The Leader News
BREAKING
Top Ad
Biz

ජන. 05 දා කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේ දී මැණික් පොලක්

T

The Leader Desk

January 3, 2025 • 11:06 AM

ජන. 05 දා කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේ දී මැණික් පොලක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට මැණික් කර්මාන්තයේ නියැලී සිටින මැණික් ගැනුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට හමුවිය හැකි හොදම ස්ථානයක් නිර්මාණය කරමින් මෙමස 05 දා උදෑසන 10.00 සිට සවස 2.00 දක්වා කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේදී මැණික් පොලක් පැවැත්වේ.
  • ඕනෑම මැණික් ගල් වර්ගයක් අලෙවි කිරීමට මෙහිදී ඉඩකඩ හැකියාව සලසා ඇත.
  •   එය රුපියල් 5000 ක ගණුදෙනුවක් හෝ මිලියන ගණනක ගනුදෙනුවක් හෝ ඉතා ආරක්ෂිකාරිව කර ගැනීමට හොද අවස්ථාවකි .
  • මැණික් ව්‍යාපාරයට සම්බන්ධ වීමට කැමති ආධුනික අයෙකුට පවා මෙය ඉතා හොඳ ස්ථානයකි.  රුපියල් 5000ක මැණිකක් වුවද මිලදී ගැනීමට සූදානම්ව පැමිණෙන කුඩා මැණික් පතල්කරුවන්ට සහ අලෙවිකරුවන්ට මෙම පොළෙන් විශාල වාසියක් ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
 
මැණික් ක්ෂේත්‍රයේ කුමන තරාතිරමක සිටින අයකුට වුව කුඩා ප්‍රමාණයෙන් මැණික් ගනුදෙනුකරුවෙකු හෝ විශාල ලෙස මැණික් ගණුදෙනු කරන අයෙකු වුවත්, සෑම කෙනෙකුටම සහභාගි විය හැකි මේ මැණික්පොල සංවිධානය කොට ඇත.


ඕනෑම මැණික් ගල් වර්ගයක් අලෙවි කිරීමට මෙහිදී ඉඩකඩ හැකියාව සලසා ඇත.
 
එය රුපියල් 5000 ක ගණුදෙනුවක් හෝ මිලියන ගණනක ගනුදෙනුවක් හෝ ඉතා ආරක්ෂිකාරිව කර ගැනීමට හොද අවස්ථාවකි .

මැණික් ව්‍යාපාරයට සම්බන්ධ වීමට කැමති ආධුනික අයෙකුට පවා මෙය ඉතා හොඳ ස්ථානයකි. 

රුපියල් 5000ක මැණිකක් වුවද මිලදී ගැනීමට සූදානම්ව පැමිණෙන කුඩා මැණික් පතල්කරුවන්ට සහ අලෙවිකරුවන්ට මෙම පොළෙන් විශාල වාසියක් ඇත. ඔවුන් තවදුරටත් තැරව් කරුවන් පසුපස යාමට අවශ්‍යය නැත.

මැණීක් පොලේදී මැණික් කැමති ආකාරයට විකුණා ගැනීමේ පහසුව සලසා ඇත.

මෙය මැණික් ප්‍රදර්ශනයක් නොව මැණික් ව්‍යාපාරිකයන්ට  මැණික් මිලදී ගැනීමට මැණික් විකිණීමට සුදුසුම ස්ථානයක්  බව සංවිධාක මණ්ඩලය පවසයි.

මැණික් හඳුනාගැනීමේ සේවාව, මැණික් කැපුම් සේවාව, මැණීක් මිලදී ගැනීමට මුල්‍ය ආධාර සේවාව, දවසේ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් සොයා දීමේ සේවාව, පොලිස් අධීක්ෂණය සහිත සුරක්ෂිත වෙළඳ කලාපය සහ ගොඩනැගිල්ල තුළම බැංකු පහසුකම් සහිත පරිසරයක් තුළ මැණික් පොලේ අත්දැකීම් ලබාගත හැක.

(සටහන | ජේ. මුණසිංහ) 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...