The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
ක්‍රීඩා

T20 ලෝක කුසලාන තරගාවලිය: ශ්‍රී ලංකාවේ ඉදිරිය තීරණය කළ බංගලාදේශය

T

The Leader Desk

June 8, 2024 • 3:13 PM

T20 ලෝක කුසලාන තරගාවලිය: ශ්‍රී ලංකාවේ ඉදිරිය තීරණය කළ බංගලාදේශය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන තීරණාත්මක අඩියකට ඇද දමමින්
  • වෙනසක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශ කණ්ඩායම සමග අද (ජුනි 08 වෙනිදා) පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනසක් කර තිබුණි.
  •   පැතුම් ලබා දුන් අනගි ආරම්භය ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ලට ලකුණු 21ක් එක් කිරීමට සමත් විය.
  • ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 10ක් රැස් කරගෙන සිටි කුසල් මෙන්ඩිස් ටස්කින් අහමඩ් ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

අද (ජුනි මස 08 වැනිදා ) පැවති තරගයෙන් කඩුලු දෙකක ජයක් වාර්තා කිරීමට බංගලාදේශ කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර මෙම තරගය පැවැත්වුණේ ඇමෙරිකාවේ, ඩලස්‌ හිදීයි.

කාසියේ වාසිය දිනු බංගලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරන ලදී.


වෙනසක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම

බංගලාදේශ කණ්ඩායම සමග අද (ජුනි 08 වෙනිදා) පැවති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනසක් කර තිබුණි.

ඒ පසුගිය තරග කිහිපයේදී ලකුණු අතර නොසිටි සධීර සමරවික්‍රම වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවීමය.

 

පැතුම් ලබා දුන් අනගි ආරම්භය

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ලට ලකුණු 21ක් එක් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 10ක් රැස් කරගෙන සිටි කුසල් මෙන්ඩිස් ටස්කින් අහමඩ් ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

ඉන් පසුව පිටියට පැමිණි කමිදු මෙන්ඩිස්, සමග එක්වූ පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ඉනිමේ දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 27ක් එක් කිරීමට සමත් විය.

ලකුණු 04ක් රැස් කරගෙන සිටි කමිදු මෙන්ඩිස් මුස්ටෆිසුර් රෙහෙමාන් ගේ පන්දුවක් හමුවේ දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වුයේ පන්දු වාර 5 යි එක් පන්දුවකදී කඩුලු 02ක් දැවී ලකුණු 48ක් ලෙසයි.

කමිදු ගේ දැවී යාමෙන් පසු පිටියට පැමිණි ධනංජය ද සිල්වා සමග එක්වූ පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය හොඳින් රඳවා ගැනීමට සමත් විය.

බංග්ලාදේශ පන්දු යවන්නන්ට හිසරදයක් ගෙන දුන් පැතුම් නිස්සංක පන්දු 28 කදී ලකුණු 47ක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිමේ 9 වන පන්දු වාරයේදී පැතුම් නිස්සංක ගේ කඩුල්ල දවා ගැනීමට මුස්ටෆිසුර් රෙහෙමාන් සමත් විය. ඒ වන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව දිස්වුයේ ලකුණු 70 කට කඩුලු 03ක් ලෙසයි.

පැතුම් ගේ දැවී යාමෙන් පසු පිටියට පැමිණි චරිත් අසලංක, ධනංජය ද සිල්වා සමග ශ්‍රී ලංකා ඉනිමේ සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 30ක සබඳතාවයක් එක් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිම වැනසූ බංගලාදේශ දඟ පන්දු යවන්නා

ශ්‍රී ලංකා කණ්ඩායමේ 15 වන පන්දු වාරය වන විට ලකුණු 100කට කඩුලු 03ක් ලෙස සටහන් ව තිබුණි.

15 වන පන්දු වාරය යැවීමට පැමිණි රිෂාඩ් හුසේන් ශ්‍රී ලංකා ඉනිම වැනසුවේ පිට පිට පන්දු දෙකකදී ලකුණු 19ක් ලබාගෙන සිටි චරිත් අසලංක ද, ලකුණු ලබා ගැනීමට පෙර වනිදු හසරංග ද දවා ගනිමින්ය.

ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුවට තවත් ලකුණු 9ක් එක් වීමෙන් පසු 06 වන කඩුල්ල ලෙස ලකුණු 21ක් රැස් කරගෙන සිටි ධනංජය ද සිල්වා ගේ කඩුල්ල දවා ගැනීමට රිෂාඩ් හුසේන් සමත් විය. ඒ තරගයේ 17 වන පන්දු වාරයේදී.

