The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
ක්‍රීඩා

T20 ලෝක කුසලාන තරගාවලිය : දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාව අසරණ වෙයි

T

The Leader Desk

June 4, 2024 • 4:11 AM

T20 ලෝක කුසලාන තරගාවලිය : දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාව අසරණ වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 06 කින් ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම
  • ශ්‍රී ලංකා පිතිකරුවන් සිය පිති පහරවල් නිසි ලෙස තෝරා ගෙන කටයුතු නොකිරීම හේතුවෙන් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ අසරණ වන ආකාරය ඉනිමේ පළමු පන්දු වාරයේ සිටම දක්නට ලැබුණි.
  • ඉනිම ආරම්භ කරමින් පිටියට පැමිණි ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් පන්දු වාර 03 කදී ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 13ක් එක් කිරීමට සමත් විය.
  • තම පළමු ලෝක කුසලාන තරගයට ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ඔට්නේල් බාර්ට්මන් ඔහු යැවු පළමු පන්දුවෙන් ලකුණු 03ක් ලබා ගෙන සිටි පැතුම් නිස්සංක ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊයේ (ජුනි මස 3 වැනිදා) සමත් විය.

තරගය පැවැත්වුනේ ඇමෙරිකාවේ, නිව්යෝර්ක් හි නාසාව් කවුන්ටි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දිය.


කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදී.


apricaශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 06 කින් ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම (ජුනි මස 3 වැනිදා) සමත් විය.


ශ්‍රී ලංකා පිතිකරුවන්ට මොකද වුණේ ?


ශ්‍රී ලංකා පිතිකරුවන් සිය පිති පහරවල් නිසි ලෙස තෝරා ගෙන කටයුතු නොකිරීම හේතුවෙන් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ අසරණ වන ආකාරය ඉනිමේ පළමු පන්දු වාරයේ සිටම දක්නට ලැබුණි.

ඉනිම ආරම්භ කරමින් පිටියට පැමිණි ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් පන්දු වාර 03 කදී ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 13ක් එක් කිරීමට සමත් විය.

තම පළමු ලෝක කුසලාන තරගයට ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ඔට්නේල් බාර්ට්මන් ඔහු යැවු පළමු පන්දුවෙන් ලකුණු 03ක් ලබා ගෙන සිටි පැතුම් නිස්සංක ගේ කඩුල්ල දවා ගැනීමට සමත් විය.


දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා ඉනිමේ පළමු පන්දු වාර 06 තුළදී පිතිකරුවන්ට රැස් කර ගැනීමට හැකිවුයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 24ක් පමණි.

කුසල් මෙන්ඩිස් සහ කමිදු මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිමේ දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 18ක සබඳතාවයක් එක් කිරීමට සමත් විය.
කෙසේ වුවත් ශ්‍රී ලංකා ඉනිමේ 8 වැනි පන්දු වාරයේදී ලකුණු 11ක් රැස් කරගෙන සිටි කමිදු මෙන්ඩිස් දැවී ගියේය. ඒ වන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව දිස් වුයේ ලකුණු 31 කට කඩුලු දෙකක් ලෙසය.

ඉන් පසුව පිටියට පැමිණි නායක වනිදු හසරංග සහ සධීර සමරවික්‍රම කේෂව් මහරාජ් ගේ පන්දු යැවීම හමුවේ ලකුණු නොලබා දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිම පන්දු වාර 8 යි පන්දු 3 කදී ලකුණු 32 කට කඩුලු 04ක් ලෙස සනිටුහන් කරමිනි.

