩාංගණය, මෙම තරගාවලියෙන් පසුව නැවත නසාව් ප්‍රාන්තයට පවරා දීමට නියමිත ය.

සටහන :
තිමති ඒබ්‍රහම්
නිව් යෝර්ක්හි බීබීසී ක්‍රීඩා වාර්තාකරු


(BBC සිංහල සේවය)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...