ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද (ජුනි 25 වැනිදා) සමත් විය.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ICC ලෝක කුසලාන තරගාවලියක අර්ධ අවසන් වටයට පිවිසි පළමු අවස්ථාව මෙයයි.
ඒ අනුව ලබන 27 වෙනිදා දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්ථානය අර්ධ අවසන් තරගය ක්‍රීඩා කිරීමට නියමිතය.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ICC ලෝක කුසලාන තරගාවලියක අර්ධ අවසන් වටයට පිවිසි පළමු අවස්ථාව මෙයයි.
ඒ අනුව ලබන 27 වෙනිදා දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්ථානය අර්ධ අවසන් තරගය ක්‍රීඩා කිරීමට නියමිතය.

අද තරගයේදී මොකද වුනේ ?
ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය අතර අද (ජුනි 25 වැනිදා) පැවති තරගය ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් හි මංසන්ධියක විශාල තිරයක සජීවීව විකාශනය කළ අවස්ථාවේ රසිකයින් එක්රැස්ව තරගය නැරඹූ අයුරුකාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.
බටහිර ඉන්දීය කොදෙව් හි කිංග්ස්ටන් හිදී පැවති තරගයට අවස්ථා කිහිපයකදී වර්ෂාවෙන් බාධා එල්ල විය.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ පිතිකරුවන් නියමිත පන්දු වාර 20 තුළදී කඩුලු 05ක් දැවී ලකුණු 115ක් රැස් කිරීමට සමත් වුණි.
ලකුණු 116ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ කණ්ඩායමට අර්ධ අවසන් වටයට පිවිසීමට නම් එම ඉලක්කය පන්දු වාර 12.1 කදී රැස් කළ යුතුව තිබුණි.
කෙසේවුවත් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් බංගලාදේශ පිතිකරුවන්ට එම ඉලක්කයට ළඟා වීමට ඉඩ නොදෙමින් ලකුණු 08 කින් තරගය ජය ගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී නවීන් උල් - හක් ලකුණු 26 කට කඩුලු 04ක් ද, රෂිඩ් ඛාන් ලකුණු 23 කට කඩුලු 04ක් දවා ගනු ලැබිය.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලද ජයග්‍රහණයත් සමග ඔස්ට්‍රේලියානු කණ්ඩායමට අර්ධ අවසන් වටයට පිවිසීමට තිබු අවස්ථාව අහිමි වුණි.
තරගයෙන් පසු මාධ්‍ය හමුවේදී ඇෆ්ගනිස්ථාන නායක රෂිඩ් ඛාන් පවසා සිටියේ ලෝක කුසලාන අර්ධ අවසන් වටයට පිවිසීමට හැකිවීම සතුටට කරුණක් බවත් කණ්ඩායම ලැබූ ජයග්‍රහණය ගැන රටේ ජනතාව සතුටු වෙමින් සිටින බව ය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් බංගලාදේශ පිතිකරුවන්ට ඉලක්කයට ළඟා වීමට ඉඩ නොදෙමින් ලකුණු 08 කින් තරගය ජය ගැනීමට සමත් වියපෙරලියක් කරන කණ්ඩායමක් වෙයිද ?
මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ පෙරලියක් කරනු ඇති බවට විශ්වාස කරන කණ්ඩායමක් ලෙස ඇෆ්ගනිස්ථාන කණ්ඩායම දෙස බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබේ.
දේශපාලනික අර්බුද සහ යුදමය වාතාවරණ මැද ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ගෙන් බහුතරයක් ලොවපුරා පැවැත්වෙන විස්සයි 20 ලීග් ක්‍රිකට් තරගවලට ක්‍රීඩා කරමින් බොහෝ අත්දැකීම් ලබා සිටින ක්‍රීඩක පිරිසකි.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම බොහෝ විට සිය පුහුණුවීම් කටයුතු කරනු ලබන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගණවලය.
එවැනි පසුබිමක් යටතේ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද ක්‍රීඩා ලෝලීන් හඳුන්වන්නේ ‘The Giant- Killers’ යන අන්වර්ථ නාමයෙනි. ඒ ඔවුන් මේ වන විට සියලුම ප්‍රබල ක්‍රිකට් කණ්ඩායම් වලට එරෙහිව ජයග්‍රහණ ලබා ඇති නිසාවෙනි.

