The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
ක්‍රීඩා

T20 WC: පාකිස්තානයේ බාබර් අසාම්ගෙන් නායකත්වයේ නව වාර්තා දෙකක්

T

The Leader Desk

June 17, 2024 • 3:44 PM

T20 WC: පාකිස්තානයේ බාබර් අසාම්ගෙන් නායකත්වයේ නව වාර්තා දෙකක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාකිස්තානයේ බාබර් අසාම් 2024 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී නව වාර්තා දෙකක් බිහිකර තිබෙනවා.
  •   T20 ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක නායකයෙකු ලෙස පිතිකරණයේ යෙදෙමින් වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා වීම බාබර් පිහිටුවූ විශිෂ්ට අලුත් වාර්තාව යි.
  • T20 ලෝක කුසලාන තරගාවලියක මූලික වටයෙන් ම ඉවතට විසිවුනු පාකිස්තාන කණ්ඩායමක පළමු නායකයා වීම අනෙක් වාර්තාව යි.
  • බාබර් අසාම් ඉරිදා අයර්ලන්තය ට එරෙහිව පැවති තරගයේදී මේ සුවිශේෂී නව වාර්තාව බිහිකළේ විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ නායකයෙකු ලෙස වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩක ලැයිස්තුවේ ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝනි අභිබවා යමින්.
අකුරු ප්‍රමාණය (Font Size):
ඒ වාර්තා ද්විත්වය ඔහු පිහිටුවා තිබෙන්නේ නායකයෙකු ලෙස ක්‍රීඩා කරමින්.
 
babar
T20 ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක නායකයෙකු ලෙස පිතිකරණයේ යෙදෙමින් වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා වීම බාබර් පිහිටුවූ විශිෂ්ට අලුත් වාර්තාව යි. T20 ලෝක කුසලාන තරගාවලියක මූලික වටයෙන් ම ඉවතට විසිවුනු පාකිස්තාන කණ්ඩායමක පළමු නායකයා වීම අනෙක් වාර්තාව යි.

බාබර් අසාම් ඉරිදා අයර්ලන්තය ට එරෙහිව පැවති තරගයේදී මේ සුවිශේෂී නව වාර්තාව බිහිකළේ විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ නායකයෙකු ලෙස වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩක ලැයිස්තුවේ ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝනි අභිබවා යමින්. මේ තරගයේදී අසාම් නොදැවී ලකුණු 32ක් රැස් කළා.

පෙරමුණේ සිට ඉන්දියාව හා පාකිස්තාන කණ්ඩායම් දෙක මෙහෙයවමින් මේ නායකයන් දෙදෙනා පීඩනය යටතේ අපූර්ව දක්ෂතාවක් හා සන්සුන් බවක් ප්‍රදර්ශනය කරමින් තරගාවලියේ ඉතිහාසයට ඔවුන්ගේ නම් එක් කර තිබෙන්නේ සැලකිය යුතු තරමේ ලකුණු සංඛ්‍යාවක් වාර්තා කරමින්.
fdsxxe3

පාකිස්තානයේ බාබර් අසාම් ඉනිම 17කින් පමණක් ලකුණු 549ක් රැස් කරමින් මේ කීර්තිමත් ලැයිස්තුවේ ඉහළට පිවිස සිටිනවා. ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝනි ඉනිම 29කදී ලකුණු 529ක් රැස් කරමින් දෙවැනි ස්ථානයේ පසුවනවා.  

නායකයෙකු ලෙසින් වැඩිම ලකුණුලාභීන්ගේ ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ සිටින්නේ නවසිලන්ත නායක කේන් විලියම්සන්. ඔහු ඉනිම 19කින් ලකුණු 527ක් ලබා ගෙන සිටිනවා.

ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන ද මේ විශිෂ්ට නායක ලැයිස්තුවට ඇතුළත්ව සිටිනවා. ඒ, ඉනිම 11කින් ලකුණු 360ක් වාර්තා කරමින්.

දකුණු අප්‍රිකාවේ ග්‍රෑම් ස්මිත් ඉනිම 16කින් ලකුණු 352ක් රැස් කර පස්වැනියට ස්ථානගතව සිටිනවා.

පාකිස්තානයට 2024 විස්සයි20 ලෝක කුසලානය යනු අමතක කළ යුතු තරගාවලියක්. ඒ, ඔවුන්ට මූලික වටයෙන් ම ඉවත් වීමට සිදුවූ බැවින්.

ලෝක කුසලාන තරග බිමට ප්‍රථම වතාවට එක්වූ අමෙරිකාව හමුවේ ලැබූ ලජ්ජාශීලී පරාජයෙන් පසුව පාකිස්තානය ඔවුන්ගේ දෙවැනි තරගයේදී පරම ප්‍රතිවාදීන් වන ඉන්දියාව ට පරාජය වුනා.
 
bvbrt
අනතුරුව කැනඩාව ට එරෙහිව වාර්තා කළ කඩුලු 7ක ජයග්‍රහණයත් සමග පාකිස්තානය ඔවුන්ගේ ‘සුපිරි 8’ වටයේ බලාපොරොත්තු ප්‍රාණවත්ව තබා ගෙන සිටියා.

එහෙත්, වර්ෂාව හේතුවෙන් අමෙරිකාව හා අයර්ලන්තය අතර තරගය අහෝසි කිරීමත් සමග පාකිස්තාන අපේක්ෂාවන් සුන්වෙමින් ඔවුන් තරගාවලියෙන් ඉවතට විසිවුනා.

මේ මූලික වටයේ ඉවත් වීමත් සමග බාබර් අසාම් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක පළමු වටයෙන් ඉවතට ගිය පාකිස්තාන කණ්ඩායමක පළමු නායකයා ලෙස ඉතිහාසයට එක්වුනා.

මේ දක්වා, ෂොයිබ් මලික්, යූනුස් ඛාන්, ෂහිඩ් අෆ්රිඩි, මොහමඩ් හෆීස් සහ බාබර් අසාම් පාකිස්තානය ට T20 ලෝක කුසලාන නායකත්වය දී තිබෙනවා.

ෂොයිබ් සහ යූනුස් පිළිවෙලින් 2007 හා 2009 වසරවල පාකිස්තානය අවසාන තරගය කරා ගෙන ගිය අතර යූනුස්ගේ නායකත්වය යටතේ පාකිස්තානය 2009 වසරේදී ලෝක කුසලානය දිනා ගත්තා.

අෆ්රිඩි සහ හෆීස් පාකිස්තානය 2010 හා 2012 වසරවල තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා මෙහෙයවූවා.

බාබර්ගේ නායකත්වය යටතේ පාකිස්තාන කණ්ඩායම 2021 අවසන් පූර්ව වටයට හා 2022 අවසාන තරගයට පිවිසියා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

T20 WC: පාකිස්තානයේ බාබර් අසාම්ගෙන් නායකත්වයේ නව වාර්තා දෙකක් | The Leader