වෙම්බ්ලි බොක්සිං වළල්ලේදී අසූ දහසක සෙනඟක් ඉදිරියේ පසුගිය සෙනසුරාදා දර්ශනීය අයුරින් ඩූබ්වා බිම හෙලූ ඌසික් නැවත වතාවක් අවිවාදිත ලෝක හෙවිවේට් බොක්සිං ශූරයා බවට පත්වුනා.

ඌසික් හා පාකර් යන දෙපාර්ශවයටම ඔවුන්ගේ සටන සම්බන්ධයෙන් එකඟත්වයට පිවිසීමට දින 30ක කාලයක් ලබා දී තිබෙනවා.
හිටපු ලෝක ශූරයා වන පාකර්, ලෝක බොක්සිං කවුන්සලයේ (WBC) හිටපු ලෝක ශූර ඩිඅන්ටේ වයිල්ඩ, සහ මාටින් බෙකෝ හා ජිලේ ජං ට එරෙහි ජයග්‍රහණයන් ඇතුළුව ඔහුගේ පසුගිය තරග පහ ම එකදිගට ජය ගෙන සිටිනවා.
පාකර්ගේ මේ සිත්බඳනා සුලු ක්‍රීඩාව ඔහුට වසර හතකට පසුව ඩූබ්වා ට එරෙහිව ලෝක කිරුළක් දිනා ගැනීමේ පළමු අවස්ථාව පසුගිය පෙබරවාරියේදී ගෙන ආවා.
ජෝසෆ් පාකර්
කෙසේ වෙතත්, ඒ තරගයට දින දෙකකට පෙර විෂ බීජ ආසාදනයක් හේතුවෙන් ඩූබ්වා තරගයෙන් ඉවත් වුනා. ඒ වෙනුවට පාකර්, බෙකෝ සමග සටන් කරමින් ඔහුව දෙවැනි වටයේ බිම හෙළා තරගය ජය ගත්තා.
ඩූබාවා ට එරෙහි පාකර්ගේ තරගය නැවත පැවැත්වීමට දිනයක් නියම නොකෙරුනු අතර ඩූබ්වා ඉන්පසුව ඌසික් සමග සටනකට අත්සන් කළා. මේ නිසා තමාගේ ලෝක කිරුළ හිමිකර ගැනීමේ අවස්ථාව එළඹෙන තුරු තවත් කාලයක් බලා සිටීමට පාකර් ට සිදුවුනා.

WBC, WBO, ලෝක බොක්සිං සංගමය (WBA) හා ජාත්‍යන්තර බොක්සිං සම්මේලන (IBF) හෙවිවේට් ශූරයා වන ඌසික්, පසුගිය සෙනසුරාදා ලැබූ ජයග්‍රහණයෙන් පසුව ප්‍රකාශයක් කරමින් පාකර් ට එරෙහිව තමාගේ කිරුළු ආරක්ෂා කිරීමේ තරගයක් පැවැත්වීමට ඉඩ තිබෙන බව කියා සිටියා.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