සුපිරි 08 දෙනාගේ වටයේ දී ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවති තරගයේදී ඓතිහාසික ජයක් ලැබීමට පෙරළිකාර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වියපළමු වටයේ දී දැක්වූ දස්කම්
මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ C කාණ්ඩය යටතේ තරග වැදුණු ඇෆ්ගනිස්ථාන කණ්ඩායම උගන්ඩාව සහ පැපුවා නිව් ගිනියාවට එරෙහිව පහසු ජයග්‍රහණ වාර්තා කළේය.
කෙසේ වුවත් මෙවර තරගාවලියේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම දෙස සැමදෙනාගේ අවධානය යොමු වුයේ නවසිලන්ත කණ්ඩායමට එරෙහිව ලැබූ දැවැන්ත ජයග්‍රහණය හේතුවෙනි.
නවසීලන්තය සමග පැවති තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය පන්දු වාර 20 තුලදී කඩුලු 06ක් දැවී ලකුණු 159ක් රැස්කරනු ලැබීය.
ලකුණු 160ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි නවසිලන්ත කණ්ඩායම ලකුණු 75 කට සීමා කිරීමට ඇෆ්ගනිස්ථානයේ ෆසල්හක් ෆාරුකී ප්‍රමුඛ පන්දු යවන්නෝ සමත් වූහ.
පළමු වටයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලකුණු 104කින් පරාජයට පත් විය.

ඔස්ට්‍රේලියාවට අමතක නොවන පාඩමක්
මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගයේදී ඉන්දිය කණ්ඩායම හමුවේ ලකුණු 47 කින් පරාජයට පත් විය.
කෙසේ වුවත් සුපිරි 08 දෙනාගේ වටයේ දී ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවති තරගයේදී ඓතිහාසික ජයක් ලැබීමට පෙරළිකාර ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 21ක ජයක් ලැබීමට සමත්වූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම අසීරු අඩියකට ඇද දැමීමට සමත් විය.
ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේ දී තරගයේ වීරයා සම්මානය හිමි කර ගත් ඇෆ්ගනිස්ථාන වේග පන්දු ක්‍රීඩක ගුලාබ්දින් නායිබ් පැවසුවේ මෙම ජයග්‍රහණය ගැන තමන් දෙවියන්ට ස්තුතිවන්ත බවයි.
‘පසුගිය වසර 10 තුලදී කණ්ඩායමක් වශයෙන් බොහෝ ජයග්‍රහණ ලබා ගත්තා. නමුත් ප්‍රබල කණ්ඩායමක් වන ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ලබපු ජයග්‍රහණය සුවිශේෂී එකක්. මම ඒ ගැන දෙවියන්ට ස්තුති වන්ත වනවා.’ ගුලාබ්දින් නායිබ් තරගයෙන් පසුව පැවසීය.

මේ අතර ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ නායක රෂිඩ් ඛාන් කියා සිටියේ 2022 වසරේ දී පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී සහ 2023 වසරේ පැවති පන්දු වාර 50 ලෝක කුසලාන තරගාවලියන් වලදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කිරීමට තිබු අවස්ථාවන් මග හැරුණත් මෙවර ලද ජයග්‍රහණය සිය කණ්ඩායමට මෙන්ම රටටත් විශාල ජයග්‍රහණයක් බවයි.
‘ඔස්ට්‍රේලියාව පරාජය කිරීම විශේෂ හැඟීමක්’ රෂිඩ් ඛාන් පැවසීය.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලද ජයග්‍රහණය එරට වැසියන් සමරනු ලැබීය.
නගරවල විදීවලට රැස්වූ ඇෆ්ගන් වැසියන් සිය ජාතික ධජ රැගෙන ජයග්‍රහණය සමරනු ලබන අයුරු දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.
මෙවර ලෝක කුසලානයේ දී ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින්ගේ දස්කම්
මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ දී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් පිතිකරුවා වන්නේ රහමනුල්ලා ගුර්බාස් ය.
ඔහු තරග 07 කදී ලකුණු 281ක් රැස් කරගෙන සිටියි.
එමෙන්ම තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වන්නේ ෆාසල්හක් ෆාරුකිය. ඔහු තරග 07 කදී කඩුලු 16ක් දවා ගෙන සිටියි.
(BBC සිංහල සේවය)
ඔහු තරග 07 කදී ලකුණු 281ක් රැස් කරගෙන සිටියි.
එමෙන්ම තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වන්නේ ෆාසල්හක් ෆාරුකිය. ඔහු තරග 07 කදී කඩුලු 16ක් දවා ගෙන සිටියි.
(BBC සිංහල සේවය)