The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
ක්‍රීඩා

ස්ලොවේනියාවේ ටඩෙයි පොගාචාර් ට සිවු වැනි ප්‍රංශ සවාරිය කිරුළ

T

The Leader Desk

July 28, 2025 • 3:04 PM

ස්ලොවේනියාවේ ටඩෙයි පොගාචාර් ට සිවු වැනි ප්‍රංශ සවාරිය කිරුළ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්ලොවේනියාවේ වෘත්තීය පාපැදි ධාවක ටඩෙයි පොගාචාර් (Tadej Pogacar) ප්‍රංශ සවාරිය මහා පාපැදි තරගයේ ඔහුගේ සිවු වැනි ජයග්‍රහණය
  • සති තුනක් තිස්සේ පැවති තරගයේ තියුණු අවසන් අදියරේදී පොගාචාර් පැරිසියේ ෂොන්ස් එලීසේ (Champs-Elysees) නමැති ජනප්‍රිය මාවතේදී ආරක්ෂිතව අවසන් රේඛාව පසුකළේ නොකඩවා දෙවැනි වරටත් කහ ජර්සිය ඔහු ජයග්‍රහණය කළ බව තහවුරු කරමින්.
  • ඔහු තරගයේ අවසන් අදිර පවා ජය ගැනීමට උත්සාහ කරමින් තීරණාත්මක ධාවනයකට පිවිසිය ද, අවසානයේ බෙල්ජියමේ Wout van Aert වඩාත් ශක්තිමත් බවක් ප්‍රදර්ශනය කරමින් ඔහුට වඩා ඉදිරියෙන් තරගය නිම කළා.
  • තරගයේ සමස්ත වර්ගීකරණයේදී පොගාචාර් ඔහුගේ විශිෂ්ට ප්‍රතිවාදියා වන ඩෙන්මාර්කයේ යෝනස් විංගගෝ (Jonas Vingegaard) ට මිනිත්තු 4යි තත්පර 24කට කලින් තරගය අවසන් කර තිබුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊයේ (ඉරිදා) හිමිකර ගත්තේ ලෝක පාපැදි තරග බිමේ බිහිවූ එක් ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙස ඔහුට තිබෙන තත්ත්වය තවදුරටත් ස්ථිර කරමින්. මේ ජයග්‍රහණයෙන් පසුව ප්‍රංශ සවාරිය (Tour de France) තරගයේ සමස්ත ජයග්‍රහණ පහේ වාර්තාව සමග සමවීමට පොගාචාර් ට අඩුව තිබෙන්නේ තවත් එක් ජයග්‍රහණයක් පමණයි.

සති තුනක් තිස්සේ පැවති තරගයේ තියුණු අවසන් අදියරේදී පොගාචාර් පැරිසියේ ෂොන්ස් එලීසේ (Champs-Elysees) නමැති ජනප්‍රිය මාවතේදී ආරක්ෂිතව අවසන් රේඛාව පසුකළේ නොකඩවා දෙවැනි වරටත් කහ ජර්සිය ඔහු ජයග්‍රහණය කළ බව තහවුරු කරමින්.

chtfsdf
ඔහු තරගයේ අවසන් අදිර පවා ජය ගැනීමට උත්සාහ කරමින් තීරණාත්මක ධාවනයකට පිවිසිය ද, අවසානයේ බෙල්ජියමේ Wout van Aert වඩාත් ශක්තිමත් බවක් ප්‍රදර්ශනය කරමින් ඔහුට වඩා ඉදිරියෙන් තරගය නිම කළා.

තරගයේ සමස්ත වර්ගීකරණයේදී පොගාචාර් ඔහුගේ විශිෂ්ට ප්‍රතිවාදියා වන ඩෙන්මාර්කයේ යෝනස් විංගගෝ (Jonas Vingegaard) ට මිනිත්තු 4යි තත්පර 24කට කලින් තරගය අවසන් කර තිබුනා. ප්‍රංශ සවාරිය දෙවතාවක් ජයගෙන ඇති විංගගෝ විශේෂයෙන් තෙවැනි සතිය ඇතුළුව තරගය පුරාම පොගාචාර් ට නිරතුරුවම අභියෝග එල්ල කළ ද පොගාචාර්ගෙන් මිදී ඉදිරියට යාමට ඔහුට හැකිවුනේ නැහැ.

ජනප්‍රිය Mont Ventoux කඳු බෑවුමේදී දෙදෙනා අතර මිලිමීටරයක දිවා එළියක් විවර වූ තත්පරය හැරෙන්නට, පොගාචාර් පහසුවෙන්ම විංගගෝ සිදුකළ සෑම ආක්‍රමණයක් සමග ම කරට කර සිටීමට සමත් වුනා.

තරගයේ පළමු සති දෙකේදී හැම බිම් පෙදෙසක ම තමා බලවත් බව ඔප්පු කළ පොගාචාර් අදියර හතරක් ජය ගනිමින් තමාගේ කහ ජර්සියේ ග්‍රහණය තදකර ගත්තා.

1990 වසරේදී අමෙරිකාවේ Greg LeMond ට පසුව ලෝක ශූරයාව සිටියදී ප්‍රංශ සවාරිය ජයග්‍රහණ කළ පළමුවැන්නා බවට පොගාචාර් දැන් පත්ව සිටිනවා.

පොගාචාර්ගේ සිවු වැනි ප්‍රංශ සවාරිය පාපැදි කිරුළෙන් පසුව එදා මෙදා තුර ලැයිස්තුවේ ඔහු ඉදිරියෙන් සිටින්නේ මේ තරගය පස්වතාවක් ජයග්‍රහණය කර ඇති Jacques Anquetil, Eddy Merckx, Bernard Hinault සහ Miguel Indurain පමණයි. ලාන්ස් ආම්ස්ට්‍රෝං (Lance Amstrong) ප්‍රංශ සවාරිය හත් වරක් ජය ගත්ත ද ඔහු තහනම් ශරීර උත්තේජන භාවිතා කළ බවට 2012 වසරේ පිළිගැනීමෙන් පසුව එම ශූරතා ඔහුගෙන් ඉවත් කෙරුනා.

තරගයේ සමස්ත කාල වර්ගීකරණයේදී විංගගෝ හැරුනු විට පොගාචාර්ගේ කාලයට මිනිත්තු 10ක් ඇතුළත වෙනත් කිසිම කෙනෙක් තරගය අවසන් කර තිබුනේ නැහැ.

ජර්මනියේ Florian Lipowitz, පොගාචාර් ට වඩා මිනිත්තු 11ක් පිටුපසින් සිට තෙවැනි ස්ථානයට පත්ව හොඳම යොවුන් පාපැදි ධාවකයාට පිරිනැමෙන සුදු ජර්සිය හිමිකර ගත්තා. මේ අතර, ඉතාලියේ Jonathan Milan තරගයේ හොඳම වේග ධාවකයා විසින් නිතර පළඳිනු ලබන කොළපැහැ ජර්සිය ජය ගත්තා. තරගයේ හොඳම කඳු නගින්නාට හිමි පොල්කා-තිත් සහිත ජර්සිය දිනා ගත්තේ ටඩෙයි පොගාචාර්.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 
 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ස්ලොවේනියාවේ ටඩෙයි පොගාචාර් ට සිවු වැනි ප්‍රංශ සවාරිය කිරුළ | The Leader