The Leader News
BREAKING
ලාහෝර් වායු දූෂණය හමුවේ ලංකා-පාකිස්තාන ටෙස්ට් තරග බිම මාරු වෙයි●ඉන්දුනීසියාවේ ඉ-සිගරට් භාවිතයට ආගමික තහනමක්●මාධ්‍යවේදිනී රබියා වෙඩි වැදී මරුට: සැමියාගෙන් පාපෝච්චාරණයක්●AI සමාගම්වලට අපරාධ නඩු පැවරීමට ඔස්ට්‍රේලියාවෙන් ඓතිහාසික පියවරක්●ප්‍රතිකාර ලැබූ ඉම්රාන් ඛාන් යළිත් සිරමැදිරියට: සෞඛ්‍ය අර්බුදය දේශපාලනය යළි දල්වයි●උසාවි නියෝගයෙන් වතු නිවාස කඩයි - බදුල්ලේ මලයහ පවුල් කීපයක් අසරණයි●DIGEnote | අයවැය අතිරික්තය බිලියන 22 දක්වා ඉහළට: ප්‍රාථමික අතිරික්තය ට්‍රිලියන 1.8යි●81 වැනි අය-වැය හෙට සභාගත වෙයි: සහන රැසක් අතළඟ● වරාය නගරයෙන් ඇරඹෙන නව ගුවන් ගමන් පෙරළිය●බ්‍රිතාන්‍ය ආයෝජන දිනාගන්න ලන්ඩනයේදී විශේෂ මෙහෙයුමක්●
Top Ad
කවි ග්‍රැෆික්

එක ම එක ලකුණ

T

The Leader Desk

January 18, 2023 • 8:59 AM

එක ම එක ලකුණ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බෙදනවා එක එක බුදු දහම උත්තර පත්‍ර ලකුණුත් එක්ක ම.
  • ලැබෙනවා ගෙදරින් තෑගි එතකොට.." පසුපස ම පේළියේ හිඳින එක් සිසුවෙක්, අඳෝනා අතරින් පැමිණ හෙමිහිට, අල්ලා සාරි පොටෙන්.
  • හදිසියේ කන වැකෙන සැරෙන් හඬනා හඬකින් හැරී බලනවා ඇය.
අකුරු ප්‍රමාණය (Font Size):

බෙදනවා එක එක

බුදු දහම උත්තර පත්‍ර

ලකුණුත් එක්ක ම...

හදිසියේ කන වැකෙන

සැරෙන් හඬනා හඬකින්

හැරී බලනවා ඇය...

හඬනවා සිසුවෙක්

හිස තබාගෙන මේසයට...

"ඇයි පුතේ ඔය?

තියෙනවා නේද

ලකුණු අනූ නවයක් ම..

ඔයා තමයි හොඳ ම ළමයා..

බුදු දහමට මේ පාර.."

"ඒ වුණත් දුකයි ටීචර් මට..

අඩු වුණු ලකුණ ගැන..

ගත්තා නම් ඒක

සීයක් ම වෙනවා මට..

ලැබෙනවා ගෙදරින්

තෑගි එතකොට.."

පසුපස ම පේළියේ

හිඳින එක් සිසුවෙක්,

අඳෝනා අතරින්

පැමිණ හෙමිහිට,

අල්ලා සාරි පොටෙන්..

සිනාසෙනවා ඇය සමඟ..

මෙතෙක් හිනැහුණු

වත මඩල මත

තබා ඔරවන මූණක්,

බලනවා ඇය

දරුවාගේ සිනා පිරි මුව...

"මොකද ?

ඔයාටත් ඕනෙ ද ලකුණු..?

දන්නෙ නෑ මොකවත් ම..

අඩු ම ලකුණු බුද්ධාගමට...

පන්තියේ හැට දෙනාගෙන්ම..

ඔය ළමයා මොකට

එබෙනවාද මෙතනට..? "

කිසි අඩුවක් නොකර

සිනාවෙහි රැඳුණු මුව මත..

කියනවා දරුවා

බලාගෙන ඈ දෙස..

"ලකුණු නම් එපා මට..

ඒත් දෙන්න බැරි ද මෙයාට

මට තියෙන එක ම එක ලකුණ..

ඔය ලකුණට වඩා වටිනවා මට

යාළුවා හිනාවෙන එක.."

- ග්ලැසියරයක ප්‍රේමය සංග්‍රහයෙන් -

 

nuwan thotawatteනුවන් තොටවත්ත

 




JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...