The Leader News
BREAKING
ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆෝල්ට්ස් කොටස් ගනුදෙනු අත්හිටුවීමේ දැඩි අවදානමක●සුමුදු ගුරුගේ වෙතින් නවතම යෝජනාවක් සහ ආරාධනයක්●ලොව වෙබ් අඩවිවලින් 70%ක් දැඩි අවදානමක: AI අනාවරණය කළ බරපතළ දෝෂය●නව ත්‍රස්ත පනතට එරෙහිව නීතිඥ සංගමයෙන් සහ ඇම්නෙස්ටි වෙතින් අනතුරු ඇඟවීමක්●LOLC පාකිස්තාන ජයග්‍රහණය: ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයට විසඳුමක්ද?●බදු දැල ශක්තිමත් කිරීමේ මෙහෙයුමට ආයතනික අභියෝග මතු වෙයි●හැකර් ප්‍රහාර චෝදනා ශ්‍රීලන්කන් ගුවන් සේවය ඉවත දමයි●මයිලත්තමඩු ගවයින්ට වෙඩි: අධිකරණ නියෝග ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීම්●සුළු දඩේ සිරකරුවන් 1,454ක් මුදාගන්න පරිත්‍යාගශීලීන්ට ඇරයුමක්●දරුවාගේ හඬින් අම්මා රවටන කෘත්‍රිම බුද්ධි උගුල●
Top Ad
කවි ග්‍රැෆික්

මේ රට අයිති කාටද විමලේශ්වරී...

T

The Leader Desk

January 4, 2023 • 11:36 AM

මේ රට අයිති කාටද විමලේශ්වරී...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙට්ටු ඇටගැහුණු, දෙපයට බර හින්දා පොට්ටු මල් මකා, සියතින් මුල් සින්දා කිට්ටු වී බලන්නට හුඟ දුර හන්දා මට්ටුවිල් අහස තව නිදිවද මන්දා වටකුරු නොවන මුතු ඇටයක උල් පැත්ත බිඳ ඔප දමන්නට කරවන මර යුද්ද ගෙල සිඳ දමා තාලිය ගලවා ගත්ත ඉක්බිති හිස-කඳත් විකුණනවා !
  • පවුලේ මව වන ඇය නවරත්නම් විමලේස්වරී නැමති 65 හැවිරිදි කාන්තාවකි.
  • තවත් දෙදෙනෙකු බරපතළ තත්වයෙන් රෝහල්ගත කොට ඇති බවට චාවකච්චේරි පොලීසිය පවසයි.
  • අධික ණය බර හේතුවෙන් මෙසේ සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇත්තේ එකම පවුලේ මව, දියණිය හා දියණියගේ සැමියා ය.
අකුරු ප්‍රමාණය (Font Size):


කෙට්ටු ඇටගැහුණු, දෙපයට බර   හින්දා
පොට්ටු මල් මකා, සියතින් මුල්      සින්දා
කිට්ටු වී බලන්නට හුඟ දුර           හන්දා
මට්ටුවිල් අහස තව නිදිවද           මන්දා

වටකුරු නොවන මුතු ඇටයක උල් පැත්ත
බිඳ ඔප දමන්නට කරවන මර         යුද්ද
ගෙල සිඳ දමා තාලිය ගලවා         ගත්ත
ඉක්බිති හිස-කඳත් විකුණනවා !   නැද්ද

දකුණේ ලවණ සුළඟට මලකඩ     පැතිරී
මලකඩ තියා යකඩත් මෙහෙ නෑ    ඉතිරී
එක'මෙක ප්‍රශ්නයකි ඇස් මත්තේ ඇහැරී
මේ රට අයිති කාටද            විමලේශ්වරී

ණය එක මතට එක නැගුණ ම අහස    කෙලින්
පිපුණට බදු ගහන කොට හිස රැඳි පිච්ච මලින්
වහ කුප්පියෙත් මිල අහසට යන්න          කලින්
මැරුණෙක හොඳ නැද්ද අහපන්    කඳුළුවලින්

 

- ගගන වර්ණකුලසුරිය

 

සටහන :
"ණය පොලී මුදල් ගෙවා ගත නොහැකි වීම හේතුවෙන් යාපනය චාවකච්චෙරි පොලිස් වසමට අයත් මට්ටුවිල් චන්ද්‍රපුරම් ප්‍රදේශයේ පවුලක් ම වසපානය කොට සියදිවි හානිකරගැනීමට ගත් උත්සාහයකදී කාන්තාවක් මිය ගොස් තිබේ. පවුලේ මව වන ඇය නවරත්නම් විමලේස්වරී නැමති 65 හැවිරිදි කාන්තාවකි. තවත් දෙදෙනෙකු බරපතළ තත්වයෙන් රෝහල්ගත කොට ඇති බවට චාවකච්චේරි පොලීසිය පවසයි. අධික ණය බර හේතුවෙන් මෙසේ සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇත්තේ එකම පවුලේ මව, දියණිය හා දියණියගේ සැමියා ය. චාවකච්චේරි පොලීසිය විසින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි."

 


JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...