The Leader News
BREAKING
ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆෝල්ට්ස් කොටස් ගනුදෙනු අත්හිටුවීමේ දැඩි අවදානමක●සුමුදු ගුරුගේ වෙතින් නවතම යෝජනාවක් සහ ආරාධනයක්●ලොව වෙබ් අඩවිවලින් 70%ක් දැඩි අවදානමක: AI අනාවරණය කළ බරපතළ දෝෂය●නව ත්‍රස්ත පනතට එරෙහිව නීතිඥ සංගමයෙන් සහ ඇම්නෙස්ටි වෙතින් අනතුරු ඇඟවීමක්●LOLC පාකිස්තාන ජයග්‍රහණය: ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයට විසඳුමක්ද?●බදු දැල ශක්තිමත් කිරීමේ මෙහෙයුමට ආයතනික අභියෝග මතු වෙයි●හැකර් ප්‍රහාර චෝදනා ශ්‍රීලන්කන් ගුවන් සේවය ඉවත දමයි●මයිලත්තමඩු ගවයින්ට වෙඩි: අධිකරණ නියෝග ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීම්●සුළු දඩේ සිරකරුවන් 1,454ක් මුදාගන්න පරිත්‍යාගශීලීන්ට ඇරයුමක්●දරුවාගේ හඬින් අම්මා රවටන කෘත්‍රිම බුද්ධි උගුල●
Top Ad
කවි ග්‍රැෆික්

'කනත්තේ ඇබෑර්තුව'

T

The Leader Desk

January 28, 2023 • 11:02 AM

'කනත්තේ ඇබෑර්තුව'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙනෙක් තව ඕන යැයි කියලා,,,, බෙදපු පණිවිඩ කොලේ දැකලයි ආවේ හනිකට මෙහෙට දුවලා,,,, රෑට තනියම නිදන්නත් භය ගෑණියෙක් මේ මොකද කියලා,,,, හිනා වෙන්නේ මගේ ගැන ඇයි දන්නවද මක්කාවත් ඔහෙලා.
  • මල් වඩම් සුදු ඇදුම් ඇතිරිලි ඇස් දෙකට මගෙ හොදට පුරුදුයි,,,, වැනි වැනී එන අප්පගේ ළඟ හැමුවේම ෆෝමලින් ගඳකුයි,,,, පෙලක් දාකට උන්දැගේ පොලු පාරවල් නන් ගොඩක් දරුණුයි,,,, #එහෙව්_රෑකට_බුදියෙව්වෙ_අපි #යක්කු_එක්කම_සොහොන්_පිටියෙයි.
  • උදේ නැගිටලා බලනකොට මන් කැත්ත අම්මගේ අතේ තිබුණා,,,, පොලීසිය ගෙට එන්න මත්තෙන් ඈ.....මන් වඩාගෙන වටේ දිව්වා,,,, බාරගන්නට කියා අඬ අඬ හැම එකාටම මාව දුන්නා,,,, #මෝහිණිත්_අපෙ_අම්මා_වාගෙමයි #සත්තමයි_මට_එදා_හිතුණා.
  • තිත්ත තිත්තම කරවිලේටත් මොකක් හරි පොඩි රහක් තිබුණා,, කරිජ්ජෙන් හින්දලා අරගෙන ලුණු උනත් හොද්දකට දැම්මා,, කොහේ හරි සැනසීම ඇති මට දහ අතේ ආදරේ හෙව්වා,, #ඔළුව_අතගා_එවුන්_ඔක්කොම #ටිකෙන්_ටික_මගෙ_පපුව_කෑවා.
අකුරු ප්‍රමාණය (Font Size):
කෙනෙක් තව ඕන යැයි කියලා,,,,
බෙදපු පණිවිඩ කොලේ දැකලයි
ආවේ හනිකට මෙහෙට දුවලා,,,,
රෑට තනියම නිදන්නත් භය
ගෑණියෙක් මේ මොකද කියලා,,,,
හිනා වෙන්නේ මගේ ගැන ඇයි
දන්නවද මක්කාවත් ඔහෙලා...........................

