The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
ක්‍රීඩා

ශතකයක් ලැබූ පළමු කඩුලු රකින නායකයා: ෂායි හෝප්ගෙන් T20 වාර්තාවක්

T

The Leader Desk

August 2, 2025 • 9:45 AM

ශතකයක් ලැබූ පළමු කඩුලු රකින නායකයා: ෂායි හෝප්ගෙන් T20 වාර්තාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බටහිර ඉන්දීය‌ කොදෙව් ක්‍රිකට් නායක ෂායි හෝප් (Shai Hope) ඉතිහාස පොතේ ඔහුගේ නම සටහන් කර තිබෙනවා. ඒ, ජාත්‍යන්තර විස්සයි 20 (T20) තරගයක ශතකයක් වාර්තා කළ පළමු කඩුලු රකින නායකයා බවට පත්වෙමින්. ඔහු මේ ලෝක වාර්තාව පිහිටුවූයේ ඔස්ට්‍රේලියාව ට එරෙහිව පැවති තරගයේ.
  • හෝප් විසින් බිඳ දමනු ලැබුවේ නෙදර්ලන්තයේ පිතිකරු ස්කොට් එඩ්වර්ඩ්ස් පසුගිය වසරේ ඕමානය ට එරෙහිව පිහිටුවා තිබූ ලකුණු 99 වාර්තාව.
  • ෂායි හෝප් ලෝක වාර්තාවක් බිහි කළ ද, ජූලි 25 වැනිදා සාන්ත කිට්ස් හි පැවති තෙවැනි ජාත්‍යන්තර විස්සයි20 තරගයෙන් කොදෙව්වන් කඩුලු හයකින් පැරදුනා.
  • මෙහිදී හෝප් පන්දු 57කින් ලකුණු 102ක් වාර්තා කළේ 178.95ක ආක්‍රමණික වේගයන් සටහන් කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):


විස්සයි20 තරගයකදී කණ්ඩායමකට නායකත්වය දෙන අතරතුර ජගත් ක්‍රිකට් කවුන්සලයේ පූර්ණ සාමාජික හෝ අනුබද්ධිත රටක කිසිම කඩුලු රකින්නෙක් මීට පෙර ශතකයක් ලබා ගෙන නැහැ. හෝප් විසින් බිඳ දමනු ලැබුවේ නෙදර්ලන්තයේ පිතිකරු ස්කොට් එඩ්වර්ඩ්ස් පසුගිය වසරේ ඕමානය ට එරෙහිව පිහිටුවා තිබූ ලකුණු 99 වාර්තාව.

ෂායි හෝප් ලෝක වාර්තාවක් බිහි කළ ද, ජූලි 25 වැනිදා සාන්ත කිට්ස් හි පැවති තෙවැනි ජාත්‍යන්තර විස්සයි20 තරගයෙන් කොදෙව්වන් කඩුලු හයකින් පැරදුනා. මෙහිදී හෝප් පන්දු 57කින් ලකුණු 102ක් වාර්තා කළේ 178.95ක ආක්‍රමණික වේගයන් සටහන් කරමින්. මේ කඩුලු රකින පිතිකරුවා පන්දු 36කින් ලකුණු 62ක් රැස්කළ බ්‍රැන්ඩන් කිං සමග ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 125ක සබඳතාවක් ද ගොඩනැගුවා. කෙසේ වෙතත් ඒ දර්ශනීය ඉනිම අවසන් වුනේ තරගයේ පරාජයකින්.

rf9qcoeg shai hope afp 625x300 29 July 25ෂායි හෝප්

හෝප් ද්විපාර්ශ්වික ජාත්‍යන්තර විස්සයි 20 තරගමාලාවක කඩුලු රකින්නෙකු විසින් ලබා ගත් වැඩිම ලකුණු වාර්තාවක් ද පිහිටුවූයේ තෙවසරකට ඉහත නවසිලන්තයේ ටොම් ලේතම් තබා තිබූ වාර්තාවක් මකා දමමින්.



කඩුලු-රකින නායක පිතිකරුවෙක් ඉනිමක ලබා ගත් වැඩිම ලකුණු

102 - බටහිර ඉන්දීය කොදෙව් පිලේ ෂායි හෝප් - ඔස්ට්‍රේලියාව ට එරෙහිව සාන්ත කිට්ස් හිදී (2025)

99 - නෙදර්ලන්තයේ ස්කොට් එඩ්වර්ඩ්ස් - ඔ්මානය ට එරෙහිව අල් අමිරාට් හිදී (2024)

89 - පාකිස්තානයේ සාෆරාස් අහමඩ් - ස්කොට්ලන්තය ට එරෙහිව එඩින්බ්‍රා හිදී (2018)

85 - ලක්සම්බර්ග් පිලේ යූස්ට් මීස් - මෝල්ටා ට එරෙහිව මාසා හිදී (2023)

84 - එංගලන්තයේ ජොස් බට්ලර් - පාකිස්තානය ට එරෙහිව බර්මිංහැම් හිදී (2024)

(සටහන | වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශතකයක් ලැබූ පළමු කඩුලු රකින නායකයා: ෂායි හෝප්ගෙන් T20 වාර්තාවක් | The Leader