ක්‍රිකට් තරගාවලියක ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා සිටිනවා.
හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ආරම්භක පිතිකරු ජෝ බර්න්ස්ගේ (Joe burns) නායකත්වයෙන් යුත් ඉතාලි කණ්ඩායම මෙසේ සුදුසුකම් ලැබුවේ ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත 2026 T20 ලෝක කුසලාන තරගාවලියට.
මේ තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීම සඳහා කණ්ඩායම් පහකගේ සහභාගිත්වයෙන් පැවති යුරෝපීය කලාපීය අවසාන තරග වටයේදී ඉතාලිය ඔවුන්ගේ අවසාන තරගය කඩුලු නවයකින් නෙදර්ලන්තය ට පරාජය වූවත් ලකුණු ලබා ගැනීමේ ශුද්ධ වේගයේ සුපිරි තත්ත්වය මත ඉතාලිය ට ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට හැකිවුනා.
යුරෝපයෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය නෙදර්ලන්තය අපරාජිතව ලකුණු අටක් ලබා ගනිමින් අවසන් කරද්දී ඉතාලිය හා බ්‍රිතාන්‍ය දූපතක් වන ජර්සි යන කණ්ඩායම් දෙක ම සිටියේ ලකුණු පහක සම තත්ත්වයේ. එහෙත් ඉතාලියේ +0.612 සුපිරි ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය විසින් ජර්සි කණ්ඩායමේ (+0.306) බලාපොරොත්තු සුන්කළා.
ඉතාලිය ඉදිරියට ගෙන යන බලවේගය වී තිබෙන්නේ සිය මව ඉතාලි ජාතිකයෙකු වීම නිසා ඉතාලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා සිටින හිටපු ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ජෝ බර්න්ස්. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 23කට ක්‍රීඩා කර ඇති බර්න්ස් ඔහුගේ නම ඉදිරියේ ටෙස්ට් ශතක හතරක් සටහන් කර තිබෙනවා. ඉතාලි ක්‍රිකට් කණ්ඩායමේ සිටින අනෙක් කැපී පෙනෙන ක්‍රීඩකයා වන්නේ හිටපු කෙන්ට් ප්‍රාන්ත ක්‍රීඩක ග්‍රාන්ට් ස්ටුවර්ට්. ඔහු එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ක්ෂේත්‍රයේ තරග 50කට වැඩියෙන් ක්‍රීඩා කර තිබෙනවා.
| Joe burns
තවත් විශේෂත්වයක් වන්නේ පසුගිය මාසයේදී ඉන්දියා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැති නිල නොවන සිවුදින ටෙස්ට් තරගයේදී එංගලන්ත ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 71ක් ලබා ගත් එමිලියෝ ගේ ක්‍රීඩකයා ද ඉතාලිය නියෝජනය කරමින් සිටීම.
ජගත් ක්‍රිකට් කවුන්සලයේ තරගාවලියන් හි නිත්‍ය කණ්ඩායමක් වන ස්කොට්ලන්තය ට එරෙහිව ඉතාලිය වාර්තා කළ පෙරලිකාර ජයග්‍රහණයේදී විශාල කාර්යභාරයක් ඉටුකළ එමිලියෝ ඉතාලියේ ලකුණු 12ක ඒ ජයග්‍රහණයේදී ලකුණු 50ක් වාර්තා කළා.
ඉන්දියානු සම්භවයක් තිබෙන මඳ වේග පන්දු යවන්නෙකු වන ජස්ප්‍රීට් සිං ද ඉතාලි සංචිතයේ සිටින අතර ඔහු දැනටමත් ජාත්‍යන්තර T20 තරග 23කට ක්‍රීඩා කර තිබෙනවා.
පසුගිය T20 ලෝක කුසලාන තරගාවලියන් හතර ට ම ක්‍රීඩා කළ ස්කොට්ලන්තය ලබන වසරේ තරගාවලියෙන් ඉවතට විසිව තිබෙන්නේ ජර්සි පිල සමග පැවති තරගයේ අවසන් පන්දුවේදී පරාජය ලබමින්. කෙසේ වෙතත්, එක් කඩුල්ලක සියුම් ජයග්‍රහණයක් ජර්සි කණ්ඩායම ලබා ගත්ත ද, නෙදර්ලන්තය විසින් ඉතාලිය පැරදවීමෙන් පසුව ජර්සි පිල ද තරගාවලියෙන් ඉවතට ගියා.

2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා මේ වන විට කණ්ඩායම් 15ක් සුදුසුකම් ලබා සිටිනවා. නැගෙනහිර-ආසියා පැසිෆික් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියෙන් තවත් කණ්ඩායම් 3ක් තරගාවලියට ඇතුළත් වන අතර තවත් කණ්ඩායම් 2ක් අප්‍රිකානු කලාපයෙන් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට නියමිතයි.
ඉතාලිය ලෝක ක්‍රිකට් වේදිකාවට ඔවුන්ගේ ප්‍රවේශය සමරද්දී ඔවුන්ගේ ජාතික පාපන්දු කණ්ඩායමේ අනාගතය තවමත් තිබෙන්නේ අවිනිශ්චිත තත්ත්වයක. පසුගිය වසර 2018 හා 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියන් දෙක ට ම සුදුසුකම් ලබා ගැනීමට අසමත් වූ ඉතාලි කණ්ඩායම අමෙරිකාවේ පැවැත්වෙන 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඔවුන්ගේ ස්ථානය තවමත් ස්ථිර කරගෙන නැහැ.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
සබැඳි පුවතක් :



