The Leader News
BREAKING
ඉන්ඩස්ට්‍රියල් ඇස්ෆෝල්ට්ස් කොටස් ගනුදෙනු අත්හිටුවීමේ දැඩි අවදානමක●සුමුදු ගුරුගේ වෙතින් නවතම යෝජනාවක් සහ ආරාධනයක්●ලොව වෙබ් අඩවිවලින් 70%ක් දැඩි අවදානමක: AI අනාවරණය කළ බරපතළ දෝෂය●නව ත්‍රස්ත පනතට එරෙහිව නීතිඥ සංගමයෙන් සහ ඇම්නෙස්ටි වෙතින් අනතුරු ඇඟවීමක්●LOLC පාකිස්තාන ජයග්‍රහණය: ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයට විසඳුමක්ද?●බදු දැල ශක්තිමත් කිරීමේ මෙහෙයුමට ආයතනික අභියෝග මතු වෙයි●හැකර් ප්‍රහාර චෝදනා ශ්‍රීලන්කන් ගුවන් සේවය ඉවත දමයි●මයිලත්තමඩු ගවයින්ට වෙඩි: අධිකරණ නියෝග ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීම්●සුළු දඩේ සිරකරුවන් 1,454ක් මුදාගන්න පරිත්‍යාගශීලීන්ට ඇරයුමක්●දරුවාගේ හඬින් අම්මා රවටන කෘත්‍රිම බුද්ධි උගුල●
Top Ad
කවි ග්‍රැෆික්

මේක මං උපන් ගේ බොලව්...

T

The Leader Desk

January 23, 2023 • 11:00 AM

මේක මං උපන් ගේ බොලව්...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යන එන අතර නිතරම පයින් ගැහුවට විසිර යන්නට වෙහෙසින් තැනූ පස් ගුල පාගලත් ඇති ඉද හිට රබර් සෙරෙප්පු දාගෙන මහ ලොකු දෙයක් යැ ඒක දැනුනෙවත් නෑ කකුලට.
  • මං ගිනිතිබ්බා මුළු ගේම දැන් පුලුවන්නම් ගනින් සින්නක්කරේට ම මේ බිම.
  • ගගන ලක්සර වර්ණකුලසුරිය- 'ඒ සමනලුන් මිය ගියේ මා නමින් නම්?' කවි එකතුවෙන්.
අකුරු ප්‍රමාණය (Font Size):


යන එන අතර නිතරම
පයින් ගැහුවට විසිර යන්නට
වෙහෙසින් තැනූ පස් ගුල
පාගලත් ඇති ඉද හිට
රබර් සෙරෙප්පු දාගෙන
මහ ලොකු දෙයක් යැ ඒක
දැනුනෙවත් නෑ කකුලට..

උන් දැන් ඇවිත් මගෙ ඇඳට
කනවා රෑ එළි වෙනකම්ම
මුන් හදන්නෙ අල්ලගන්ඩ
මගේ මුළු ගෙදරම

"මේක මං උපන් ගේ බොලව්"

මරනවා කියලත් ඉවරයක් නෑ
තැන තැන පේනවා වරින් වර
මං ලිව්වා බිත්තිවල හැමතැනම
"මේ රට මගෙ රට, මා ඉපදුනු රට*"
උනුත් ලියලා තිබ්බා හීනියට
"අපි දන්නවා ගන්න හැටි අයිතිය"

මිත්‍රවරුණි සැලුනාද?
මං ගිනිතිබ්බා මුළු ගේම
දැන් පුලුවන්නම් ගනින්
සින්නක්කරේට ම මේ බිම.

-ගගන ලක්සර වර්ණකුලසුරිය-

'ඒ සමනලුන් මිය ගියේ මා නමින් නම්?' කවි එකතුවෙන්


JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...