ඉන් පසුව පිටියට පැමිණි දසුන් ශානක ලකුණු 03 කටත්, මහීෂ් තීක්ෂණ ලකුණු නොලබා දවා ගැනීමටත් බංගලාදේශ පන්දු යවන්නන් සමත් වුණි.

ඇන්ජලෝ මැතිව්ස් පන්දු 19 කදී ලකුණු 16ක් රැස් කළ අතර, ශ්‍රී ලංකාව තම පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 09ක් දැවී ලකුණු 124ක් රැස් කිරීමට සමත් විය.


බංගලාදේශයට ජය ගෙනා ලිටන් සහ හිර්ඩ්‍රෝයි


bAN VS sl 2තව්හිද් හිඩ්‍රෝයි වනිදු හසරංග ගේ පන්දු තුනකට පිට පිට හයේ පහරවල් 03ක් එල්ල කිරීමට සමත් වීම විශේෂත්වයකි

 

ලකුණු 125ක ඉලක්කයක් හඹා යාමට පැමිණි බංගලාදේශ පිතිකරුවන් ගේ ආරම්භක පිතිකරු සෞම්‍ය සර්කාර් ගේ කඩුල්ල පළමු පන්දු වාරයේදීම දවා ගැනීමට ධනංජය ද සිල්වා සමත් විය.

බංගලාදේශ කණ්ඩායමේ දෙවන කඩුල්ල ලෙස ලකුණු 03ක් රැස් කරගෙන සිටි ටන්සීඩ් හසන් දවා ගැනීමට නුවන් තුෂාර සිය පළමු පන්දු වාරයේදීම සමත් විය.

ඒ වන විට බංගලාදේශ ඉනිමේ ලකුණු පුවරුව දිස්වුයේ කඩුලු දෙකක් දැවී ලකුණු 06ක් ලෙසයි.

ටන්සීඩ් ගේ කඩුල්ල දැවී යාමෙන් පසු පිටියට පැමිණි නජ්මුල් හුසේන් සැන්ටෝ සහ ලිටන් දාස් සමග බංගලාදේශ ඉනිමේ තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 22ක සබඳතාවයක් එක් කිරීමට සමත් විය.

බංගලාදේශ ඉනිමේ 07 වන පන්දු වාරය යවමින් ලකුණු 07ක් රැස් කරගෙන සිටි නජ්මුල් හුසේන් සැන්ටෝ ගේ කඩුල්ල දවා ගැනීමට නුවන් තුෂාර සමත් වන ලදී.

ඒ වන විට බංගලාදේශ ඉනිමේ ලකුණු පුවරුව දිස්වුයේ ලකුණු 28 කට කඩුලු 03ක් ලෙසයි.

සැන්ටෝ ගේ දැවි යෑමෙන් පසු පිටියට පැමිණි තව්හිද් හිඩ්‍රෝයි ලිටන් දාස් සමග එක්වෙමින් බංගලාදේශ ඉනිමේ 04 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක් එක් කිරීමට සමත් වුණි.

තව්හිද් හිඩ්‍රෝයි වනිදු හසරංග ගේ පන්දු තුනකට පිට පිට හයේ පහරවල් 03ක් එල්ල කිරීමට සමත් වීම විශේෂත්වයකි.

පන්දු 20 කදී ලකුණු 40ක් රැස් කරගෙන සිටි තව්හිද් හිර්ඩ්‍රෝයි ගේ කඩුල්ල දවා ගැනීමට වනිදු හසරංග සමත් විය.

bAN VS sl 1
ඉන් පසුව නැවතත් ක්‍රියාත්මක වූ වනිදු හසරංග ලකුණු 36ක් රැස් කර ගෙන සිටි ලිටන් දාස් ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණි. ඒ වන විට බංගලාදේශ ඉනිමේ ලකුණු පුවරුව දිස්වුයේ ලකුණු 99 කට කඩුලු 05ක් ලෙසයි.

බංගලාදේශ ඉනිමේ 17 වන පන්දු වන පන්දු ඕවරය ක්‍රියාත්මක කළ මතීෂ පතිරණ විසින් ලකුණු 09ක් රැස් කරගෙන සිටි ෂකිබ් අල් හසන් ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය.

බංගලාදේශ ඉනිමේ 18 වන පන්දු වාරය යවමින් නුවන් තුෂාර රිෂාඩ් හුසේන් සහ ටස්කින් අහමඩ් ගේ කඩුලු දෙක පිට පිට පන්දු දෙකකදී දවා ගැනීමට සමත් වුණි.

කෙසේ වුවත් බංගලාදේශ කණ්ඩායම සිය ඉනිමේ 19 වන පන්දු වාරයේ දී කඩුලු 08ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී නුවන් තුෂාර ලකුණු 18 කට කඩුලු 04ක් දවා ගැනීමට සමත් වුණි.

(BBC සිංහල සේවය)
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...