වයස විසි හත පහු වුණා මට
පර්චසේ වට කරන් හදපූ,,,,
ලෑලි ගෙදරක ඉපදුනේ මන්
වත්තෙ සොපියා මගේ මවලූ,,,
වැඩක් නැති දා හොරෙන් පෙරලා
සුදුවැයින් එක දෙකක් විකිණූ,,,,
අප්පගේ නම සෝම සුන්දර
මෝචරියෙ අමු මිනී කපපූ..........................

මල් වඩම් සුදු ඇදුම් ඇතිරිලි
ඇස් දෙකට මගෙ හොදට පුරුදුයි,,,,
වැනි වැනී එන අප්පගේ ළඟ
හැමුවේම ෆෝමලින් ගඳකුයි,,,,
පෙලක් දාකට උන්දැගේ පොලු
පාරවල් නන් ගොඩක් දරුණුයි,,,,
#එහෙව්_රෑකට_බුදියෙව්වෙ_අපි
#යක්කු_එක්කම_සොහොන්_පිටියෙයි.....................

දිනක් මහ රෑ ෆෝමලින් ගඳ
මගේ ගාවම ළඟින් හැමුවා,,,,
අම්මා නොහිටිය පාළු පැදුරේ
රතු පාට ලේ ගඟක් ගැලුවා,,,,
මතක විදියට වයස දහයයි
එදා සර් මන් හුඟක් ඇඬුවා,,,,
#ගිණි_ගහපු_ඒ_ඇස්_දෙකෙන්_මන්
#එදා_රෑ_මහසෝනා_දැක්කා...........................

උදේ නැගිටලා බලනකොට මන්
කැත්ත අම්මගේ අතේ තිබුණා,,,,
පොලීසිය ගෙට එන්න මත්තෙන්
ඈ.....මන් වඩාගෙන වටේ දිව්වා,,,,
බාරගන්නට කියා අඬ අඬ
හැම එකාටම මාව දුන්නා,,,,
#මෝහිණිත්_අපෙ_අම්මා_වාගෙමයි
#සත්තමයි_මට_එදා_හිතුණා..........................

එතැන් හිඳ අවුරුදු පහක් මන්
එක දිගට පරිවාසෙ උන්නා,,,,
අම්මා වැලිකඩ සින්න උනහම
නිවාසෙට මන් භාර කෙරුවා,,,,
පැයට දාහයි ඒකේ හිටිය උන්
හොර හොරාටම මාව වික්කා,,,,
#යක්කු_විතරක්_නෙමෙයි_බුදු_සර්
#දෙවිවරුත්_මගෙ_ඇඟට_වැහුවා........................

තිත්ත තිත්තම කරවිලේටත්
මොකක් හරි පොඩි රහක් තිබුණා,,
කරිජ්ජෙන් හින්දලා අරගෙන
ලුණු උනත් හොද්දකට දැම්මා,,
කොහේ හරි සැනසීම ඇති මට
දහ අතේ ආදරේ හෙව්වා,,
#ඔළුව_අතගා_එවුන්_ඔක්කොම
#ටිකෙන්_ටික_මගෙ_පපුව_කෑවා..........................

මහසෝන් කළු කුමාරයො නෑ
සොහොන් ඇතුලේ සැපට නිදලා,,,,
එවුන් ඔක්කොම මෙහෙන් පැන ගොස්
මිනිස් වෙස් ගෙන බිමට බැහැලා,,,,
භයයි මට දැන් දකිද්දිත් උන්
ඇහැකි නන් තව වරක් හිතලා,,,,
දෙන්න ජොබ් එක,,
#මැරුණු_උන්_නෑ_සර්_මට_නන්_වැරදි_කරලා...........

Writer---shashika sadeep

  JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'කනත්තේ ඇබෑර්තුව' | The Leader