BREAKING
Top Ad
කවි ග්‍රැෆික්

නමක් නැති මිනිසුන්ගේ සුසානය...

T

The Leader

April 18, 2023 • 4:46 AM

නමක් නැති මිනිසුන්ගේ සුසානය...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Cemetery of Nameless Menනමක් නැති මිනිසුන්ගේ සුසානය
  • එයාලගෙ පිස්තෝල පත්තුවුණේ හැම ලබ්බටම පුහුලටම නෙමෙයිලු අයුත්ත අසාදාරණේ දැක්කාම විතරලු ඒක ම තමයිලු එයාලට හෙනේටත් හිටියෙ!
  • මං එහෙම තැනක් දැක්කෙ ඉබාගාතෙ ඔහේ ඇවිදිනා අතරෙ.
අකුරු ප්‍රමාණය (Font Size):



මං එහෙම තැනක් දැක්කෙ
ඉබාගාතෙ ඔහේ ඇවිදිනා අතරෙ.
මං හිටියෙ
‘සැහැසි බටහිර’ කියා කලෙකදි අප-නාම බැඳි
රුදුරු, වනචර, වියරු, රටකැයි හංවඩු ගැහුණු
කාන්තාරබද පළාතක

ඒ කාලෙ ගොපල්ලෝ හිටියලු
ගව-බැටලු-එළු රංචු රැකගෙන
නිස්සාර තණපිටිවල උං කවාගෙන
හොර හතුරු කරදර දරාගෙන

හොඳ හොඳ චණ්ඩිත් හිටියලු
වහසිබස් දෙකොනින් පෙරාගෙන
ඕනැ දේටයි එපා දේටයි
හැම ලබ්බටම
කිනිසි-පිහි-පිස්තෝල ඇදගන

හැබැයි පමණක් වෙඩික්කාරයොත් හිටියලු

අස්සයන් පිට ගමන් යන,
කිනිස්සක්-පිහියක්-පිස්තෝලයක්
ඉනකිං, කඳ කලවකිං ඇදෙන්ඩ කලියෙන්
කෙනෙක් කම්බස් වෙන්ඩ තියල දාන්ඩ සමර්ත

කොහෙන් ආවද?
කොහේ යනවද?
කාගෙ කවුරුද ?
කවුරුවත් නොදන්න

ඔන්න ඔය වගේ අයලු අර සුසානයෙ සැතපෙන්නෙ

නෑ නෑ…!
හැමදේටම කිනිසි-පිහි-පිස්තෝල ඇදගත්තු  බොරු චණ්ඩිවත්,
හරකෙක්-එළුවෙක්-බැටලුවෙක් බලාගෙන පාඩුවේ හිටි ගොපල්ලොවත් නෙවෙයි.
එයාලට තිබුණලු එයාලගෙම  කනතු
සමාදානෙං බැරිනං කැමති සෛයාවකින් සැතපෙන්ඩ
හුඟක් නම්ගම් වගවාසගම් ලියාගත් ගල්යට
ඒවායෙ බර උහුලමින් විඳවන්ඩ

නමක් නැති මිනිසුන්ගේ සුසානෙ සැතපෙන්නෙ
අර වෙඩික්කාරයො!

එයාලගෙ පිස්තෝල පත්තුවුණේ
හැම ලබ්බටම පුහුලටම නෙමෙයිලු
අයුත්ත අසාදාරණේ දැක්කාම විතරලු

ඒක ම තමයිලු එයාලට හෙනේටත් හිටියෙ!

හැබැයි ඒ අයත් මරුමුව වැටුණාලු

නිකම්ම මරුමුව වැටුණත් නෙමෙයි,
කෙලින් මූණට-මූණ එන්නෙ නැතුව
මඟ රැකල,
හැංගිලා ඉඳල,
පිටිපස්සෙන් ගිහිල්ල
ගිනිබිඳපු කුලී මිනීමරුවො අතින් මැරුම්කෑවලු‍

කගේ කවුද, කොහෙන් ආවාද, කොයි දිහාවක යමින් හිටියාද නොදත්
අයුත්තට අසාදාරණේට එරෙහිවුණ නිසා මැරුම්කාපු
ඔවුන් සැතපෙන තැන තමයි
නමක් නැති මිනිසුන්ගේ සුසානය…!

අන්න ඒ තැන තමයි දැක්කෙ මම‍
ඉබාගාතේ යන අතර...
ඒ තමයි හැටි, සැහැසි බටහිර!


-----
* සැහැසි බටහිර – Wild West

-සනත් බාලසූරිය 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...