BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
LGBTQ

LGBTQ+: ප්‍රයිඩ් ධජයක් ප්‍රදර්ශනය කළ සාප්පු හිමිකාරිනියක් ඝාතනයට

T

The Leader Desk

August 21, 2023 • 9:12 AM

LGBTQ+: ප්‍රයිඩ් ධජයක් ප්‍රදර්ශනය කළ සාප්පු හිමිකාරිනියක් ඝාතනයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමෙරිකානු සාප්පු හිමිකාරිනියක් ඇයගේ සාප්පුවෙන් පිටත 'ප්‍රයිඩ්' ධජයක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු විසින් ඇයට වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.
  • හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන පෝල් වෙග් විසින් කාල්ටන් මහත්මිය "අපූරු මිතුරියක්" ලෙස හඳුන්වා දී ඇති අතර ඔවුන් එක්ව සිට ගනු ලැබූ ඡායාරූපයක් ද ඔහු විසින් පළ කර තිබුණි.
  • චිත්‍රපට අධ්‍යක්ෂ පෝල් වෙග් - ලෝරා ඈන් කාල්ටන් සැකකරු විසින් වින්දිත කාන්තාවට වෙඩි තැබීමට පෙර දේදුනු පැහැ ධජය සම්බන්ධයෙන් "නින්දා සහගත" ප්‍රකාශ සිදු කර ඇති බව පොලිසිය පවසයි.
  • ඇය එම ස්ථානයේදීම මියගොස් සිටි බව ද පොලිසිය ප්‍රකාශ කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):



ලෝරා ඈන් කාල්ටන් නමැති 66 හැවිරිදි අදාළ කාන්තාව වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල සහිතව සිටියදී පසුගිය සිකුරාදා දින සොයා ගනු ලැබුවේ කැලිෆෝනියාවේ සිඩා ග්ලෙන්හි ඇගේ මැග් පී වෙළදසැලේදීයි.

සැකකරු එම ස්ථානයෙන් පලා ගොස් තිබූ අතර ආසන්න ස්ථානයක ආයුධ සන්නද්ධව සිටියදී පොලීසිය විසින් ඔහුව ඝාතනය කර තිබේ.

හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන පෝල් වෙග් විසින් කාල්ටන් මහත්මිය "අපූරු මිතුරියක්" ලෙස හඳුන්වා දී ඇති අතර ඔවුන් එක්ව සිට ගනු ලැබූ ඡායාරූපයක් ද ඔහු විසින් පළ කර තිබුණි.

74539765 12427119 Bridesmaids director Paul Feig left has shared that California a 19 1692585012934චිත්‍රපට අධ්‍යක්ෂ පෝල් වෙග් - ලෝරා ඈන් කාල්ටන්

සැකකරු විසින් වින්දිත කාන්තාවට වෙඩි තැබීමට පෙර දේදුනු පැහැ ධජය සම්බන්ධයෙන් "නින්දා සහගත" ප්‍රකාශ සිදු කර ඇති බව පොලිසිය පවසයි. ඇය එම ස්ථානයේදීම මියගොස් සිටි බව ද පොලිසිය ප්‍රකාශ කර තිබේ.

සිද්ධියෙන් අනතුරුව ගිනි අවියකින් සන්නද්ධ වී සිටි සැකකරුව පොලිස් නිලධාරීන් විසින් සොයා ගැනුණු බව සැන් බර්නාඩිනෝ ප්‍රදේශයේ ෂෙරිෆ් පවසා තිබේ.

මෙම අවස්ථාවේදී, "මාරාන්තික ගැටුමක් ඇති වූ බවත් එහිදී සැකකරු මිය ගිය බවත්" ප්‍රකාශ වී ඇත.

Lauri 1692588977624 1692588979477.jpg

පෝල් වෙග් - බ්‍රයිඩ්ස්මේඩ්ස් වැනි චිත්‍රපට මෙන්ම ෆ්රේක්ස් සහ ගීක්ස් වැනි රූපවාහිනී කතාංග සඳහා ද ප්‍රසිද්ධියට පත්ව සිටියි. ඔහු පැවසුවේ ධජය ඉරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු සමග ඇතිවූ ගැටුමෙන් අනතුරුව ඔහු විසින් සිය මිතුරියට වෙඩි තබා ඇති බවයි.

කාල්ටන්ගේ පවුල වෙනුවෙන් සහ ඈ "සැබෑ මිතුරියක වූ" LGBTQ+ ප්‍රජාව වෙනුවෙන් තමන් "කම්පනයට" පත් වූ බව හෙතෙම තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේය.

"මෙම නොඉවසීම් අවසන් වෙන්න ඕනි " ඔහු ලියා ඇත.

Laura Ann Carleton Lauri california memorial lgbtq pride flags candles flowers.jpg

"LGBTQ+ ප්‍රජාවට එරෙහිව ද්වේෂසහගත ප්‍රකාශ සිදු කරන ඕනෑම අයෙකු තමන්ගේ වචන බලවත් විය හැකි බව හා ඒවා අහිංසක ආදරණීය මිනිසුන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය ඇති කළ හැකි බව වටහා ගත යුතුයි."

ලේක් ඇරෝහෙඩ් ප්‍රදේශයේ LGBT ප්‍රජා කණ්ඩායම පැවසුවේ එය තමන්ට "ඉතා ශෝක ජනක දිනයක්" වූ බවයි, "මිතුරියක් සහ ආධාරකාරිනියක " වන ඇය "සැබවින්ම තමන්ට නැති වී ඇති" බව ඔවුහු කියා සිටියහ.

"ඇගේ වෙළඳසැල ඉදිරිපිට LGBTQ+ ප්‍රයිඩ් ධජය ආරක්ෂා කරමින් ඉද්දි එයාව ඝාතනය කළා", එම කණ්ඩායම සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කර ඇත.

"ලෝරී LGBTQ+ අනන්‍යතාවයක් තිබුණ කෙනෙක් නෙවේ, ඒත් එයා ප්‍රජාව නියෝජනය කරන හැමෝටම උදව් උපකාර කරන්න සහ උපදෙස් ලබාදෙන්න ඇගේ කාලය වැය කළා."

39acde 9c2ccec722c1431595d4cab2ee22d47amv2
(BBC සිංහල සේවය)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

LGBTQ+: ප්‍රයිඩ් ධජයක් ප්‍රදර්ශනය කළ සාප්පු හිමිකාරිනියක් ඝාතනයට | The Leader