BREAKING
Top Ad
කවි ග්‍රැෆික්

දාමරික අසරුවාගේ මුවට, හුදෙකලා සැඳෑවක තණබිමක සරනකොට උණන කවි

T

The Leader

January 9, 2023 • 1:25 AM

දාමරික අසරුවාගේ මුවට, හුදෙකලා සැඳෑවක තණබිමක සරනකොට උණන කවි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිමක් නැති හුදෙකලා තැනිබිම එකලාව සැරිසරන‍ අසරුවා මම,
  • ඔයවගේ මහ ගොඩක් කතන්දර තිබුණාට මාත් පපුවක් තියෙන මිනිහෙක්, ළද බොළඳ ගෑණුළමයෙකුට පණදෙන්ඩ තරම් ආදරේ හිතේ පුරවං ඉන්න   පුංචි ගෑණුළමයෝ, තාම නම් දන්නෙ නෑ උඹ ඒක…!
  •   මේ වීර – දාමරික කතන්දර යට ඉන්න හුදෙකලා අසරුවාගේ පපුවෙ උතුරන්ඩ ආදරේ තියෙන බව දන්නෙ, මේ අස්සයා විතරක්ම වෙන්ඩ ඇති ‍‍ …!
අකුරු ප්‍රමාණය (Font Size):
රම් බිඳක උණුසුමේ
සසලවා සැඳෑකල සීතල.
 
දුර ඈත බොඳ – නොබොඳ දසුනක් ය,
වනය අද්දර
අඳුරු අහසින් කඩා හැලෙනා කළුවරට යටවෙමින් යන
ඔබ වෙසෙන කුඩා ගම
 
යෝදයෙක් සෙල්ලමට ගුලිකෙරූ
සිඟිති මැටි කැබලිති ගොඩක්
තණබිමේ මුල්ලකට විසිකෙරූ බඳු
ඔබ වෙසෙන කුඩා ගම
 
ලූණු ගෙඩියක් වගේ පල්ලියේ කොත පෙනෙන,
ඒකටම වහංවුණු මුරුග ගති ඇති පොලිස් කූඩුවෙ
ලකුණකුදු දුරට නොපෙනෙන,
ගමම හූරංකන අසමජ්ජාති ගම්පතියා
ජාතියයි ආගමයි යුද්දබටයොයි පෙන්නලා
රවට්ටං හරි, බයකරං හරි ඉන්න
ඔබ වෙසෙන කුඩා ගම
 
තැනින් තැන මතුවන දුම් වලාවකින්
ජීවිතේ සුවඳ මට සිහිකරන‍,
එක දෙකක් බොඳවගිය කණමැදිරි පහන් එළි
ම’හදවත උණුසුමක් දල්වන…
 
...මට එන්ඩ බැරි
ඔබ වෙසෙන කුඩා ගම.‍
 
වීරයෙක් කියා පදබැඳුණාට
දාමරිකයෙක් කියා නීතියෙන් හෙව්වාට
පවුකාරයෙක් කියා පල්ලියෙන් එළවලා දැම්මාට
……...
ඔයවගේ මහ ගොඩක් කතන්දර තිබුණාට
මාත් පපුවක් තියෙන මිනිහෙක්,
ළද බොළඳ ගෑණුළමයෙකුට
පණදෙන්ඩ තරම් ආදරේ හිතේ පුරවං ඉන්න
 
පුංචි ගෑණුළමයෝ,
තාම නම් දන්නෙ නෑ උඹ ඒක…!
 
පාන්පැල රතුරෝස පොකුරකින් සරසලා
අත්තම්ම ඔරසමක් මුමුණනවා ඇති
අම්ම බිම්මල් එක්ක ඔසුපලා මුසුකර
දඩමසක් හරි රහට පිහනවා ඇති‍
අප්පුච්ච බීර ඔඩමක උඩුරැවුල පොඟවනවා ඇති
උඹ තාම
වීරයෙක්දැයි දාමරිකයෙක්දැයි නොදන්නා කෙනෙක් ගැන
හිත හිතා ගෙපිල මත විස්මපත් වෙනවා ඇති‍‍‍…!
 
මේ වීර – දාමරික කතන්දර යට ඉන්න
හුදෙකලා අසරුවාගේ පපුවෙ
උතුරන්ඩ ආදරේ තියෙන බව
දන්නෙ,
මේ අස්සයා විතරක්ම වෙන්ඩ ඇති‍‍…!
 
 
sb- සනත් බාලසුරිය
 
JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...