The Leader News
BREAKING
ලාහෝර් වායු දූෂණය හමුවේ ලංකා-පාකිස්තාන ටෙස්ට් තරග බිම මාරු වෙයි●ඉන්දුනීසියාවේ ඉ-සිගරට් භාවිතයට ආගමික තහනමක්●මාධ්‍යවේදිනී රබියා වෙඩි වැදී මරුට: සැමියාගෙන් පාපෝච්චාරණයක්●AI සමාගම්වලට අපරාධ නඩු පැවරීමට ඔස්ට්‍රේලියාවෙන් ඓතිහාසික පියවරක්●ප්‍රතිකාර ලැබූ ඉම්රාන් ඛාන් යළිත් සිරමැදිරියට: සෞඛ්‍ය අර්බුදය දේශපාලනය යළි දල්වයි●උසාවි නියෝගයෙන් වතු නිවාස කඩයි - බදුල්ලේ මලයහ පවුල් කීපයක් අසරණයි●DIGEnote | අයවැය අතිරික්තය බිලියන 22 දක්වා ඉහළට: ප්‍රාථමික අතිරික්තය ට්‍රිලියන 1.8යි●81 වැනි අය-වැය හෙට සභාගත වෙයි: සහන රැසක් අතළඟ● වරාය නගරයෙන් ඇරඹෙන නව ගුවන් ගමන් පෙරළිය●බ්‍රිතාන්‍ය ආයෝජන දිනාගන්න ලන්ඩනයේදී විශේෂ මෙහෙයුමක්●
Top Ad
කවි ග්‍රැෆික්

යුද්ධය, සාමය සහ මුසාවාද - (ලයනල් බෝපගේ)

T

The Leader Desk

November 12, 2023 • 5:58 AM

යුද්ධය, සාමය සහ මුසාවාද - (ලයනල් බෝපගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපේ හිස් මතින් පුපුරන තුවක්කු, බෝම්බ, යුද ටැංකිවල මරණයේ ඝෝර නාදය අහන්න ජවයක් නැත මොර දෙන්න, සුරැකෙන්න බංකර් වල වසැංගිව සිටියදී සිරුරුද, හදවත්ද පුපුරා යයි!
  • හොඳට හෝ නරක‌ට, උදුරා දමන්න සංග්‍රාම සත්‍යය හා යුක්තියේ අවි දරා ගෙන‍ පතුරුවා හැර.
  • අභිමනින් යුතුව හැර දා යන්නට සියල්ල, සිදු වුවද අපට එපා ඉඩ දෙන්න අපේ උදාරබව ගිල්වා දමන්න!
  • ජීවිතය, ආදරය, නිදහස හා සතුට පිරි අප සියළු පමුදිත ලයාත්මයන් සමඟින අපේම මතු දවස හා අපේක්ෂා නිමවමින් මිණිසත්බව.
අකුරු ප්‍රමාණය (Font Size):


අපේ හිස් මතින් පුපුරන
තුවක්කු, බෝම්බ, යුද ටැංකිවල
මරණයේ ඝෝර නාදය අහන්න
ජවයක් නැත මොර දෙන්න, සුරැකෙන්න
බංකර් වල වසැංගිව සිටියදී
සිරුරුද, හදවත්ද පුපුරා යයි!

මස් ලේ වැගිරවීම සෙල්ලමක්
වරප්‍රසාද ලද පෘථග්ජන දෙවියන්ගේ
සැවොම මැරුවත් වරදකරුවන් නොවෙති ඔවුහු
මුදල හා බලය යන දෙඅතින්ම
ඔවුන් තව තවත් ඉසුරුමත් බලවතුන් කරවමින්
අවසරයි, තවත් බෝම්බ හා තුවක්කු හදන්නට

හැමතැනම හැම විටෙකම මුසාවාද
නොකියූ, නිමවූ හෝ නිහඬ කල සත්‍යය
සිය දහස් ගණන් වන අප සැමට
දැකිය නොහැකිය සත්‍යයේ ආලෝකය
මිණිසත්බව හඬයි, බිහිරි කන් ලක්ෂ ගණනාවකට

වඩා අඳුරු රාත්‍රීන් බවට පත්වන
දහවල අඳුරුයි බංකර තුල
කලහයේ හා යුද්ධයේ රකුසන් හා සටන් වැද
මනස පත් වෙයි සටන් පෙරමුණු බවට
ත්‍රාසයට රජයන්නට ... ඉඩ දී හැර යන්නට
එකලාව මියෙන්නට උරුමව ... සැවොම ඉපදුන බැවින්.

ගත වන හැම දහවල රැයකම
අපට ඔබමොබ ගොස් සටන් වදින්නට
බිඳින්න මුනිවත, දල්වා ලන්න ආලෝකය!
හොඳට හෝ නරක‌ට, උදුරා දමන්න සංග්‍රාම
සත්‍යය හා යුක්තියේ අවි දරා ගෙන‍
පතුරුවා හැර... සැරි සරන්නට ... අභිමනින් යුතුව

හැර දා යන්නට සියල්ල, සිදු වුවද අපට
එපා ඉඩ දෙන්න අපේ උදාරබව ගිල්වා දමන්න!
ජීවිතය, ආදරය, නිදහස හා සතුට පිරි
අප සියළු පමුදිත ලයාත්මයන් සමඟින
අපේම මතු දවස හා අපේක්ෂා නිමවමින්
මිණිසත්බව ... යලි වරක් නැඟිටිය යුතුය!

ආර්ථික අර්බුදය ගැන ආචාර්ය ලයනල් බෝපගේ විග්‍රහයක් - (පළමුවන කොටස)(ආචාර්ය ලයනල් බෝපගේ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)
lionel.bopage@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...