The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
ක්‍රීඩා

T20 WC: පාකිස්තාන ක්‍රිකට් සභාපතිගේ මැදිහත්වීමෙන් කණ්ඩායමේ හෝටලය වෙනස් කරයි

T

The Leader Desk

June 7, 2024 • 1:37 PM

T20 WC: පාකිස්තාන ක්‍රිකට් සභාපතිගේ මැදිහත්වීමෙන් කණ්ඩායමේ හෝටලය වෙනස් කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෙරිකාවේ පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන කණ්ඩායම් බොහොමයකට මුහුණ දීමට සිදුවන
  • පාකිස්තාන කණ්ඩායමට නවාතැන් ලබා දී ඇති ස්ථානයේ සිට කණ්ඩායමේ තරග හා පුහුණුව පැවැත්වෙන Grand Prairie ක්‍රීඩාංගණය අතර තිබෙන ඉතා වැඩි දුර ප්‍රමාණය පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් සභාපතිවරයා ජගත් ක්‍රිකට් කවුන්සලයට (ICC) පැමිණිලි කර තිබෙනවා.
  • කණ්ඩායමට ලැබී තිබෙන හෝටල පහසුකම් පිළිබඳ සභාපතිවරයා ඔහුගේ අසතුට ප්‍රකාශ කිරීමෙන් පසුව සංවිධායකයින් විසින් පාකිස්තාන කණ්ඩායමට වෙනත් හෝටලයක් ලබා දී තිබෙනවා.
  • නිව්යෝක් හි ජූනි 9 සහ ජූනි 11 පැවැත්වීමට නියමිත තරග ඇතුළුව කිසිම T20 ලෝක කුසලාන තරගයක් වෙනුවෙන් තම කණ්ඩායමට වැඩි දුර ප්‍රමාණයක් ගමන් කිරීමට තමා ඉඩ නොදෙන බවට මෝසින් ICCයට අනතුරු අඟවා තිබෙන බව වාර්තා වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

අසීරුතාවක් වන්නේ ඔවුන් නැවතී සිටින හෝටල හා තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ අතර තිබෙන දුර ප්‍රමාණය.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව මේ කාරණය සම්බන්ධයෙන් සැලකිල්ල දැනටමත් යොමු කර තිබෙන අතර පාකිස්තාන කණ්ඩායම නැවතී සිටි ඩලස් නුවර හෝටලය වෙනස් කර තිබෙනවා. 

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට වෙනත් හෝටලයක් ලබා දී තිබෙන්නේ ඔවුන්ගේ රටේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මෝසින් නක්වි (Mohsin Naqvi) මැදිහත් වීමෙන් පසුව. පාකිස්තාන කණ්ඩායමට නවාතැන් ලබා දී ඇති ස්ථානයේ සිට කණ්ඩායමේ තරග හා පුහුණුව පැවැත්වෙන Grand Prairie ක්‍රීඩාංගණය අතර තිබෙන ඉතා වැඩි දුර ප්‍රමාණය පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් සභාපතිවරයා ජගත් ක්‍රිකට් කවුන්සලයට (ICC) පැමිණිලි කර තිබෙනවා. කණ්ඩායමට ලැබී තිබෙන හෝටල පහසුකම් පිළිබඳ සභාපතිවරයා ඔහුගේ අසතුට ප්‍රකාශ කිරීමෙන් පසුව සංවිධායකයින් විසින් පාකිස්තාන කණ්ඩායමට වෙනත් හෝටලයක් ලබා දී තිබෙනවා.

පාකිස්තාන කණ්ඩායම මුලින් නැවතී සිටි හෝටලයේ සිට ක්‍රීඩාංගණයට යාම පිණිස පැය එකහමාරක කාලයක් ගත වන අතර අලුත් හෝටලයේ සිට ක්‍රීඩාංගණයට යාමට ගතවන්නේ මිනිත්තු පහක් පමණ යි.

නිව්යෝක් හි ජූනි 9 සහ ජූනි 11 පැවැත්වීමට නියමිත තරග ඇතුළුව කිසිම T20 ලෝක කුසලාන තරගයක් වෙනුවෙන් තම කණ්ඩායමට වැඩි දුර ප්‍රමාණයක් ගමන් කිරීමට තමා ඉඩ නොදෙන බවට මෝසින් ICCයට අනතුරු අඟවා තිබෙන බව වාර්තා වනවා.

sfasd4324s
පාකිස්තාන කණ්ඩායමේ හෝටලය වෙනස් නොකරන්නේ නම් තමා පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ වියදමෙන් කණ්ඩායම ඔවුන්ට වඩාත් පහසු ස්ථානයකට ගෙන යන බව පාකිස්තාන ක්‍රිකට් ප්‍රධානියා ICCයට පැහැදිලිව කියා තිබෙනවා.

පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම තමාගේ වගකීමක් බවත් කොතරම් මුදලක් වැය වුනත් කණ්ඩායමට හොඳ පහසුකම් ලැබෙන බවට තමා සහතික වන බවත් මෝසින් ICCයට අවධාරණය කර තිබෙනවා.

ඉන්දියා ක්‍රිකට් කණ්ඩායම නිව්යෝක් තරග පැවැත්වෙන Nassau ක්‍රීඩාංගණයට මිනිත්තු 10ක පමණක් දුරින් නැවතී සිටියදී අනෙක් කණ්ඩායම් නතර වී සිටින හෝටල පිහිටා තිබෙන්නේ ක්‍රීඩාංගණයට ඒමට පැයකට වඩා වැඩි කාලයක් ගතවන දුරින් බවට වාර්තා වනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...