The Leader News
BREAKING
Top Ad
පුවත්

හමුදාවේ හිටපු තවත් දෙදෙනකුට USA දොර වැසේ

T

The Leader Desk

December 12, 2021 • 9:36 AM

හමුදාවේ හිටපු තවත් දෙදෙනකුට USA දොර වැසේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීමට සම්බන්ධ වීම හේතු කොට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල හිටපු නිලධාරීන් දෙදෙනකුට එක්සත්
  • “ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ එසේ නම් කෙරෙන පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයෝ එක්සත් ජනපදයට ඇතුළු වීමට නුසුදුස්සෝ වෙති,” යි රාජ්‍ය ලේකම් ඇන්ටනි ජේ බ්ලින්කන් තහනම ප්‍රකාශයට පත් කරමින් දෙසැම්බර් 10 දා නිකුත් කළ නිවේදනයක සඳහන් කරයි.
  • මීට ඉහත යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුලේ පවුලේ සාමාජිකයන්ට ඇමරිකාවට ඇතුල් වීම 2020 පෙබරවාරියේදී තහනම් කරන ලදී.
  •   දරුවන් තුන් දෙනකුද ඇතුළු දෙමළ අට දෙනකු 2000 වසරේ යාපනයේ මිරුසුවිල්හිදී සමූහඝාතනය කිරීම මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක එල්ලුම් ගසට නියමවීමට හේතුවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනපදයට ඇතුළු වීම රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් තහනම් කර තිබේ.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලට සම්බන්ධවූ බවට චෝදනා ලබන ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශ නිලධාරී ලුතිනන් කොමාන්ඩර් චන්දන හෙට්ටිආරච්චි සහ 2000 දී දෙමළ පිරිසක් නඩු නැතිව ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටියදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දුන්  සමාවෙන් නිදහස ලැබූ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ඒ දෙදෙනාය.

බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය කළ බවට නම් කෙරෙන රටවල් හයක දොළොස් දෙනකු අතරට ඒ දෙදෙනාද ඇතුලත් වේ.

“ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ එසේ නම් කෙරෙන පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයෝ එක්සත් ජනපදයට ඇතුළු වීමට නුසුදුස්සෝ වෙති,” යි රාජ්‍ය ලේකම් ඇන්ටනි ජේ බ්ලින්කන් තහනම ප්‍රකාශයට පත් කරමින් දෙසැම්බර් 10 දා නිකුත් කළ නිවේදනයක සඳහන් කරයි.

 

ගෝඨාභය රාජපක්ෂ පාලන සමය තුල ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා නිලධාරීන්ට එක්සත් ජනපදය විසින් ප්‍රසිද්ධියේ සංචාර තහනමක් පැනවූ දෙවැනි අවස්ථාව මෙයයි. මීට ඉහත යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුලේ පවුලේ සාමාජිකයන්ට ඇමරිකාවට ඇතුල් වීම 2020 පෙබරවාරියේදී තහනම් කරන ලදී.

 

දරුවන් තුන් දෙනකුද ඇතුළු දෙමළ අට දෙනකු 2000 වසරේ යාපනයේ මිරුසුවිල්හිදී සමූහඝාතනය කිරීම මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක එල්ලුම් ගසට නියමවීමට හේතුවයි.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දී 2008-2009 කාලයේ 11 දෙනකු පැහැරගෙන ගොස්, රාහසිගත කඳවුරුවල සිරකොට, වධහිංසා පමුණුවා  අතුරුදහන් කළ බවට පවරා ඇති නඩුවක ප්‍රධාන සැකකරු වන්නේ ලුතිනන් කොමාන්ඩර් චන්දන හෙට්ටිආරච්චිය. එම නඩුවේ තවත් විත්තිකරුවකු වූ ශ්‍රී ලංකාවේ ඉහළම නාවික නිලය දරන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට එරෙහි චෝදනා නීතිපති විසින් ඉවත් කරගෙන තිබේ.

 

එක්සත් ජනපද සංචාර තහනම ශ්‍රී ලංකාව තුල ආරක්ෂිතව සිටින ඉහළ හමුදා නිලධාරීන්ද “අවදානම්  අඩියක” සිටින බව‍ට කරන ලද අනතුරු ඇඟවීමක් බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල විශ්වාසයයි.

 

''මෙය පහල මට්ටමේ අපරාධ චූදිතයන්ට එරෙහි හුදු වීසා තහනමක් පමණක් නොව තවමත් බලයේ සිටින බොහෝදෙනකු වන ඔවුන්ගේ අණදෙන නිලධාරීන්ට ඔවුන්ද අතිශය අවදානම් අඩියක ඉන්නා බවට කරන ලද අනතුරු ඇඟවීමකි,'' යි සත්‍යය සහ යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතියේ (ITJP) විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා ජොහැන්නස්බර්ග් නුවරින් නිකුත් කළ නිවේදනයක් මගින් කියා තිබේ.

''මහා පරිමාන මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් වගඋත්තර බැඳීමට යුතුකමක් ඇති අණදෙන නිලධාරීන්ට චෝදනා ඉවත් කිරීමට නිර්දේශ කරනු පිණිස ජනාධිපති කොමිසම් පත් කිරීම සහ ජනාධිපති සමාව දීම මගින් ආරක්ෂාව සැලසෙන්නේ නැත,'' යි ඇය තවදුරටත් පැවසුවාය.


සම්පූර්ණ නිවේදනය පහතින්


පීඩිත පවුල්වලට බලාපොරොත්තුවේ බීජයක්

 




THE  LEADER  TV
 
 
 
බැසිල්ට වඩා රනිල් හොඳයි හෙනහුරා නාමල් ?| "ස" ගේ දැනගැනීම පිණිසයි | 
 
 
 

පුපුරුවාගෙන ආ එවුන් පුපුරුවාගෙන වැනසෙයි ! | මොණරවිලගේ ලියමන

 

 

පවුලේ අවුලක්! | Gossip

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...