නායක වනිදු හසරංග සහ සධීර සමරවික්‍රම කේෂව් මහරාජ් ගේ පන්දු යැවීම හමුවේ ලකුණු නොලබා දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිම පන්දු වාර 8 යි පන්දු 3 කදී ලකුණු 32 කට කඩුලු 04ක් ලෙස සනිටුහන් කරමිනි.


vaniduනායක වනිදු හසරංග සහ සධීර සමරවික්‍රම කේෂව් මහරාජ් ගේ පන්දු යැවීම හමුවේ ලකුණු නොලබා දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිම පන්දු වාර 8 යි පන්දු 3 කදී ලකුණු 32 කට කඩුලු 04ක් ලෙස සටහන්ව තිබියදීය

ශ්‍රී ලංකා ඉනිමේ පස්වන කඩුල්ල ලෙස ලෙස ලකුණු 19ක් රැස් කරගෙන සිටි කුසල් මෙන්ඩිස් දැවි ගිය අතර ඒ වන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව දිස්වුයේ පන්දු වාර 10ක් අවසානයේ දී ලකුණු 40 කට කඩුලු 05ක් ලෙසයි.

පන්දුවාර විස්සයි 20 ඉතිහාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් පන්දු වාර 10කදී රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව මෙය ලෙස වාර්තා පොත් අතරට එක්වුණි.


ශ්‍රී ලංකා ඉනිමේ 12 වන පන්දු වාරයේදී ලකුණු 06ක් රැස් කරගෙන සිටි චරිත් අසලංක දවා ගැනීමට ඇන්රිච් නොකියා සමත් විය.

ඒ වන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව දිස්වුයේ ලකුණු 45 කට කඩුලු 06ක් ලෙසයි.

අසලංක ගේ දැවී යාමෙන් පසු පිටියට එක්වූ ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානක ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 23ක් එක් කිරීමට සමත් විය.

කෙසේ වුවත් ශ්‍රී ලංකා ඉනිමේ 14 වන පන්දු වාරයේදී ලකුණු 09ක් ලබාගෙන සිටි දසුන් ශානක ගේ කඩුල්ල දවා ගැනීමට කගීසෝ රබාඩා සමත් විය.

ශ්‍රී ලංකා ඉනිමේ 08 වන කඩුල්ල ලෙස ලකුණු 16ක් රැස් කරගෙන සිටි ඇන්ජලෝ මැතිව්ස් ඇන්රිච් නොකියා ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

ශ්‍රී ලංකා ඉනිමේ 18 වැනි පන්දු වාරයේදී කගිසෝ රබාඩා ගේ පන්දුවක් හමුවේ මතීෂ පතිරණ ලකුණු නොලබා දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ 09 වන කඩුල්ල ලෙසය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු පිතිකරුවන් පන්දු වාර 19 යි එක් පන්දුවකදී දැවී යන විට ලකුණු පුවරුව, ලකුණු 77 ක් ලෙස දැක්විණි.

විස්සයි 20 තරගයකදී ශ්‍රි ලංකා කණ්ඩායම වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස එය වාර්තා පොත් අතරට එක්විය.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාවේ ඇන්රිච් නොකියා ලකුණු 07 කට කඩුලු 04ක් ද, කේෂව් මහරාජ් සහ කගීසෝ රබාඩා කඩුලු 02ක බැගින් දවා ගන්නා ලදී.


දකුණු අප්‍රිකාවේ ලකුණු හඹා යාම


ලකුණු 78ක ඉලක්කයක් හඹා යාමට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායමට එම ඉලක්කයට ලඟා වීමට හැකි වුයේ ඔවුන්ගේ ඉනිමේ 17 වන පන්දු වාරයේදීය.

අඩු ලකුණු සහිත ඉලක්කයක් හඹා ගියද දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට සිත් සේ ලකුණු රැස් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා නොදෙන ලදී.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් කුවින්ටන් ඩී කොක් ලකුණු 20ක් සහා හෙන්රි ක්ලාසන් නොදැවී ලකුණු 19ක් රැස් කිරීමට සමත් විය.

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු වාර 16 යි පන්දු 2ක් අවසානයේ දී කඩුලු 04ක් පමණක් දැවී සිය ඉලක්කය කරා යාමට සමත් විය.

වනිදු හසරංග කඩුලු දෙකක් ද, නුවන් තුෂාර සහ දසුන් ශානක විසින් එක් කඩුල්ල බැගින් දවා ගනු ලැබූහ.

(BBC සිංහල සේවය)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...